පසුගිය කාලය තුළ දී ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවට පාත්ර වූ සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් දෙවැනි විශාලතම සමාගම බවට අද (18) දින පත් විය. ඒ් අද දිනයේ දී ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක ගනුදෙනු මිල රු. 99.60 ක් වශයෙන් වාර්තා වීමත් සමඟම සමාගමේ වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය රු. බිලියන 194.70 ක් දක්වා ඉහළ යාමත්…
විදේශ විනිමය අර්බුදයෙන් පීඩා විඳින ශ්රී ලංකාවට ආධාර කිරීම සඳහා බංග්ලාදේශය දරන උත්සාහයේ කොටසක් ලෙස Bangladesh Bank විසින් ඒක්සත් ජනපද ඩොලර් මිලියන 50 ක මුදලක් මෙම සතිය තුළ දී ශ්රී ලංකාවට ලබා දීමට නියමිතය. බංග්ලාදේශ මාධ්ය විසින් මේ බව වාර්තා කරමින් පවසන්නේ මෙය බංග්ලාදේශයෙන් ඕනෑම රටකට ණයක් ලබා දෙන පළමු අවස්ථාව බවයි. ඒ සඳහා ගිවිසුම…
දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පාකිස්තාන – ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ වන විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් සහල් මෙට්රික්ටොන් 6,000 ක් ආනයනය කිරීම හා අවශ්ය පියවර ගැනීම පිණිස වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනවාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පුද්ගලික අංශය නායකත්වය දෙන තිරසාර සහ සියල්ලන්ට සෙත සැලසෙන වර්ධනයක් ප්රවර්ධනය කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය සහ ඔස්ට්රේලියාවේ වෙළඳපොළ සංවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි ශ්රී ලංකාවේ වර්ධනය සහ නව ආර්ථික අවස්ථාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා පෞද්ගලික අංශයට සහාය වීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය මෑතකදී ඕස්ට්රේලියාවේ ප්රමුඛතම පෞද්ගලික අංශය සංවර්ධන වැඩසටහන වන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන…
බලපත්රලාභී බැංකු වලට වහාම බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකා රුපියල අවප්රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට පණිවිඩ හුවමාරු වන බව ශ්රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර තිබේ. කෙසේ වෙතත් එවැන්නක් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහෙයුම් විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් මහජනතාව…
අතීතයේ දී මඩුවල කැබලි කරන දර, කරත්ත හරහා නිවෙස් වෙත දර බෙදාහැරීම සුලභ වෙළෙඳාමකි. සාමාන්යයෙන් 80-90 දශකවල ගමක දර මඩුවක් යනු අතිශය සාමාන්ය දසුනකි. ඒකල දර ලිපක් නැති ගෙදරක් ශ්රී ලංකාවේ නොතිබුණු තරම්ය. ඒහෙත් ගෑස් උදුන්, විදුලි උදුන් භාවිතය කරා යොමු වීම වැනි කරුණු හේතු කොට ගෙන දර ලිප් භාවිතයෙන් ජනතාව ඈත් වීම 90 දශකයේ …
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කොටස් හිමිකාරීත්ව ලැයිස්තුවේ 14 වැනියා ලෙසින් මෙරට ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම සඳහන් වේ. 2021 ජූනි 30 න් අවසන් කාර්තුවට අදාළ මූල්ය ප්රතිඵල ප්රකාශයට පත්කිරීමත් සමඟ මේ බව අනාවරණය වී තිබේ. 2021 මාර්තු 31 කාර්තුව අවසානයේ දී නිකුත් වූ මූල්ය ප්රකාශනයට අනුව කොටස්කරුවන්ගේ ලැයිස්තුවෙහි ධම්මික…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි සීඝ්ර වර්ධනයක් අද (17) දිනයේ දී වාර්තා විය. මෙහිදී ඊයේ (16) දිනය හා සැසඳීමේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 197.24 ක හෙවත් 2.48% ක හා S&P SL20 දර්ශකය ඒකක 56.67 ක හෙවත් 1.90% ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක…
ශ්රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීන සංවර්ධන බැංකුව සහ ශ්රී ලංකා රජය, රෙන්මිඹි බිලියන 2 ක (දළ වශයෙන් ශ්රී ලංකා රුපියල් බිලියන 61.5 ක) කාලීන මූල්ය පහසුකම් ගිවිසුමකට ඒළඹි බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී සිටී. ශ්රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයට ප්රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්ය ස්ථාවරභාවය…
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඒක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල අද (17) දිනයේ දී රු. 198.19 ක් හා විකුණුම් මිල රු. 202.89 ක් ලෙසින් වාර්තා වී තිබේ. මහ බැංකුව සඳහන් කරන පරිදි ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 202.89 මට්ටමේ නොවෙනස්ව පවතින්නේ 2021 ජූනි 23 දින සිටය. කෙසේවෙතත් මෙරටට ප්රධාන පෙළේ වාණිජ…
Video Story