Top News

ලොව සුප්‍රකට ආයෝජක නතෑන්යල් රොත්ස්චයිල්ඩ් කොළඹ වරාය නගරයේ සංචාරයක

ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේව ආදිත්‍ය මහතා සහ ව්‍යාපාර ලොවේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ මහතාද…

(0)Comments | January 15, 2021 2:43 pm

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

රාජ්‍ය  බැංකු  සම්බන්ධයෙන් මෑතකදී යම් මාධ්‍යයන් තුළ පළ වූ යම් මත සම්බන්ධයෙන් මහජන බැංකුව පහත සඳහන් කරුණු අවධාරණය කර සිටී; මෙරට  වැඩිම ගනුදෙනු කරුවන් පිරිසක් සහ විශාලතම ශාඛා පද්ධතිය හිමි මහජන බැංකුව අසමසම ස්ථාවරත්වයක් සහිත රාජ්‍ය  බැංකුවකි. මහජන බැංකුව සතුව ඇති ඇති මෙම ස්ථාවරත්වය සහ බැංකුව පවත්වාගෙන යන විශිෂ්ටතම වෘත්තීමය ප්‍රමිතීන් හේතු කරගෙන 900 අධික…

(0)Comments | January 15, 2021 2:24 pm

ඩොලරය හමුවේ රුපියල යළිත් පසුබසී. විකුණුම් මිල රු. 196 ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (15) දිනයේ දී රු. 196 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. මේ අතර ඩොලරයේ ගැණුම් මිල ද අද දින රු. 190 සීමාව ඉක්මවා යනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරය ගැණුම්…

(0)Comments | January 15, 2021 1:45 pm

ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යවසායක හැඳුනුම්පතක්

දේශීය ආර්ථිකයට මෙන්ම දේශීය සංවර්ධනයට දායක වෙන ප්‍රධාන කොටස්කරුවන් වන දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යසායක හැඳුනුම්පතක් නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ ව්‍යාපාරික සංගමය සභාපති ආරියසීල වික්‍රමනායක මහතා අතින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පසුගිය (13) දා සිදුකරන ලදී. රාජ්‍ය ආයතනයකට බැංකුවකට පෞද්ගලික ආයතනයකට ව්‍යාපාරික මහතකු පැමිණිය හොත් ඔහු හෝ ඇය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අප රට තුළ මෙතෙක් පැවතියේ…

(0)Comments | January 15, 2021 12:22 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව දෙවැනි තැනට

2021 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ලොව ඉහළ කාර්යසාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළ අතර දෙවැනි ස්ථානයට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව තිබේ. මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2020 දෙසැම්බර් 31 සහ 2021 ජනවාරි 13 කාලපරිච්ඡේදය තුළ දී 9.88% වර්ධනයක් සනිටුහන් කර ඇත. බ්ලූම්බර්ග් වාර්තාවක් උපුටා දක්වමින් මේ සම්බන්ධයෙන් මෙරට මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ…

(0)Comments | January 15, 2021 12:05 pm

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව දැන් ශ‍්‍රී ලංකාවේ

දැවැන්ත අපනයන හැකියාවක් සමගින් ආර්ථිකය නැංවීමට දායක වීමට සූදානම් ශ‍්‍රී ලංකාවේ විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම’ [Ferentino Tyre Corporation (Pvt) Limited] ඊයේ (2021 ජනවාරි 14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත…

(0)Comments | January 15, 2021 11:40 am

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර යන අංශවල සහයෝගීතාවයට වැඩි ඉඩක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර කෘෂිකර්මාන්තයේ සහ ධීවර අංශයේ සහයෝගීතාව සඳහා විශාල ඉඩ ප්‍රස්තාවන් පවතින බව කොළඹ වියට්නාම් තානාපතිනි ෆාම් තිබිච් න්ගොක් මහත්මිය සදහන් කළාය. ඇය සිය ශ්‍රී ලංකා තානාපති ධුර කාලය අවසන් කොට සමු ගැනීම සඳහා ඉකුත් 12 වනදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළාය. වියට්නාමයට ඔවුන්ගේ විශිෂ්ඨ…

(0)Comments | January 15, 2021 11:27 am

රුපියල මත පීඩනය නැවතත්. ඩොලරයේ ගැනුම් මිල රු. 190 හා විකුණුම් මිල රු. 194 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 190.33 ක් ලෙසත් විකුණුම් මිල රු. 194.07 ක් ලෙසත් සටහන් විය. පසුගිය 2020 දෙසැම්බර් 24 දින ඩොලරයේ විකුණුම් මිල රු. 194.66 ක් ලෙසින් සටහන් වූ අතර එදිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම විකුණුම්…

(0)Comments | January 13, 2021 5:23 pm

කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්. තනි දිනක් තුළ ඉතිහාසයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව අද

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් අලුත් කරමින් තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු ප්‍රමාණය අද (13) වාර්තා විය. මෙහිදී අද දිනය තුළ දී වාර්තා වී තිබුණු සමස්ත ගනුදෙනු ප්‍රමාණය 51,862 ක් වේ. කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ ගනුදෙනු ප්‍රමාණය පනස්දහසේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ. මීට පෙර තනි දිනක්…

(0)Comments | January 13, 2021 5:01 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් ඒකක 160කින් ඉහළට

2021 වසරේ තනි දිනක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ් ඉහළම වර්ධනය සනිටුහන් කරමින් අද (13) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 160.99 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.  ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,443.23 ක් ලෙසින් වාර්තා වූ අතර පූර්ව දිනයට සාපේක්ෂව එය 2.21% ක ඉහළ යාමක් වේ. සියලු කොටස් මිල දර්ශකයේ…

(0)Comments | January 13, 2021 4:23 pm