කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (19) දිනය තුළ දී ඒකක 44.78 කින් පහළ යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,265.73 වශයෙනි. මේ අනුව පෙර දිනයට වඩා සියයට 0.71 කින් අද දින කොටස් වෙළෙඳපොළ පහළ ගොස් තිබේ. සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය 9…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පළමු කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු නිකුත් කොට ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි 2018 පළමු කාර්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.2කි. මෙම වසරේ…
2018 ජූනි 06 සිට ජූනි 13 දක්වා සතියක කාලපරිච්ඡේදයක් තුළ දී රජයේ ආයෝජනවල කර තිබුණු රුපියල් මිලියන 2,723 ක සිය ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා වාර්තාවට අනුව 2018 ජූනි 13 දින වන විට විදෙස් ආයෝජකයින් විසින්…
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් සහ රෝහල් ඉදිකිරීම ආදී කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙළඳ හා ආයෝජන ඉඩ ප්‍රස්ථා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යයේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවත්වූ සාකච්ඡාවේ දී සඳහන් කළේය. කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳව රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වය ගොඩනැගීම…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනය තුළ දී ඒකක 20.59 කින් පහළ ගියේය. දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,310.51 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.33% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ. තවද S&P SL20 දර්ශකය ද දිනය තුළ දී පහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය. දිනය අවසානයේ…
සමාජ ජාලයන්හි පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඒවා භාවිත කරන්නන් විසින් විශාල හඬක් මතු කරමින් සිටින පසුබිමක, ලොව ප්‍රමුඛ පෙළේ කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් සේවාවක් වන වයිබර් (Viber), සිය ජාලය තුළ හුවමාරු වන දත්තවල ආරක්ෂාව සහ රහස්‍යභාවය රැකගැනීම වෙනුවෙන් සුවිශේෂී පියවර රැසක් ගෙන තිබේ. ඇතැම් සමාජ ජාලා සහ කෙටි පණිවුඩ ඇප්ස් හරහා පෞද්ගලික පණිවුඩවල දත්ත…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා විය. මේ අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී තිබේ.
රාජ්‍ය ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම් භාරගත යුතුයැයි රජය තීරණය කර ඇත. එමෙන්ම, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පූර්ණෙයන් රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් නිශ්චිත කාලය තුළ ගෙවීමද අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීම යැයි අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ….
බෝට්ටු නිෂ්පාදනය හා අපනයනය ඉදිරියටම පැමිණෙමින් තිබෙන බවත්, එසේම නාවික හා සමූද්‍ර සංචාරක ක්‍ෂේත්‍රයේ සංවර්ධනය කැපී පෙනෙන බවත්, අප මේ වන විට 2016 ට සාපේක්ෂව 2017 වසරේ දී බෝට්ටු නිෂ්පාදන අපනයනය සියයට 50% කින් වැඩි කර ගෙන, ඩොලර් මිලියන 97 ක (රුපියල් මිලියන 15,520) ආදායමක් උපයා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා…
හෙට (18) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරම්භ කිරීමට නියමිත අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටී. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි…
Video Story