Lead Story
රාජ්‍ය, ව්‍යවසායක සහ සාමාජීය ක්ෂේත්රයන්හි ඩිජිටල් පරිවර්තනය උදෙසා නායකත්වය ලබා දෙන ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ (Chief Information Officers – CIOs) සහ තාක්ෂණික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු “World CIO 200 Summit 2026” ගෝලීය සමුළුවේ සමාරම්භක දිනය අද සැප්තැම්බර් (23) දින කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. මෙම සමුළුව සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැවතීමට නියමිතයි. ශ්‍රී ලංකාව ගෝලීය…
Featured
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන වන SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙවර පස්වැනි වරට පැවැත්වෙන SL MICE Expo සඳහා රටවල් 27කින් ජාත්‍යන්තර Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර,…
මෙම සහයෝගිතාවයෙන්, Sejaya හි ක්ෂුද්‍ර ව්‍යවසායක ණය ගැනුම්කරුවන්ට Pay&Go හි kiosks යන්ත්‍ර, මොබයිල් App සහ POS ජාලය හරහා ණය වාරික ගෙවීමේ පහසුව සැලසේ Pay&Go සන්නාමය මෙහෙයවන MegaPay (Pvt) Ltd, ශ්‍රී ලංකාව පුරා ශාඛා 55 කට අධික ප්‍රමාණයක් හරහා සේවාවන් සපයන, ජපානයේ Gojo & Company සමාගමේ පුර්ණ අනුබද්ධ, මෙරට ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Sejaya Micro…
ජාත්‍යන්තර කීර්තියට පත් ‘චන්න-උපුලි’ කලායතනයේ නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්යක්ෂ, කලාශූරී චන්න විජේවර්ධන මහතා Diabetasol හි නවතම ජාතික ප්රචාරක වැඩසටහන වන Keep Life in Rhythm (ජීවිතයේ Rhythm එක දිගටම) හි නිල සන්නාම තානාපතිවරයා ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය තමන් කැමති ආකාරයට ගෙවන අතර ඔවුන් කැමති දේ ආහාරයට ගැනීමටත්ල කැමති කෙනෙකු ඇසුරු කිරීමටත්,…
ශ්‍රී ලංකාවේ අත්ඔරලෝසු අලෙවි ක්ෂේත්රයේ කැපී පෙනෙන දැවැන්තයන් අතර Blink International සමාගමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව සුපතල අත්ඔරලෝසු සන්නාම වඩාත් විශ්වසනීය හා සාධාරණ මිලකට ලබාගත හැකි සමාගමක් ලෙස Blink International ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත. මෙරට අත්ඔරලෝසු අලෙවිය වඩාත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ දීර්ඝකාලීන උපායමාර්ගික සැලසුමක එක් පියවරක් ලෙස, Blink International සමාගම විසින්…
Kwid, Kiger, Triber සහ Duster ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීමට සූදානම් ලොව ප්‍රමුඛතම මෝටර් රථ සන්නාමයක් වන Renault, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන Associated Motorways (Private) Limited (AMW) සමඟ එක්ව ශ්‍රී ලංකා වෙළෙඳපොළට යළි පිවිසෙයි. 1898 වසරේ ප්‍රංශයේ ආරම්භ වූ Renault, වසර 125කට අධික යුරෝපීය මෝටර් රථ උරුමයක් සහ ඉංජිනේරු විශිෂ්ටත්වයක් හිමි සන්නාමයක් වන…
සෙලාන් බැංකුව පසුගියදා Cinnamon Life at City of Dreams Sri Lanka සහ Cinnamon Nature Trails සමඟ එක් වී ‘Jewels Beneath the Waves’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. මෙය සෙලාන් කාඩ්පත් හිමියන්ට වනජීවී ඡායාරූපකරණයේ නිර්මාණශීලී ඇස තුළින් නොදුටු ලෝකයක් සිත් සේ දැකබලා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. Cinnamon Nature Trails හි ‘Top Experts in the City’…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. KOKO පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් විශේෂයෙන් සැලසුම් කර ඇති එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය රක්ෂණ ක්රමයද වේ. ශ්‍රී ලංකාවේ මුල්‍ය තාක්ෂණ (fintech) සහ රක්ෂණ ක්ෂේත්රයන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම…
මෙරට හින්දු ජනතාවගේ ඉතා වැදගත් ආගමික උත්සවයක් වන නල්ලූර් කන්දසාමි කෝවිල් උත්සවය පසුගියදා යාපනය නල්ලූර් කෝවිලේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවතැවිණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස Fanta එක්ව සිටියේ සුවහසක් බැතිමතුන්ට ඉමහත් ආශ්වාදයක් එක් කරමිනි. දේව යාඥා, හින්දු සංස්කෘතිය සමඟින් හින්දු බැතිමතුන්ගේ උරුමය විදහා දක්වන නල්ලූර් කන්දසාමි උත්සවයට ආකර්ෂණීය බවක් මෙන්ම ජවයක් එක් කිරීමට මෙහිදී…
රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමයක් වන Janashakthi Life, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් පවත්වන ප්‍රධානතම අධ්‍යාපනික වැඩසටහන වන ‘ශිල්ප ශක්ති’ වැඩසටහනේ 2026 අදියර පසුගියදා සාර්ථකව අවසන් විය. අඛණ්ඩව 12 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, රටේ දරු පරපුරේ යහපත වෙනුවෙන් Janashakthi Life දරන දීර්ඝකාලීන…
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධානතම පදනමක් වන සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) මගින් රැකියා උත්පාදනය, දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සහ ප්‍රාදේශීය ආර්ථික වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි. මෙම ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ගමනේ සෑම අදියරකටම අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමේ අරමුණින්, DFCC බැංකුව විසින් ‘DFCC ප්‍රගති’ නමින් නව MSME ව්‍යාපාරික විසඳුම් එකතුවක් එළිදක්වන ලදී. විශේෂිත…
Top News
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති භාණ්ඩ හා ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාව ලබාදෙන ඕනෑම රාජ්‍ය මූල්‍ය සහායක් සඳහා නිසි පිරිවැය ඇස්තමේන්තුවක් සිදුකළ යුතු බවත්, එම සහාය යම් කාලසීමාවකට සීමා වූ සහ ඉලක්කගත එකක් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා අද (23)…
අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.27 සිට රු. 324.64ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.28 සිට රු. 333.70ක් දක්වා ත් අද (23) දිනයේ දී පහළ ගොස් ඇත. අද දින ඩොලරයේ මධ්‍ය අගය ද…
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් පහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගණුදෙනු කිරීම වළක්වාලමින් නියෝග නිකුත් කර ඇත. ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් පහත…
2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි. මෙම කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා අපනයන යන අංශ දෙකම ධනාත්මක…
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ (Evan Papageorgiou) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කෙරුණු ශ්‍රී ලංකාවේ…
“මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා” – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,…
අද (22) දිනයේ දෙවන භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. ඊයේ (21) දිනයේ දී ඒකක 20,979.18ක් ලෙසින් අවසන් වූ සියලු කොටස් මිල දර්ශකය අද පස්වරු 12.30 පමණ වන විට ඒකක 20,911ක් දක්වා පහළ යාමක් වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.35ට පමණ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන…
මුතුරාජවෙල ඝනමීටර 92,000ක ධාරිතාවකින් යුත් ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් හා ඒ ආශ්රිත පහසුකම් ඉදි කිරීම, එම ගබඩා පහසුකම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ඉන්ධන පිරවුම් පර්යන්තයට සම්බන්ධ කරන විශේෂිත ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගයක් ඉදි කිරීම සහ මුතුරාජවෙල දැනට පවතින පර්යන්තයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…
Analysis
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
Biz 24x7
Video story