කලක් ශ්රී ලංකාවේ කැපී පෙණුනු ක්රීඩා මාධ්යවේදියෙකු වූ සංජය දිසානායක මහතා මේ වනවිට ඕස්ට්රේලියාවේ රූපවාහිනී ක්ෂේත්රයේ තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කරයි. ශ්රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්රයත් ඒ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය පිළිබඳවත් ඔහු දැක්වූ අදහස් මෙසේයි.
ශ්රී ලංකාවේ අධ්යාපන ක්රමය වෙනස් කළ යුතුයැයි කතා කරන්නේ අද ඊයේ සිට නොවේ. දීර්ඝ කාලයක් මේ පිළිබඳව කතා කළද අදටත් අප අත් දකින්නේ මෙම යල්පැන ගිය අධ්යාපන ක්රමයයි. මේ පිළිබඳව, ශ්රී ලංකා නැව්ගත කරන්නන්ගේ අධ්යාපන පීඨයේ ප්රධාන විධායක නිළධාරී, රොහාන් මාසකෝරාළ මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.
ශ්රී ලංකාවේ කීර්තිමත් ප්රකාශන සමාගමක් වන එම්.ඩී. ගුණසේන සමාගම ආරම්භ කිරීමේ පුරෝගාමියා වන්නේ හොරණ, වෑවල ගම්මානයේ ඉපදුණු එම්.ඩී. ගුණසේන මහතායි. ඔහු ඉතාමත් කැපවීමෙන් සහ වෙහෙස මහන්සියෙන් ගොඩනැගූ එම්.ඩී. ගුණසේන ව්යාපාරය මේ වනවිට පාලනය කරන්නේ තුන්වන පරම්පරාවයි. එම්.ඩී. ගුණසේන මහතා මෙම දැවැන්ත ව්යාපාරය ගොඩනැගූ ආකාරය එම්.ඩී. ගුණසේන සමාගමේ ප්රකාශන විධායක, ජනිත් උත්තමාවඩු මහතා අප සමග පැහැදිලි…
සීෂෙල්ස් රාජ්යයේ කුඩා ව්යවසාය ප්රවර්ධන ඒජන්සියේ (Small Enterprise Promotion Agency) ප්රධාන විධායක නිළධාරීනී, පෙනී සී. බෙල්මොන්ට් (Penny C. Belmont) මහත්මිය සඳහන් කරන්නේ එරට තුළ ශ්රී ලාංකිකයින්ට දැවැන්ත ව්යාපාරික අවස්ථාවක් තිබෙන බවයි. අප ඇය සමග කළ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මෙරට උපදේශක ඉංජිනේරු දේශමාන්ය සෑම් සමරසිංහ මහතා සමග අපි මෙවර සාකච්ඡා කළේ සිංගප්පූරුවේ පුද්ගලික අංශය පිළිබඳවයි. මෙහිදී, සෑම් සමරසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ජපානයේ ව්යාපාරිකයෙකු ලෙස දිරියෙන් නැගී සිටි ශ්රී ලාංකික තරුණයෙකු සමග පිළිසඳරේ යෙදීමට අපිට අවස්ථාව හිමිවුණා. නමින් කපිල බණ්ඩාර නම් මෙම තරුණයා ජපානය තුළ ව්යාපාරිකයෙකු ලෙස ඉදිරියට පැමිණියේ කෙසේදැයි අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.
කොළඹ නගරයේ සුපිරි සංචාරක හෝටල් ගොන්නට එකතුවූ නවතම ව්යාපාරික හෝටලය වන “The Steuart by Citrus“ සුඛෝපභෝගී සංචාරක හෝටලය සංචාරක සහ ක්රීඩා අමාත්ය නවීන් දිසානායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (26) පස්වරුවේ විවෘත කෙරුණි. කොළඹ කොටුවේ හදවත බඳු ස්ථානයක පිහිටි කාමර 50 කින් සමන්විත තට්ටු 08 ක ව්යාපාරික පන්තියේ හෝටලයක් වන මෙය කළමනාකරණය කරන්නේ…
යම් අයෙකුගේ නම සේවක අර්ථ සාධක අරමුදලේ සඳහන්ව තිබෙන්නේ යම් අඩුපාඩු සහිතව නම් ඔවුන්ට සිය මුදල් ආපසු ලබාගැනීම යාමේදී දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවන බව කම්කරු කොමසාරිස්, ඩබ්ලිව්.ඩී.එස්.සී. වැලිවත්ත මහතා සඳහන් කරයි. නම්වල තිබෙන මෙවැනි අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අදාළ සමාගම් වෙතට දැනුම් දුන්නද එම අවස්ථාවේදී එම සමාගම නොමැති නම් මුදල් ලබාගැනීම ඉතාමත් අපහසුබව හෙතෙම සඳහන්…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ විසින් සිය ප්රතිපත්ති ප්රකාශ සකස් කිරීමේදී සිතිය යුතු වැදගත් ආර්ථික කරුණු පිළිබඳව ආර්ථික ප්රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන පාත්ෆයින්ඩර් පදනම විසින් දේශපාලන පක්ෂ දැනුවත් කර තිබේ. ඒ පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
ශ්රී ලංකා මහ බැංකුව 2013 වසරේ සහ 2014 වසරේදී අලාභ ලබා තිබීම පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ආර්ථික විද්වතෙකු අනතුරු හඟවයි. මේ පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග අප සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!
Video Story