• Ada Derana BIZ Sinhala
  • Greenhouse Gas
  • Maliban
  • sri lanka

මැලිබන්, අනුබද්ධ ආයතන 6ක් සමඟ හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමිකර ගනී

November, 15, 2022

ශ්‍රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වට පත්ව ඇති මැලිබන් බිස්කට් සමාගම එහි පාරිසරික, සමාජීය හා පාලන රාමුව තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත්තේ වගකිවයුතු කර්මාන්තකරුවකු ලෙස සිය ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි. මේ තුළින් මැලිබන් බිස්කට් සමාගමේ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා දේශගුණ අරමුදල විසින් ලබාදෙන ලද හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය මැලිබන් බිස්කට් සමාගම ලබා ගැනීම තවත් එක් ඉදිරි පියවරකි. මැලිබන් බිස්කට් සමාගමට අමතරව එහි අනුබද්ධ සමාගම් වන මැලිබන් මිල්ක් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්‍රි ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, වොන්ඩර් පැක් (පුද්) සමාගම, ගෝල්ඩන් බේක් (පුද්) සමාගම සහ ලිට්ල් ලයන් ඇසෝසියේට් (පුද්) සමාගම වෙතද මෙම හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැලිබන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කර සිටියේ “ආරම්භයේ පටන්ම තිරසාර බව හා වගකීම් සහගත ව්‍යාපාරකරණය අපගේ ව්‍යාපාර ආචාර ධර්මයන්හි ප්‍රධාන සාධකයක් වුණා. ලෝකයේ ඉහළම ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් සහිත යුරෝපා සංගමය, ජපානය සහ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන තවත් කලාප රැසක් ඇතුළුව රටවල් 40කට වැඩි ප්‍රමාණයක මැලිබන් නිෂ්පාදන ජනප්‍රිය වී තිබීම අපගේ නිෂ්පාදන්හි ගුණාත්මකභාවයට මනා නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. සෑමවිටම වගකීම් සහගත හා තිරසාර ක්‍රියාවලියකින් යුතු නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරන අප, හරිතකරණය ඉහළ නැංවීම සහ හරිතකරණ ඉහළ නැංවීම සඳහා අක්කර 300කට අධික බිම් ප්‍රමාණයක නිෂ්පාදන සඳහා අවශ්‍ය වගාවන් සිදු කර තිබෙනවා. ඒ තුළින් සැලකිය යුතු කාබන් ප්‍රමාණක් පරිසරයට එකතු වීම අවම කරමින් ද්‍රව්‍යමය හා ප්‍රමාණාත්මක වශයෙන් කාබන් විමෝචනය අවම කිරීමට අපට හැකි වී තිබෙනවා. මෙය අපගේ තිරසාර ව්‍යාපාර ගමනෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන අතරම එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් පරිසරයට මෙන්ම අපගේ පාරිභෝගික ප්‍රජාවට හිතකර ආකාරයෙන් ගුණාත්මක නිෂ්පාදනයක් ලබා දීමට අපි කැපවී කටයුතු කරන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි.” යනුවෙනි.

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල විසින් විගණනය කරල ලද මෙම සහතිකය මැලිබන් සමූහයට හා එහි සියලුම අනුබද්ධ සමාගම්වලට අදාළ වන අතර ඒ තුළින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මාර්ගෝපදේශ සහ අවශ්‍යතාවයන්ට අනුකූලව තිරසාර හා පරිසර හිතකාමී පිළිවෙත් අනුමනය කිරීමට අදාළ සමාගම් සතු කැපවීම අවධාරණය කරනු ලබයි.

මැලිබන් සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා තම කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රථම හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවැන්නකි. “වසර 70කට ආසන්න කාලයක් තිස්සේ අපි ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම ලොව පුරා පාරිභෝගිකයින් වෙත හොඳම අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත ඉහළම තත්වයේ ගුණාත්මක බිස්කට් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ලබා දීමට කටයුතු කර තිබෙනවා. අද වන විට අපගේ නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා විධිමත් ආකාරයෙන් පාරිසරික, සමාජීය වගකීම් පිළිබඳ ප්‍රමිතීන් හා යාන්ත්‍රණයන් ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ තුළින් පරිසරයට සිදුවන බලපෑම අවම කරමින් අපගේ පාරිභෝගිකයින් වඩාත් ප්‍රිය කරන ඉහළම තත්වයේ නිෂ්පාදන තුළින් ඔවුන්ගේ මුවගට සිනාවක් එක් කිරීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන් ISO 14064-1:2018 පදනම් කරගත් හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමිකර ගැනීම අපගේ  ආයතනික සමාජ වගකීම් වැඩසටහන්හි සාමාන්‍ය අරමුණු ඉක්මවා යන්නකි. එසේම පාරිසරික කාර්ය සාධන දර්ශකයන් ඉහළ නැංවීම සඳහා කාබන් විමෝචනය අවම කිරීමේ උපාය මාර්ග සකස් කිරීම හා අනුගමනය කිරීම විශිෂ්ට ව්‍යාපාරකරණය වෙනුවෙන් වන අපගේ සොයා ගැනීම් තව දුරටත් ඉදිරියට ගෙන යන්නක්. එය කර්මාන්තයේ නියුතු අනෙකුත් ආයතනයන්ටත් කදිම ආදර්ශයක් සපයන බව නොඅනුමානයි.”

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල යනු පරිසර අමාත්‍යාංශ විෂයය පථය යටතේ ක්‍රියාත්මක රජය සතු ස්වාධීන ආයතනයකි. එය ISO 14064-1:2018 තත්ව සහතිකයට අදාළ කර්මාන්ත හා ව්‍යාපාර වෙනුවෙන් කාබන් අවම කිරීම සඳහා වන සහතිකය ලබා දීමට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ප්‍රතීතනය ලත් ( Accerditation) ආයතනයකි.

  • Ada Derana BIZ Sinhala
  • Discount App
  • Ithiry App
  • sri lanka

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

November, 15, 2022

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා වට්ටම් ලබා දෙන මෙරට ප්‍රථම Discount App (යෙදවුම) සදාහරිත සමාගම මගින් දියත් කෙරිණි. සදාහරිත Ithiry App ලෙස නම් කර ඇති මෙම යෙදවුම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගන්නා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දිවයින පුරා වෙළෙඳසල්, ආහාර පාන, හෝටල්, රෝහල්, සෞඛය සේවා, අධ්‍යාපන සේවා ආදී ඕනෑම ක්ෂේත්‍රයක ගෙවීම් සිදු කිරීමේදි ඉහළ වට්ටම් හිමිකර ගත හැකිය.

මෙරට හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලංකාවට අගාවුඩ් ශාකය හඳුන්වා දෙමින් රටට නව ඩොලර් උත්පාදන මාවතක් හඳුන්වා දුන් සදාහරිත සමූහ ව්‍යාපාරය 2022 වසරට යෙදී තිඛෙන සිය 20 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම Discount App සේවාව හඳුන්වා දී තිබේ.

35,000කට අධික සිය පාරිභෝගික ජනතාවට ජිවිතයේ සතුට හා ආස්වාදය සැනසිලිදායකව විඳගැනිමේ අවස්ථාව හිමිකර දෙමින් දැනට වසර කිහිපයක සිට සදාහරිත Privileged Card හඳුන්වා දෙමින් දිවයින පුරා සිදුකරන ගනුදෙනු වලදී ඔවුන් විශේෂ වට්ටම් හිමිකර දී තිබේ.

සමාගමේ එම අද්විතීය පාරිභෝගික සේවාව තවත් උසස් මට්ටමකට ගෙන එමින්  නව්‍ය තාක්ෂණය හා මුසුවන සදාහරිත සමාගම iOS හා Android තාක්ෂණය වේදිකා භාවිත කරමින් Ithiry App නිර්මාණය කර ඇත. මේ අනුව Ithiry App භාවිත කරන ඔබට දේශීය වෙළඳ සන්නාම 350කට අධික සංඛ්‍යාවක් සඳහා සුවිශේෂී වට්ටම් හා වාසි හිමිකර දෙයි. ඒ අනුව දිවයින පුරා 1000කට අධික වෙළඳ මධ්‍යස්ථාන වල දී ඔබට මෙම වට්ටම් ලබා ගැනීමට හැකිය. සදාහරිත Ithiry App සේවාව මගින් දිවයිනේ ගම් නගර සිසාරා වෙසෙන සියලුම ජනතාවගේ ජීවන හා ආර්ථීක තත්ත්වයන්ට සහන සලසමින් ඉහළ වට්ටම් හා වාසි හිමිකර දෙයි.

මෙම සුවිශේෂී වට්ටම් හා වාසි ලබා ගැනීමට ඔබේ ජංගම දුරකතනය Apple දුරකතනයක් නම් App store වෙත හෝ Android  දුරකතනයක් නම් Play store වෙත පිවිස Ithiry ලෙස Search කර App එක Download කරගන්න. අනතුරුව ඔබගේ දුරකථන අංකය හෝ Google ගිණුම හෝ Facebook  ගිණුම ඇතුලත් කර සදාහරිත Ithiry App ගිණුම සක්‍රීය කරගන්න.

ගිණුම සක්‍රීය කර ගැනීමෙන් අනතුරුව ඔබට වට්ටම් හා වාසි ලබා දෙන ක්ෂේත්‍ර, සන්නාම, ඒ ඒ ප්‍රදේශවල දැනට පවතින වට්ටම් ලබා දෙන වෙළඳසැල් සහ සේවා ආදිය පිළිබඳ සියලු විස්තර දැන ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා, ඒවායේ මිල ගණන්, දැනට පවතිනවාද නැද්ද යන්න කල් ඇතිව දැන ගැනීමේ අවස්ථාවද මේ හරහා හිමිවේ. ඔබ භාණ්ඩ හා සේවා ලබා ගෙන ගෙවීම් සිදු කරන අවස්ථාවේ අදාල වෙළඳසැලේ ඇති QR කේතය Ithiry App එක හරහා Scan කර ඔබට හිමි වට්ටම් හා වාසි ලබාගත හැක.

සදාහරිත සමාගමේ අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහත්මා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි වසර විස්සක් පුරා ජනතා විශ්වාසය දිනා ගත් දේශීය සමාගමක්. අපට නිරන්තරයෙන්ම මේ රටේ ජනතාවට සහය වීමට අවශ්‍යයි. මුල්‍ය අරමුණු සාක්ෂාත් කර ගන්නා අතර අපගේ සියලුම ජනතාවට සහාය වීම සදාහරිත සමාගමේ දැක්මේ කොටසක්. මෙම Ithiry වට්ටම් සේවාව හරහා ජිවිත වඩාත් පහසු කර ගැනීමට අපි ඔවුන්ට සහය ලබා දෙනවා.”

සදාහරිත සමාගමේ සාමාන්‍යාධිකාරී (පුහුණු හා ජාල කළමනාකරණ) නිරෝෂන්  මානවඩු මහතා  මෙම සුවිශේෂී දීමනාව පිළිබඳ අදහස් දක්වමින්  මෙසේ පැවසීය. “සදාහරිත සමාගම ආරම්භ කරලා මේ 2022 වසරට වසර 20ක් සැපිරෙනවා. ඉතාමත් සාර්ථක ගමන් මගක පැමිණි අප සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හරිත ආයෝජන සමාගම වශයෙන් ජනතා විශ්වාසය දිනා ගනිමින් සුවිශේෂ සන්ධිස්ථානයක් තමයි මේ පසු කරන්නෙ. ඒ අනුව රටේ පවතින වර්තමාන තත්ත්වය සහ අපගේ 35,000කට අධික පාරිභෝගික ජනතාව තැබු විශ්වාසයට කෘතගුණ සැලකීමක් වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහත්මා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙම සුවිශේෂි Ithiry App සේවාව හරහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සහාය දක්වන්න තීරණය කළා. විශේෂයෙන්ම අපගේ පාරිභෝගික ජනතාවට Ithiry App  හරහා ඉහළ සුවිශේෂී වට්ටම් හා වාසි හිමි වෙනවා.”

ඔබත් අදම සදාහරිත Ithiry App ඔබේ ජංගම දුරකථනයේ ස්ථාපනය කරගෙන මෙම වට්ටම් හා වාසි හිමිකර ගන්න.

  • Ada Derana BIZ Sinhala
  • government service
  • sri lanka

රාජ්‍ය සේවයේ දාහතරලක්ෂ පනස්දහසක් ගැන සමාලෝචනයක්

November, 14, 2022

"වර්තමානය වන විට විවිධ රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකයන් දාහතරලක්ෂ පනස්දහසක් (1,450,000) කට ආසන්න පිරිසක් සේවය කරනවා. එමනිසා, රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ඔවුන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් වැය කළ යුතු වනවා. එබැවින් සංවර්ධන කාර්යයන් ඇතුළු අනෙකුත් පොදු කාර්යයන් වෙනුවෙන් සම්පත් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම නිසා, වත්මන් අවශ්‍යතාවයට අනුකූලව රාජ්‍ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට මම යෝජනා කරනවා."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දින 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.

  • Ada Derana BIZ Sinhala
  • Budget
  • cost
  • income
  • sri lanka

ආදායම 3,415 යි. වියදම 5,819 යි. හිඟය 2,404 යි. අයවැයේ සාරාංශය මෙන්න

November, 14, 2022

2023 අයවැය ඇස්තමේන්තු සාරාංශය පහතින් දක්වා තිබේ.

2023 වසර සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම් හා ප්‍රදාන රු. බිලියන 3,415 ක් ලෙසින් දක්වා ඇති අතර මුළු වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 5,819 ක් වේ.

මේ අනුව 2023 වසරේ අයවැය හිඟය රු. බිලියන 2,404 කි.

එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Budget 2023
  • sri lanka
  • water bottles

පානීය ජල බෝතල්වලට ආරක්ෂිත මුද්‍රාවක්

November, 14, 2022

සෞඛ්‍ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14)  අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේය.

ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදු කරනු ලබන අවස්තාවේ දීම ඒ සඳහා ආරක්ෂිත මුද්‍රාවක් (Sticker) යෙදීමට හැකිවන පරිදි අවශ්‍ය ක්‍රමවේද හඳුන්වා දීමට සහ පසුවිපරම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගත යුතු බවයි.

පානීය ජල බෝතල් භාවිතය සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදු කරනු ලබන අවස්ථාවේදීම ඒ සඳහා ආරක්ෂිත මුද්‍රාවක් (Sticker) යෙදීමට හැකිවන පරිදි අවශ්‍ය ක්‍රමවේද හඳුන්වා දීමට සහ පසුවිපරම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගත යුතුය.

  • Ada Derana BIZ Sinhala
  • Budget 2023
  • electric cars
  • sri lanka

ඉලෙක්ට්‍රික් කාර් එකලස් කිරීමට සහ භාවිතයට දිරිගැන්වීම්

November, 14, 2022

විද්‍යුත් වාහන එකලස් කිරීම මෙන්ම, දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා  අවශ්‍ය දිරිගැන්වීම් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (14) සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේය.

"විද්‍යුත් මෝටර් කාර් (Electric Cars) එකලස් කිරීම මෙන්ම, දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහාත් අවශ්‍ය දිරිගැන්වීම් සිඳු කරනු ලැබේ. ඒ අනුව මෝටර් වාහන එකලස් කිරීම සිඳු කරනු ලබන ආයතන විසින් අවම වශයෙන් 25% ක දේශීය අගය එකතු කරනු ලබන සහ එයට අවශ්‍ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙහි දී, දේශීය විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා දේශීය අගය එකතු කිරීම සහ දේශීයව නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ උපාංග භාවිතා කරනු ලබන බව සහතික කිරීම සඳහා සියලුම ලියාපදිංචි විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් සහ අනුමත දේශීය විද්‍යුත් මෝටර් රථ එකලස් කරන ආයතන සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්දතියක් සිථාපිත කිරීමට යෝජනා කරමි."

  • Ada Derana BIZ Sinhala
  • Hilton
  • Insurance Corporation
  • restructure
  • sri lanka
  • Telecom
  • Water's Edge

ශ්‍රීලංකන්, ටෙලිකොම්, හිල්ටන්, වෝටර්ස් එජ් සහ රක්ෂණ සංස්ථාව මුලින්ම ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට යෝජනාවක්

November, 14, 2022

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇති බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද (14) දින කියා සිටියේය.

පසුගිය මාස හය තුළ කිහිපවතාවක් රාජ්‍ය මූල්‍ය වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ කඩිනම් අවශ්‍යතාවයක් ඇතිවිය. අතුරු අයවැය මගින් පොරොන්දු වූ පරිදි රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ සුවිශේෂී කාර්යය භාරය සඳහා මේ වන විට මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇත.

 

  • Ada Derana BIZ Sinhala
  • Budget 2023
  • Passport
  • sri lanka
  • Visa

පාස්පෝට්, වීසා ගාස්තු ඉහළට

November, 14, 2022

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දින සිය අයවැය කතාවේ දී යෝජනා කර සිටියේය.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියේදී බදු නොවන ආදායම ඉහළ නැංවීමද වැදගත් වේ. එබැවින් විවිධ ගාස්තු 2023 ජනවාරි 01 වන දින සිට සියයට 20කින් ඉහළ නැංවීමට මම යෝජනා කරනවා. එහෙත්, 2022, 2021 සහ 2022 යන වසර වලදී දැනටමත් ඉහළ නංවා ඇති විවිධ ගාස්තු මෙම යෝජනාව මඟින් සංශෝධනය කෙරෙන්නේ නැහැ.

ඒ ආකාරයටම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරනවා.

රාජ්‍ය ආයතන විසින් අයකරන හා එකතු කරන පුරස්කාරක, කුලී සහ අනෙකුත් බදු නොවන ආදායම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මහා භාණ්ඩාගාරයට නිර්දේශ ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමටත් මම යෝජනා කරනවා.

රැස්කළ ආදායම් ඒකාබද්ධ අරමුදලට ප්‍රේෂණය කිරීමේ ප්‍රමාදය හේතුවෙන් දැරීමට සිඳු වන පරිදි දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ විසින් එකතු කරන ආදායම් සහ ලැබීම් දෛනිකව සෘජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් යථා කාලයේ දී උපදෙස් නිකුත් කිරීමට අවශ්‍ය පියවර මහා භාණ්ඩාගාරය විසින් ගනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • export
  • sri lanka
  • Trailoka Vijaya Patra

‘ත්‍රෛලෝක විජය පත්‍ර‘ අපනයනයට යෝජනාවක්

November, 14, 2022

ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයන සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා තමන් යෝජනා කරන බවත් ඒ සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැය කතාවේ දී අද (14) දින කියා සිටියේය.

ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතු යැයි මා යෝජනා කරනවා.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා.

  • Ada Derana BIZ Sinhala
  • Beedi
  • Budget 2023
  • sri lanka
  • tax

බීඩි බද්ද ඉහළට

November, 14, 2022

බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය කතාවේ දී අද දින කියා සිටියේය.

බීඩි කර්මාන්තය විධිමත් කිරීම සහ බීඩි භාවිතයෙන් වැළැකීමට ජනතාව පෙළඹවීම සඳහා, බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව, සහතික හා බලපත්‍ර ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු ද වැඩි කරනු ලබනවා.