මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිවී තිබේ. ඇමරිකාවේ ජීවත් වන ජාත්යන්තර කීර්තියට පත් විද්වතෙකු මෙන්ම බදු උපදේශකයෙකු වන කෝසල ජී. තන්තුල මහතා අප සමග සිදුකළ සාකච්ඡාවේදී මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිළිබඳවද අදහස් දැක්වීය. කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.
රත්නපුරයෙන් කිලෝ ගාණක නිල් මැණිකක් හමුවූ බවත් එය හොර රහසේම ඇමරිකාවට රැගෙන ගොස් තිබෙන බවටත් පසුගිය කාලයේදී කටකතා පැතිරුණි. ශ්රී ලංකාවේ මැණික් කර්මාන්තය පිළිබඳව අප සිදුකළ විශ්ලේෂණාත්මක සාකච්ඡාවේදී මේ පිළිබඳව ශ්රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, ආමිල් සමූන් (Armil Sammoon) මහතාගෙන් අප විමසීමක්…
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ. මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.
ශ්රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්රොෆික් ෆිෂරීස් සමාගමයි. ඉතාමත් සෞඛ්යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා. මෙම සමාගමේ මීගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේදී විදේශීය වෙළඳ පොළ වෙනුවෙන් මත්ස්ය නිෂ්පාදන සැකසෙන්නේ මේ අයුරිනි.
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න මෙයයි. මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ සහ ශ්රී ලංකාවේ රාජ්ය…
මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්රන්ය. මේ නිසා, මෙම අසමසම නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ ඉහළින්ම වැජඹෙයි. අපි මේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්රකට පෝසිලේන් නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් සමාගමේ නිෂ්පාදන ක්රියාවලියයි. ඔබත් රස විඳින්න.
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ පළමු වැන්න මෙයයි. මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ දේශපාලනඥයින් සහ දේශපාලනය…
ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අප විසින් පසුගියදා විශේෂ “වාද පිටිය“ වැඩසටහනක් පැවැත්වූවා.
ඉන්දියාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් “සෙපා“ ගිවිසුමට (Comprehensive Economic Partnership Agreement) මේ වනවිට ව්යාපාරික ප්රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. මීට පෙරද අත්සන් කිරීමට සැලසුම් කර තිබුණු මෙම ගිවිසුම මෙවැනිම විරෝධතාවයන් හේතුවෙන් අත්හැර දමන්නට සිදුවූ අතර පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා මෙම ගිවිසුම අත්සන් කිරීම…
සෑම් සමරසිංහ මහතා උපදේශක ඉංජිනේරුවරයෙකි. සිංගප්පූරුවේ අසාහය නායක ලී ක්වාන් යූ එරට ගොඩනගන විට සමරසිංහ මහතා එම යටිතල පහසුකම් සංවර්ධනයට උපදෙස් ලබාදී ඇත. ඔහු මැලේසියාවේ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහාද සම්බන්ධවී තිබෙන විද්වතෙකි. ඔහු සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.
Video Story