Top News

කොටස් වෙළෙඳපොළේ අදත් ප්‍රමාදයක්

කොළඹ ‌කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (17) දිනයේ දී පෙරවරු 11.30 වනතුරුත් ආරම්භ වී නොතිබිණි. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් ‌වෙළෙඳපොළ පවසන්නේ තැරැව්කාර සමාගම් වලට තම සේවාදායක සුරැකුම්පත් ශේෂයන් තහවුරු කර ගැනීම සඳහා වැඩි කාලයක් ලබා දීම සඳහා අද (2021 අගෝස්තු 17) දින විවෘත වෙන්දේසි ඇමතුම් සැසිය පෙ.ව. 11.30 දක්වා දීර්ඝ කළ බවයි. Delivery Versus Payment…

(0)Comments | August 17, 2021 11:45 am

2021 දෙවන කාර්තුවේ ශක්තිමත් වර්ධනය සමඟ කොමර්ෂල් බැංකුව ශේෂ පත‍්‍රයේ තෙවන ටි‍්‍රලියනයේ දර්ශකය වාර්තා කරයි

කොමර්ෂල් බැංකු සමූහය 2021 ජුනි 30 වනදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ප‍්‍රධාන දර්ශකයන්හි කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර දෙවන කාර්තුව තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 01 ක සීමාව පසුකරමින් දේශීය පුද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුවහන් කර ඇත. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම්…

(0)Comments | August 17, 2021 9:39 am

ජෝර්දානයේ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා ඇරඹෙයි

ජෝර්දානයේ සිට, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා  උනන්දුකරවීම, දිරිගැන්වීම, සහ පුනර්ජීවනය කිරීම පිණිස, ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයින් සහ දැනට ශ්‍රී ලංකාව වෙත පියාසර කරන ගුවන් සමාගම්වල නිලධාරීන් සමඟ “ශ්‍රී ලංකා ගමනාන්තය” ප්‍රවර්‍ධනය කිරීම තේමා කර ගනිමින්  අගෝස්තු 2 වැනි දින තානාපති කාර්යාලය චාන්සරියෙහි දී රැස්වීමක් පැවැත්වීය. සත්කාරක රටේ කොවිඩ්-19 පිළිබඳ නියාමනවලට අනුකූලව, සහභාගිවන්නන් 20 දෙනෙකුගේ උපරිමයට යටත්ව…

(0)Comments | August 17, 2021 9:33 am

පිලිපීනය සමග ද්විපාර්ශ්වික වෙළඳාම හා ආයෝජන ශක්තිමත් කීරිමට පියවර

පිලිපීනය සමඟ  ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජනය ශක්තිමත් කිරීම සඳහා , මැනිලා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටියි. මේ අනුව අපේක්‍ෂිත ආයෝජන සඳහා අනුබල දීම පිණිස පිලිපීනයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ-ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයන් ඔවුන්ගේ ශ්‍රී ලාංකික සගයන් සමඟ සම්බන්ධ කර ගැනීම මේ වන විටත් ප්‍රගතියක් ලබා ඇති බව පිලිපීනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සඳහන්  කරයි….

(0)Comments | August 17, 2021 9:31 am

සොෆ්ට්ලොජික් ලයිෆ් වසරේ පළමු භාගයේදී 43%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 9.2ක දළ ලිඛිත වාරික ආදායමක් (GWP) වාර්තා කරයි

බදු පසු ලාභය 73% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 920ක් බවට පත්වෙයි රුපියල් බිලියන 1,454ක බදු පෙර ලාභයක් වාර්තා කරයි රුපියල් මිලියන 247ක ක්‍දඩසා හිමිකම් ගෙවා දමයි රක්ෂණ වෙළෙඳපොලේ තුන්වන විශාලතම සමාගම ලෙස ශ්‍රේණිගත වෙයි වසංගත තත්වය තුළ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය මුහුණ දුන් සුවිසල් අභියෝග මධ්‍යයේ 2021 වසරේ මුල් කාර්තු 2 තුළ අතිසාර්ථක කාර්යසාධනයක් වාර්තා කිරීමට…

(0)Comments | August 17, 2021 8:45 am

EPF ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම අගෝස්තු 20 දක්වා අත්හිටුවයි

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් ශාඛාවන් හි නිලධාරීන් රැසක් කොවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. ඒබැවින් ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලයන් හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු 2021 අගෝස්තු 20 දින තෙක් අත්හිටුවා ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා දන්වා සිටී.

(0)Comments | August 16, 2021 8:44 pm

ඵලදායී සහයෝගීතාවය තුළින් නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන් පෝෂණය කිරීමට පියවර

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ,ගෝලීය පර්යේෂණ හා ප්‍රතිපත්ති උපදේශක ආයතනයක් වන Startup Genome සමඟ එක්ව  “ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායක  වැඩසටහන්  වේගවත් කිරීම” යන මාතෘකාව යටතේ පසුගියදා වෙබ් සම්මන්ත්‍රණයක්  පැවැත්වීය. නව්‍ය ව්‍යවසායකයන් 111 දෙනෙකුගේ සහයෝගය ඇතිව Startup Genome සහ ICTA  විසින් සම්පාදනය කරන ලද ඇගයීම් වාර්තාවේ ප්‍රධාන නිගමනයන්  පිළිබඳව වෙබ් සම්මන්ත්‍රණයේදී   මූලික වශයෙන්…

(0)Comments | August 16, 2021 2:31 pm

කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු ප්‍රමාදය සිදු නොවිය යුත්තක්. වහාම ඒ ගැන සොයා බලනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

කොළඹ ‌‌කොටස් වෙළෙඳපොළ අද (16) දින ගනුදෙනු සඳහා මෙතෙක් විවෘත නොවීම සිදු නොවිය යුත්තක් බවත් ඒ පිළිබඳව වහාම සොයා බලන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද දෙරණ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ අද පෙරවරුවේ ඒක් වූ අවස්ථාවේ දී සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා…

(0)Comments | August 16, 2021 12:19 pm

කොටස් වෙළෙඳපොළේ ප්‍රමාදයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (16) දින පෙරවරු 11.00 ට ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ තාක්ෂණික අපහසුතා හේතුවෙන් ඒක් තැරැව්කාර සමාගමකට ගනුදෙනු පද්ධතිය සමඟ සමබන්ධ වීමට නොහැකි වීම මීට හේතු වී ඇති බවයි. මේ අතර Delivery Versus Payment (DVP) ගනුදෙනු පියවීමේ යාන්ත්‍රණය අද (16) සිට හඳුන්වා දීමට කොළඹ කොටස්…

(0)Comments | August 16, 2021 11:13 am

ටයර් සහ අත්වැසුම් අපනයන ආදායම් ඉහළට

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2021 වසරේ ජූනි මාසයේ දී ඒක්සත් ජනපද ඩොලර් මිලියන 1,007 ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 12.6කින් ඉහළ ගියේය. 2021 වසරේ ජනවාරි සිට ජූනි දක්වා සමස්ත අපනයන ආදායම, 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඒක්සත් ජනපද ඩොලර් මිලියන 4,413 සඒ 2019 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඒක්සත් ජනපද…

(0)Comments | August 16, 2021 10:18 am