Top News

කළුතරට නව වෙළෙඳ කලාපයක් – අගමැති

තායි රජයේ විශාල සමාගමක් විසින් කළුතර ප්‍රදේශයේ වෙළඳ කලාපයක් ඇතිකිරීමට අක්කර 700 – 800 පමණ ඉඩම් ප්‍රමාණයක් ඉල්ලා ඇතැයි ද ඒ හරහා ආසියාවේ තිබෙන විශාල ම කර්මාන්ත ශාලා එම ස්ථානයට රැගෙන ඒම ඔවුන්ගේ අරමුණ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ඉඩම් හිමිකම්…

(0)Comments | August 23, 2017 10:46 am

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

(0)Comments | August 22, 2017 2:49 pm

සිගරට් මිල වැඩිවුණාම හොර සිගරට් වැඩිවෙලා – දුම්කොළ සමාගම කියයි

2017 වසරේ පළමු භාගය තුළ දී මෙරට නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් නීතිවිරෝධී දුම්වැටි සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 1,190 ක් සිදු කර ඇති බවත් එහිදී නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි මිලියන 40 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ලංකා දුම්කොළ සමාගම සිය 2017 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව වෙනුවෙන් අදාළ මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කරමින්…

(0)Comments | August 22, 2017 2:19 pm

උද්ධමනය සුළු වශයෙන් ඉහළ යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ දී පසුගිය මාසයේ පැවති සියයට 6.3 හි නොවෙනස්ව පැවතුණි. 2017 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල…

(0)Comments | August 22, 2017 12:10 pm

මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරයෙක්

මුදල් මණ්ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති වශයෙන් සී.ජේ.සී. සිරිවර්ධන මහතා පත් කොට ඇත. සී.ජේ.සී සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ ම සහකාර අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කොට ඇති ඒ මහතා මහ බැංකුවෙහි වසර 31කට අධික සේවා කාලයක්…

(0)Comments | August 22, 2017 11:03 am

ආදායම ලක්ෂ 12 ට අඩුනම් ආදායම් බදු නැහැ – මුදල් ඇමති කියයි

රට තුළ රුපියල් ලක්ෂ 12 ට වඩා අඩු ආදායමක් ලබන පුද්ගලයින් ආදායම් බදුවලින් බැහැර කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අද (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නව ‍දේශීය ආදායම් පනත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මෙහිදී අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහත දැක්වේ.   මේ සමස්ත රටේ වියදම දරන්නේ 80%…

(0)Comments | August 21, 2017 9:42 pm

තායිලන්තයේ ‘රොජානා‘ මිල්ලනියට එයි

BOI සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, තායිලන්තයේ ‘රොජානා‘ කර්මාන්ත උද්‍යාන සමඟ අතර අද (21) දිනයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුමට අනුව රොජානා කර්මාන්ත උද්‍යාන සමාගම විසින් විශේෂිත කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට නියමිතය. මෙම කලාපයේ ඉදිකිරීම්, පවත්වාගෙන යාම සහ ආයෝජන ප්‍රවර්ධනය ‘රොජානා‘ සමාගම විසින් සිදුකරනු ලැබේ. මෙම ගිවිසුම සඳහා ආයෝජන…

(0)Comments | August 21, 2017 12:40 pm

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි

Uber ට විශාල තරඟකරුවෙකු හමුවන ලකුණු ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ මෙහෙයුම්කරුවා වන Ola සිය ව්‍යාපාර කටයුතු බංග්ලාදේශයට හා ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බව bdnews24.com ප්‍රවෘත්ති වෙබ් අඩවිය අනාවරණය කර සිටී. දැනට ඉන්දියාව තුළ වැඩිම කුලී රථ සමූහයකට හිමිකම් කියනු ලබන්නේ ද Ola විසිනි. මෙම මුලපිරීමත් සමඟම ඩකා සහ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක…

(0)Comments | August 21, 2017 10:32 am

තේ, පොල් , රබර් වතු කැබලි කිරීමේ සීමාවේ වෙනසක්

විවිධ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉඩම් යොදාගැනීමේදී යම් නම්‍යශීලීභාවයක් පැවතීම කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා වාණිජ කටයුතු සඳහා, පොල් ඉඩම් කැබලි කිරීම හෝ තනි ඒකකයක් ලෙස පැවරීම සඳහා වූ සීමාව හෙක්ටයාර 02 (අක්කර 05) දක්වාත්, තේ හා රබර් ඉඩම් කැබලි කිරීම හෝ තනි ඒකකයක් ලෙස පැවරීම සඳහා වූ සීමාව හෙක්ටයාර 08 (අක්කර 20) දක්වාත් අඩු…

(0)Comments | August 21, 2017 10:06 am

වාහන බදු අඩු කළායින් පසු සමාගම් කොටස් මිල ඉහළ ගිය හැටි

පසුගිය අගෝස්තු 17 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෝටර් බයිසිකල් හා කුඩා ලොරි රථ සඳහා පනවා තිබූ නිෂ්පාදන බදු පහත දමන බවයි. මෙම බදු පහත දැමීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මෝටර් රථ වාහන අංශයට අයත් සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් පසුගිය සිකුරාදා (18) දිනයේ දී ඉහළ ගොස් තිබෙනු…

(0)Comments | August 20, 2017 11:07 pm