Top News

ඉතිහාසයේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි. වසර 10කට පසු සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය අද

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (18) දින වාර්තා කරනු ලැබීය. මෙහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,922.66 ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09 ක ඉහළ යාමක් වේ. මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 පෙබරවාරි 14 දින වාර්තා වූ…

(0)Comments | January 18, 2021 3:01 pm

සංචිත ප්‍රමාණවත්ද?

2020 වසරේ නොවැම්බර් මස අවසාන වන විට පැවති දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මෙම මට්ටම ආනයනික මාස 4.1කට සමාන විය. දළ නිල සංචිත හා හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2020 වසරේ…

(0)Comments | January 18, 2021 12:51 pm

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹිමේ සූදානමක්

ආගමික හා සංස්කෘතික සංචාරක කටයුතු  ප්‍රවර්ධනට දෙරට අතර ඍජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා වියට්නාමයේ හා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත. වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා හා වියට්නාමයේ හෝ චි මිං නුවර පිහිටි වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (VCCI)  උප සභාපති සහ සාමාන්‍ය අධ්‍යක්ෂ වෝ ටැන් තාන් මහතා අතර ඉකුත් 11 වැනි දා පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව…

(0)Comments | January 18, 2021 12:37 pm

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට එරෙහිව දඩ නියම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පිලිබඳ පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) විසින් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඇතුළුව සමාගම්  කීපයකට එරෙහිව මුදල් විශුද්ධිකරණ වැළක්වීම සදහා එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීමට අදාල තොරතුරු ගොනු කිරීම සම්බන්ධයෙන් ආයතනයේ මූලික මෙහෙයුම් පද්ධතියේ පැවති නියාමන අනුකුලතා නොවීමක් හේතුවෙන් පසුගිය 2020 වසරේ දෙවන අර්ධය තුලදී දඩ මුදල්  නියම කිරීම පිළිබඳ ප්‍රකාශයක් මෑතකදී නිකුත්…

(0)Comments | January 18, 2021 10:54 am

සති දෙකක දී රජයට කොටස් වෙළෙඳපොළෙන් රු. කෝටි 42 ක බදු ආදායමක්

2021 ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ දී රු. මිලියන 428.95 ක හෙවත් රු. කෝටි 42.89 ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා රජයට ලැබී ඇත. කොටස් වෙළෙඳපොළේ රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා 1.12% ක ගාස්තුවක් අය කෙරෙන අතර එය ගනුදෙනුවේ වටිනාකම මෙන් තැරැව්කාර ගාස්තු 0.640% ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු 0.084% ක්,…

(0)Comments | January 18, 2021 6:08 am

තත්පරයක දී කොටස් ගනුදෙනු 5ක් – පද්ධති ධාරිතාව ඉක්මවා යාමක්?

පසුගිය සිකුරාදා (15) කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන් කිහිපයක්ම නැවත අලුත් කළ දිනයක් විය. ඒ අතුරින් කැපීපෙනන වාර්තාවක් වූයේ තනි දිනක් තුළ මෙතෙක් ඉතිහාසයේ සිදුකෙරුණු වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වීමයි. එම ප්‍රමාණය 61,722 කි. කොවිඩ් වසංගත තත්ත්වයට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5 ක කාලයක් ගනුදෙනු සඳහා විවෘතව පැවතිය ද…

(0)Comments | January 18, 2021 6:07 am

කලාපීය වැවිලි සමාගම් දිනකට රු. 1,105/- ක කම්කරු වැටුපක් ගෙවීමට අවසන් යෝජනාව සකස් කරයි

සෑම වතු කම්කරුවකුටම තිරසාර අනාගතයක් උදාකර දීම වෙනුවෙන් වන කැපවීම නැවත අවධාරණය කරයි නව යෝජනාව ම`ගින් කම්කරුවකුගේ දෛනික ආදායම රු.1000/- ඉක්මවන බව සහතික කරයි සමස්ත වතු ක්ෂේත‍්‍රයේ මූල්‍ය තිරසාරත්වය වෙනුවෙන් සියලූ පාර්ශවයන්ගේ ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටියි කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මෙරට සියලූම කලාපීය වැවිලි සමාගම්හි (RPCs) සභාපතිවරු අතර…

(0)Comments | January 18, 2021 12:06 am

රටේ ආර්ථිකමය විශ්වාසනීයභාවය ඉහළ යාම කොටස් වෙළෙඳපොළෙන් පිළිබිඹු වෙනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

වත්මන් රජයේ ප්‍රතිපත්තීන් දියත් කරන ආකාරය බොහෝ දෙනාගේ විශ්වාසය ඉහළ නැංවීමට සමත් වී ඇති බවත්, එය කොටස් වෙළෙඳපොළේ ප්‍රගතිය හරහා මනාව පිළිබිඹු වන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. වර්තමාන කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

(0)Comments | January 15, 2021 6:07 pm

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විශාල සමාගම් ලැයිස්තුවේ අංක එකට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය මේ වන විට රු. ට්‍රිලියන 3.38 ක් දක්වා ඉහළට පැමිණ ඇත. මෙය කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ (Market Capitalization) වටිනාකමයි. මෙලෙස වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟම සමාගම් ගණනාවකම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද…

(0)Comments | January 15, 2021 5:29 pm

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත දිනයක්. සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි. රු. බිලියන 12 ක පිරිවැටුමක්. වැඩිම ගනුදෙනු සංඛ්‍යාවත් අද

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි….

(0)Comments | January 15, 2021 3:02 pm