ශ්රී ලංකාව තුළ අඛණ්ඩව සිදු කෙරෙන කඩිනම් එන්නත් කිරීමේ ව්යාපාරයට සහයෝගය දක්වමින්, කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් (EPZ) ලිමිටඩ් වෙතින් ඇනවුම් කරන ලද සිරින්ජ මිලියන 2 ක මුල් තොගය ලංකාවට යැවීමසඳහා කෙන්යාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කටයුතු සලසන ලදී. රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම මිලි ලීටර් 0.5 පිරිවිතරයන් සහිත ස්වයංක්රීයව නිෂ්ක්රය…
පසුගියදා සිංගප්පුරුවේදී සහ හොංකොං හි අවසන් වූ HUAWEI CLOUD Spark Founders සමුළුවේදී Huawei විසින් ප්රකාශ කර සිටියේ, ඔවුන් ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්යාපර සංවර්ධනය උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි. Huawei වර්තමානය වන විට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන…
2021 ජූලි මාසය අවසානයේ දී ශ්රී ලංකා මහ බැංකුව සතුව පවතින විදේශ විනිමය සංචිතය ඒක්සත් ජනපද ඩොලර් මිලියන 2,364.6 ක් ලෙසින් වාර්තා වේ. 2021 ජූනි මාසය තුළ දී මෙම වටිනාකම ඩොලර් මිලියන 3,599.2 ක් ලෙසින් වාර්තා විය. 2021 ජූලි 27 දින කල්පිරුණු ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ආපසු ගෙවීම හේතුවෙන් මෙලෙස මෙරට විදෙස් සංචිතය පහළ…
ශ්රී ලංකාවේ සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්යාපෘති සඳහා සහාය දැක්වීමට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC සමූහයෙන් ඩොලර් මිලියන 50 ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10 ක) ණය මුදලක් අනුමත කරගෙන තිබේ. CDC ආයෝජනය මගින් මූල්ය පහසුකම් වඩාත් අවශ්ය දේශීය සුළු හා මධ්යම…
ලංකා විදුලිබල මණ්ඩලය 2021 ජූනි 30න් අවසන් කාර්තුව තුළ දී රු. බිලියන 4.37 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බව ඒහි නවතම මූල්ය වාර්තා පෙන්වා දේ. මීට පෙර කාර්තුව ඒනම්, 2021 ජනවාරි – මාර්තු කාලපරිච්ඡේදය තුළ දී මණ්ඩලය විසින් රු. බිලියන 8.92 ක අලාභයක් ලබා තිබුණු පසුබිමක රාජ්ය ව්යවසායක් ලෙසින් මෙය ලැබූ සුවිශේෂී…
වාර්ෂික ලක්ෂ්යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් පුළුල් විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව, 2021 වසරේ ජූනි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණි. වසරේ මුල් භාගය සලකා බැලීමේ දී අපනයන අංශය හිතකර වර්ධනයක් වාර්තා කළ ද, ආනයන වියදම ඉහළ වේගයකින් වර්ධනය…
” සෞභාග්යයේ දැක්ම ” ප්රතිපත්ති ප්රකාශනය යටතේ ග්රාමීය ගොවි ප්රජාව රටේ ආර්ථික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ක්රියාත්මක කරන අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අපනයන අභිමුඛ කිතුල් නිෂ්පාදන ගම්මාන වැඩසටහන ක්රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් වෙළඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විෂය භාර අමාත්ය අරුන්දික…
ශ්රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි මහජන සම්බන්ධතා හා විමසීම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් කිහිපදෙනෙක් කෝවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් කොළඹ කොටුව, ශ්රීමත් බාරොන් ජයතිලක මාවතෙහි ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ බිම් මහලෙහි පවත්වාගෙන ගිය සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සේවා කවුළුව 2021.08.20 දින දක්වා වසා තැබෙන බව සියලුම සේවායෝජකයන්ට හා සාමාජිකයන්ට ශ්රී ලංකා මහ බැංකුව…
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින සාර්ව ආර්ථික පරිසරයක් මධ්යයේ සිය ඔරෝත්තු දීමේ හැකියාව මැනවින් විදහා දක්වමින් පසුගිය වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී 2021 පළමු කාර්තුව සඳහා 54%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. වත්මන් මූල්ය වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 7.3 ක ආදායමක් සමූහය වාර්තා කළ අතර බදු පසු ලාභය (PAT)…
මනෝජ් උඩුගම්පොල විසිනි ශ්රී ලංකාව සතු විදේශ මුදල් සංචිත ප්රමාණය ඉහළ නැංවීමේ දැඩි අවශ්යතාවයක් පවතින මෙවන් වකවානුවක, මෙරට රබර් අපනයන ක්ෂේත්රයේ තවමත් හරියාකාරව භාවිතා නොකළ විශේෂ අංශ කෙරෙහි නිසි අවධානයක් යොමු කළ යුතුව ඇත. රබර් ක්ෂේත්රයේ විදේශ විනිමය ඉපැයීමේ හැකියාව සැලකිල්ලට ගැනීමේදී 2024 වන විට ක්ෂේත්රය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක අපනයන ආදායමක් ඉපැයීමට…
Video Story