Top News

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.0හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි…

(0)Comments | February 25, 2021 9:39 pm

ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්රෝ ටර්මිනල් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයා හරහා සිදු නොකිරීම කෝප් කමිටුවේදි ප්‍රශ්න කරයි

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ය‍ටතේ ක්‍රියාත්මක වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ටර්මිනල් ලංකා යන ආයතනයන් විගණකාධිපතිවරයාගේ දැනුම් දීම නොසලක‍ා පුද්ගලික ආයතනයක් හරහා විගණන කටයුතු සිදු කිරීම පොදු ව්‍ය‍ාපාර පිළිබඳ කාරක සභාවේ (‍කෝප්) අවධානයට ලක්විය. එම ආයතන දෙකට අදාළ විගණන කටයුතු සිදු කිරීමට විගණකාධිපතිවරයාට බාධාවක් නොමැති බව නීතිපතිවරයා විසින් උප‍දෙස් ලබා දී තිබු අතර,…

(0)Comments | February 25, 2021 12:28 pm

චීන – පාකිස්තාන CPEC ව්‍යාපෘතියට එක්වන්නැයි අගමැති ඉම්රාන් ඛාන් ගෙන් ශ්‍රී ලංකාවට ඇරයුමක්

චීනයේ Belt and Road මුලපිරීමේ කොටසක් වන China–Pakistan Economic Corridor (CPEC) ව්‍යාපෘතියට සම්බන්ධ වන ලෙස පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට ආරාධනය කරයි. ඊයේ (24) කොළඹ දී පැවති, 2021 පාකිස්තාන – ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන සමුළුව අමතමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ, මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී…

(0)Comments | February 25, 2021 8:27 am

පාකිස්තාන – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනයට ඒකාබද්ධ වැඩසටහනක්

පාකිස්තාන සංචාරක අමාත්‍ය සාහිඩ් සුල්ෆිකර් අබ්බාස් මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර හමුවක් ඊයේ (24) සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණි. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අත්සන් තැබුනු දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට…

(0)Comments | February 25, 2021 8:23 am

ප්‍රංශයේ ඉන්දීය – ශ්‍රී ලංකා තානාපති හමුවක්

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශයේ ඉන්දියානු තානාපති ජාවෙඩ් අෂ්රෆ් මහතා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතනි මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ඉන්දියානු තානාපතිවරයා පැරිසියේ පිහිටි ඉන්දියානු තානාපති කාරියාලයේදී හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් ද්විත්වය අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා අතරතුර, ශ්‍රී ලංකාව ඉන්දියාව ඔවුන්ගේ “වැඩිමහල් සහෝදරයා” ලෙස දකින බව මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය…

(0)Comments | February 25, 2021 8:03 am

මහ බැංකුවෙන් රුපියල් 20 කාසියක්

1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින් මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් (ඇලුමිනියම් – ලෝකඩ) 2020 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී…

(0)Comments | February 25, 2021 8:00 am

අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීම: මෙම ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව කුමක්ද?

2021 පෙබරවාරි මස 18 වන දින මුදල් මණ්ඩලය විසින්, අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට අදාළ රීති ප්‍රකාශයට පත් කළ අතර, මේ සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් බලපත්‍රලාභි බැංකු වෙත නිකුත් කරන ලදී. අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට…

(0)Comments | February 24, 2021 5:34 am

කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (23) පස්වරු 1.28 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 307 කින් සහ S&P SL20 දර්ශකය ඒ්කක 147 කින් පහළ ගොස් තිබුණි.

(0)Comments | February 23, 2021 1:37 pm

වාහන ආනයන තහනම ගැන තීරණයක් ගැනීම මේ වසර අග දී – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

රට තුළ වසර දෙකකට පමණ ප්‍රමාණවත් වාහන තොග තිබුණු බවත්, මේ වන විට තහනම් කර ඇති වාහන ආනයනය පිළිබඳව තීරණයක් ගැනීම, මෙම වසර අවසානයේ දී සලකා බලන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (23) දින පාර්ලිමේන්තුවේ දී  මෝටර් රථ ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්න…

(0)Comments | February 23, 2021 1:22 pm

ආයෝජන යෝජනා සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීමට ආයෝජන කළමනාකරණ කමිටුවක්

මෑතකදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයෝජකයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඔවුන්ගේ උනන්දුව පෙන්නුම් කර ඇත. එහෙත්, එවැනි ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් වීම හේතුවෙන් ආයෝජකයාගේ උනන්දුව මත ශ්‍රී ලංකාවේ ආයෝජන බලධාරින් මඟින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදු වී ඇත. මෙම තත්ත්වය යටතේ එවැනි ආයෝජන දිරිගැන්වීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක්…

(0)Comments | February 23, 2021 12:23 pm