Top News

කොමර්ෂල් බැංකුව අභියෝගාත්මක 2020 සාර්ථකව අවසන් කරයි

ශක්තිමත් වත්කම් සහ අනිකුත් ආදායම් වර්ධනයක් සමඟ බොහෝ වාණිජ බැංකු වලට සාපේක්ෂව ඉහළ ද්‍රවශීලතාවයක් පවත්වා ගනිමින් උචිත හානි පූර්ණ ගාස්තු වෙන් කිරීම් තුළින් අභියෝගාත්මක වසරක් වූ 2020 මූල්‍ය වසර විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කර ගනිමින් ස්ථාවරත්වයෙන් යුතුව වසර අවසන් කිරීමට කොමර්ෂල් බැංකු සමූහය සමත්ව තිබේ. මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සහ අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල්…

(0)Comments | March 2, 2021 11:53 am

ශ්‍රීලංකන් ගුවන් සේවය වාර්තාගත ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් මාලදිවයින වෙත ප්‍රවාහනය කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 පෙබරවාරි මාසයේ දී මාලදිවයිනේ මාලේ වෙත  කිලෝග්‍රෑම් මිලියන 1.2 ක ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරමින් වාර්තාවක් සනිටුහන් කර තිබේ. මාලදිවයින යනු පවතින කොවිඩ් වසංගතය හමුවේ  ගුවන් ගමන් මෙහෙයුම් සදහා විවෘතව ඇති රටවල් කිහිපය අතරින් ඉතා ජනප්‍රිය ගමනාන්තකි. එසේම මෙම කාලයේ දී  මාලදිවයින තුළ  ආහාර ඇතුලු අනෙකුත් අත්‍යාවශ්‍ය ගුවන් භාණ්ඩ සදහා ඉහළ ඉල්ලූමක්…

(0)Comments | March 2, 2021 11:47 am

සෙලින්කෝ ලයිෆ් 2020 දී රුපියල් බිලියන 36.98 ක ආදායමක් වාර්තා කරයි

රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 1 ක් දක්වා 17.9% කින් ඉහළට ආයෝජන සහ අනිකුත් ආදායම් රුපියල් බිලියන 9 ක් දක්වා 11.3% කින් වර්ධනය වෙයි සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 150 සීමාව පසු කරයි අඛණ්ඩව 17 වන වසරටත් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වෙයි දැඩි අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා ව්‍යාපාරික පරිමාව සහ ආයෝජන ප‍්‍රතිලාභ වැඩිකර ගැනීමට…

(0)Comments | March 2, 2021 10:49 am

සෙලාන් බැංකුවේ වැඩි බලය වෙනුවෙන් ධම්මික – ඉෂාර සීතල සටනක. කැප්ටන් පවුල ඉවතට

වර්තමාන‌යේ දී ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා කවුරුන්දැයි ඇසුවහොත් නිතැතින්ම මනසට ඒන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නාමයයි. කෙසේවෙතත් ධම්මික ගේ මෙම කිරුළට අභියෝගයක් වෙමින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් සමූහයක් වන LOLC සමූහයේ උපසභාපති ඉෂාර නානායක්කාර ගේ නම ද මේ වන විට ඒම ලැයිස්තුවේ ඉහළට පැමිණ ඇත. පසුගිය වසරේ දී LOLC සමූහයේ උප සමාගමක් වූ…

(0)Comments | March 1, 2021 2:11 pm

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නැවත විවෘත කිරීම සඳහා ගෙන ඇති පියවර CNN අගයයි   

ජාත්‍යන්තර ජනමාධ්‍ය අතර ඉදිරියෙන්ම සිටින කීර්තිමත් ප්‍රවෘත්ති නාලිකාවක් වන CNN, විසින් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) ඇගයීමට ලක්කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ප්‍රබල ශක්තියක් ලබා දෙන සංචාරක ව්‍යාපාරය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැවත නගාසිටුවීම සඳහා නව්‍යකරණ ක්‍රමවේදයක් හරහා නව සාමාන්‍ය වාතාවරණයකදී (New Normal) ගනු ලැබූ විශිෂ්ට උත්සාහය හා කැපවීම වෙනුවෙන් CNN ප්‍රවෘත්ති නාලිකාව මෙම ඇගයීම සිදුකර ඇත. මෙරටට පැමිණෙන…

(0)Comments | March 1, 2021 9:19 am

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

2021 පෙබරවාරි මාසයේ අවසාන ගනුදෙනු දිනය වූ පසුගිය 25 බ්‍රහස්පතින්දා දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 104.48 ක හෙවත් 1.42% ක වර්ධනයක් වාර්තා කළේය. කෙසේවෙතත් සමස්තයක් ලෙස සැලකීමේ දී පෙබරවාරි මාසය තුළ දී 13.74% ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකය අනුව වාර්තා වේ. ඒමෙන්ම S&PSL20 දර්ශකය ද පෙබරවාරි මාසයේ දී…

(0)Comments | March 1, 2021 9:17 am

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාවේ දී එලවන්නේ බස් විතරද? ෆෝක්ලිෆ්ට් රියැදුරෙකු ගැනත් අනාවරණයක්

මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඔස්ට්‍රේලියාවේ බස් රථ රියැදුරන් ලෙස සේවය කරනු ලබන බවට අනාවරණය වීම පසුගිය සතිඅන්තයේ විශාල වශයෙන් අවධානයට ලක් වූ ප්‍රවෘත්තියකි. සුරාජ් රන්දීව් සහ චින්තක ජයසිංහ ඒම ක්‍රීඩකයින් දෙදෙනායි. දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දීව්, 2011 ලෝක ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සාමාජිකයෙකු වූ අතර,…

(0)Comments | March 1, 2021 9:14 am

දේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා කැප වූ පළමු විශ්ව විද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය විවෘත කිරීමට සියල්ල සූදානම්

1929 වර්ෂයේ, ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත් ජි. පි. වික්‍රමාරච්චි විසින් ශිෂ්‍යයින් 20ක් සමග ආරම්භ කෙරූ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සම්ප්‍රදායික සිද්ධායුර්වේද වෛද්‍යශාස්ත්‍රය ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රචලිතය. දැනට කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ මෙම විද්‍යායතනය, දේශීය වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට ගෝලීය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස හෙට විවෘත කිරීමට…

(0)Comments | March 1, 2021 8:20 am

ලියාපදිංචි මෝටර් රථ සඳහා 80%ක් ලීසිං දෙන්න මහ බැංකුවෙන් උපදෙස්

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පරිහරණය කෙරෙන, පළමු ලියාපදිංචිය සිදුකර වසරකට වඩා පැරණි මෝටර් රථ වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් මුදල, වටිනාකමෙන් සියයට 80ක් දක්වා ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත නිකුත් කර ඇත.  

(0)Comments | February 27, 2021 11:54 am

කොළඹ ඉඩම් මිල සෙමින් සෙමින් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ දෙවන භාගයේ දී සියයට 4.6ක වාර්ෂික වර්ධනයක් සමඟ 145.2ක අගයක් වාර්තා කළේ ය. එසේ වුව ද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යෑමේ ප්‍රවණතාවට අනුකූල විය. තව ද, 2020 වසරේ පළමු භාගයට සාපේක්ෂ ව 2020 වසරේ දෙවන භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකය සියයට…

(0)Comments | February 26, 2021 1:47 pm