Top News

ශ්‍රී ලංකාවේ අධිකරණ, ආහාර සුරක්ෂිතතා හා දේශගුණික විපර්යාස වළක්වා ගැනීම වෙනුවෙන් යුරෝපා සංගමයෙන් රු. බිලියන 8.26 ක ආධාර

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලට සහාය දීම වෙනුවෙන් යූරෝ මිලියන 35.75 ක හෙවත් රු. බිලියන 8.26 ක ආධාර මුදල් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනක් අත්සන් කිරීමට යුරෝපා සංගමය පසුගිය දා කටයුතු කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහා…

(0)Comments | January 13, 2021 2:31 pm

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ගරු කොන්සල්වරුන්ගෙන් විදේශ ඇමති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට රැඳී සිටින විදෙස් රටවල ගරු කොන්සල්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. විදෙස් රටවල්වල ගරු කොන්සල්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම…

(0)Comments | January 13, 2021 12:00 pm

චීන ආයෝජකයින්ගෙන් ඉල්ලීමක්

තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තයට සහාය වන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා එරට ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත් 05 වැනි දින ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනයෙහි සභාපති ගුවෝ ෂාවෝපින් මහතාගේ ආරාධනයෙන් එම ආයතනයට පැමිණි අවස්ථාවේ මෙම ඉල්ලීම කෙළේය. ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ…

(0)Comments | January 13, 2021 11:56 am

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විශාලතම සමාගම් අතර තෙවැනි ස්ථානයට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව තෙවැනියට විශාල සමාගම බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ඊයේ (12) දිනයේ දී පත්විය. ඒ ඊයේ දිනය අවසානයේ දී සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 7.50 ක් ලෙසින් සටහන් වීමත් සමඟය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය 14,369,717,460 ක් වේ. මේ අනුව එහි වත්මන් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු….

(0)Comments | January 13, 2021 10:59 am

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් මාස 03කට යළි ඇරේ. ඉතිරි තැන්පතුවලින් සියයට 50ක් ගෙවීමේ තීරණයක්

සීමිත අරමුණක් සඳහා කොන්දේසි පදනමින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාර ව, සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා මුදල් මණ්ඩලය විසින්…

(0)Comments | January 12, 2021 5:54 pm

Online ලොතරැයියෙන් මහපොළ අරමුදලට රු. මිලියන 673 ක් අහිමි වෙයි

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ…

(0)Comments | January 12, 2021 3:19 pm

විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට LOLC සිලෝන් හෝල්ඩිංග්ස් පිහිටුවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී විසින් LOLC සමූහයේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස,  සිය මූල්‍ය සමාගම්වල සුළු කොටස් ප්‍රමාණයන් අත්පත් කර ගැනීමට අනාගත ආයෝජකයින්ට අවස්ථාව සැලසීමේ වේදිකාවක් නිර්මාණය කරමින් සිටී. ඒ අනුව සිය  මූල්‍ය සමාගම් වෙත විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා LOLC හෝල්ඩිංග්ස්  හි පූර්ණ අනුබද්ධ සමාගමක් ලෙසින් LOLC…

(0)Comments | January 12, 2021 1:22 pm

2021 දී පොල් ගෙඩි මිලියන 250 හිඟයක්. පොල් මද ආනයනයට පියවර

පොල් මද ආශ්‍රිත කර්මාන්ත සඳහා දේශීය පොල් නිෂ්පාදන සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් කොන්දේසිවලට යටත්ව, පොල් මද ආනයනය කිරීම සඳහා 2017 දෙසැම්බර් මස 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මාස 08ක කාලසීමාවක් තුළ පොල් මද මෙට්‍රික්ටොන් 2,542ක් ආනයනය කර තිබේ. මෙම වර්ෂය සඳහා පොල් ගෙඩි මිලියන 250ක පමණ හිඟයක්…

(0)Comments | January 12, 2021 11:49 am

පැල්වත්ත කිරි සමාගමට දීර්ඝකාලීන බදු පදනම මත හෙක්ටයාර 22ක රජයේ ඉඩමක්

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 22ක පමණ රජයේ ඉඩම් කොටසක් සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයට වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මේ අතර පසුගිය දා මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන…

(0)Comments | January 12, 2021 11:41 am

පොලී අනුපාත ඉහළට ද? පහළට ද? – තීරණය සතියකින්

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය 2021 ජනවාරි 19 වැනි දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මෙහිදී දැනට පවත්නා ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යන්නේද, නැතහොත් ඉහළ පහළ යාමක් සිදුවන්නේ ද යන්න දැනුම් දීමට නියමිතය. ශ්‍රී ලංකා…

(0)Comments | January 12, 2021 11:00 am