Top News

අතුරු අයවැයෙන් කුඩා මෝටර් රථ මිල අඩුවෙද්දී හයිබ්‍රීඩ් මිල ඉහළට

නව රජය විසින් අද ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කර තිබේ. මීට අමතරව, දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය. මේ පිළිබඳව අප සමග…

(0)Comments | January 29, 2015 10:36 am

මිලියන 2000 කට වැඩි ලාභ ලැබූ සමාගම් වලට සුපිරි වාසි බද්දක්

2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වඩා ලාභයක් ලැබූ සමාගම් වලින් අදාළ ලාභ වලින් සියයට 25 ක සුපිරි වාසි බද්දක් (super gains) අය කිරීමට නව රජය යෝජනා කර තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නව රජයේ අතුරු අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙවැනි බද්දක් ගෙවිය යුතු වන්නේ සමාගම් 35 ක් 40 ක් වැනි ප්‍රමාණයක්…

(0)Comments | January 29, 2015 10:35 am

නව රජය අළුත් හෝටල්වල කැසිනෝ තහනම් කරයි

ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අනුමත කර තිබෙන ව්‍යාපෘතිවල කැසිනෝ ව්‍යාපාරික කටයුතු කිරීම කැබිනට් මණ්ඩලය විසින් තහනම් කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ කැසිනෝ ව්‍යාපාරික කටයුතු හැර ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අනුමත කර තිබෙන ව්‍යාපෘතිවල අනිකුත් සියළුම ව්‍යාපාරික කටයුතු බදු සහන යටතේ සිදුකළ හැකි බවයි. රවී විජේරත්න සහ ජේම්ස් පැකර් ඒකාබද්ධව සිදුකිරීමට නියමිත ලේක්…

(0)Comments | January 29, 2015 8:29 am

තිලක් කරුණාරත්න, විනිමය කොමිසමේ සභාපති ලෙස වැඩ අරඹයි

තිලක් කරුණාරත්න මහතා සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස අද වැඩභාර ගත්තේය. මීට පෙරද, තිලක් කරුණාරත්න මහතා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

(0)Comments | January 28, 2015 10:05 am

ලංකා බැංකුවට අළුත් සභාපතිවරයෙක්

ජනාධිපති නීතිඥයෙකු වන රොනල්ඩ් සී. පෙරේරා මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කර තිබේ. මීට අමතරව, ඔහුව ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද පත්කර ඇත.

(0)Comments | January 28, 2015 9:50 am

කොත්මලේ හෝල්ඩින්ග්ස් සභාපති ඉල්ලා අස්වේ

කොත්මලේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ස්ටුවර්ට් යන්ග් මහතා එම තනතුරු වලින් ඉල්ලා අස්වී තිබෙන අතර නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ වී.ආර්. පේජ් මහතායි. මේ අනුව, සභාපති වී.ආර් පේජ්, කළමනාකාර අධ්‍යක්ෂ එම්.අයි. අබ්දූල් වහීඩ්, විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ පී.එස්. මාතවන්, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ ඒ.ටී.පී. එදිරිසිංහ,…

(0)Comments | January 27, 2015 12:40 pm

වත්මන් රජයේ සහන මල්ල ආර්ථිකයට අළුත් බරක් වෙයිද ? -Video Interview

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන දින 100 වැඩසටහන මගින් ජනතාවට සහන මාලාවක් ලබාදීමට යෝජනා කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පාත්ෆයින්ඩර් පදනම පවසන්නේ මෙහි සඳහන් සහන සියල්ලම ඒ ආකාරයෙන්ම ලබාදෙන්නේ නම් අයවැය හිඟය වැඩිවීමේ අවධානමක් තිබෙන බවයි. කෙසේවෙතත්, මෙම වැඩසටහනේ තිබෙන යහපාලන ප්‍රතිපත්ති මගින් ආර්ථිකයේ අළුත් පුනරුදයක් ඇතිවනු ඇතැයි…

(0)Comments | January 26, 2015 8:42 am

අපේ විදේශ සංචිතය පහළට

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් බිලියන 8.8 ක් ලෙස පැවති මෙරට විදේශ සංචිතය පසුගිය නොවැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 8.3 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ විදේශ ණය සේවාකරණ ගෙවීම් වෙනුවෙන් (foreign debt service payments) පසුගිය කාලයේදී ඩොලර් මිලියන 2758 ක් පමණ…

(0)Comments | January 26, 2015 5:10 am

මෙන්න! ශ්‍රී ලංකන් නව සභාපති

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යක්ෂවරයෙකුද වන අජිත් ඩයස් මහතා පත්කර ඇතැයි අනාවරණය වේ. අජිත් ඩයස් මහතා ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයෙකු වන අතර ඇඟළුම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් බහුල පුද්ගලයෙකි. හෙතෙම ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. මීට පෙර, ශ්‍රී ලංකන්…

(0)Comments | January 24, 2015 9:33 am

අපේ මත්ස්‍ය අපනයන වලට යුරෝපා සංගමය පැනවූ තහංචිය වලක්වා ගැනීමට වත්මන් රජය සමත්ද? -Video Interview

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි 15 වනදා සිට අත්හිටවූ අතර ඒ තුළින් මෙරටට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් අහිමි වීමේ අවධානමක් තිබේ. මීට අමතරව, මෙම තහනම ඉතාමත් ඉක්මනින් ඉවත් කර ගැනීමට සමත් නොවන්නේ නම් මෙරට තිබෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් වලින් සියයට 90 ක්ම වැසීයාමේ තර්ජනයක්ද ඇත. මේ…

(0)Comments | January 24, 2015 9:22 am