• Ada Derana BIZ Sinhala
  • Postage
  • Printing
  • sri lanka
  • Stamps

තැපැල්, මුද්දර, මුද්‍රණ ශාන්ත ට

October, 18, 2022

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා යටතට පැවරෙන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සහ ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් ගැසට් කර තිබේ.

ඒ අනුව මුද්දර ආඥාපනත, තැපැල් කාර්යාල ආඥාපනත සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතන පනත ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විසින් ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් වේ.

තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුදුණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය ඔහු යටතට ගැනෙන දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන අතර වේ.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

රු. මිලියන 75,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට

October, 18, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (19) දිනයේ දී රු. මිලියන 75,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 30,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ලංසු ඉදිරිපත් කළ යුතු වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Oil Corporation
  • Profits
  • sri lanka

තෙල් සංස්ථාව ලාභ ලබයි. මාස 03 ක ලාභය රු. මිලියන 13,000 ඉක්මවයි

October, 18, 2022

මූල්‍ය කළමනාකරණය, කාර්යක්ෂමතාවය හා මිල සංශෝධනය යන කරුණු සාක්ෂාත් කර ගැනීම හරහා පසුගිය මාස 03ක කාලය තුළ දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන මට්ටමට පැමිණ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (18) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

ඒ අනුව පසුගිය ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවල දී සංස්ථාව අඛණ්ඩව ලාභ වාර්තා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

කෙසේවෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ මෙලෙස ලබන ලාභය සංස්ථාවේ අලාභ පියවීමට ප්‍රමාණවත් නොවන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබුණු ඩොලර් මිලියන 700ක ණය දෙසැම්බර් වන විට පියවිය යුතු බවත්, රු. මිලියන 252 ක් මහා භාණ්ඩාගාරයට පියවිය යුතු බවත්ය.

අමාත්‍යවරයා පවසන පරිදි 2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා තෙල් සංස්ථාව එක් එක් මාසය තුළ දී ලැබූ ලාභ අලාභ පහත පරිදි වේ.

ජනවාරි අලාභය‍ රු. මිලියන 2,900

පෙබරවාරි අලාභය රු. මිලියන 12,000

මාර්තු අලාභය රු . මිලියන 348,969

අප්‍රේල් අලාභය රු. මිලියන 239,912

මැයි අලාභය රු. මිලියන 35,063

ජූනි අලාභය රු. මිලියන 678

ජූලි ලාභය රු. මිලියන 6,314

අගෝස්තු ලාභය රු. මිලියන 1,775

සැප්තැම්බර් ලාභය රු. මිලියන 5,600

 

 

 

  • 32-inch Smart HD TV
  • Ada Derana BIZ Sinhala
  • Samsung
  • sri lanka
  • three-side bezel-less

සුපැහැදිලි දසුන් සමඟින් අඛණ්ඩ නැරඹුම් අත්දැකීමක් ඔබට ලබා දෙන Samsung හි අඟල් 32 HD රූපවාහිනිය

October, 18, 2022

ආකර්ෂණීය දීමනා සමඟින් දිවයින පුරා පිහිටි සැම්සුන් හි බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් දැන් ලබා ගත හැක

ලොව අංක 1 රූපවාහිනී සන්නාමය වන සැම්සුන් හි three-side bezel-less තිරය සහිත අඟල් 32 HD රූපවාහිනිය ඔබට තාක්ෂණයෙන් පරිපූර්ණ විශේෂාංග රැසක් සමඟින් සීමා මායිම් නැති රසවින්දනයක් ඔබ වෙත රැගෙන එයි. පාරිභෝගිකයින්ට තිරය කුඩා ප‍්‍රමාණයේ වුවත් විශේෂාංග රැසකින් සමන්විත රූපවාහිනියක් සොයන පරිභෝගිකයින්ට ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් සඳහා ඉතා නිවැරදි හා උසස් තත්වයේ නැරඹුම් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් මෙම රූපවාහිනිය නිර්මාණය කර තිබීම විශේෂිතය.

මෙම රූපවාහිනිය සැම්සුන් හි නිල online වෙළෙඳ වෙබ් අඩවිය වන Samsung EStore සහ බලයලත් හවුල්කරුවන් වන Singer, Softlogic, Singhagiri සහ Damro වෙතින් රු. 2777ක් වැනි ආකර්ෂණීය අවම මාසික වාරික සැලසුමකට දැන් ඔබට මිලදී ගත හැකිය.

High Dynamic Range සහ PurColor technologies වෙතින් බලගැන්වුනු මෙම රූපවාහිනිය මගින් අඳුරුතම හා දීප්තිමත් දසුන්වලට සමානව ඉතා උසස් තත්වයේ රූපරාමු තිරය මතට ගෙන ඒමට පුළුල් වර්ණ පරාසයක් ලබා දෙයි. Contrast Enhancer ර මගින් නරඹන්නාට වැඩි දියුණු කළ සුපැහැදිලි හා ගැඹුරු රූප රාමු ලබා දෙන අතරම Ultra Clean View තාක්ෂණය තුළින් සැබෑ රූපය මනාව විශ්ලේෂණය කරමින් අඩුපාඩු අවම ඉහළම තත්වයේ රූප රාමු ලබා දෙයි.

මෙම රූපවාහිනිය Dolby Digital Plus තාක්ෂණයෙන් සන්නද්ධ නිසා එහි ඇති ත‍්‍රිමාණ (3D) ශබ්ද තරංග සමඟින් නරඹන්නන්ට ඔවුන්ගේ නිවෙස්වල සුවපහසුව සිටිමින් සැබෑ සිනමාරූපී අත්දැකීමක් විඳගැනීමට හැකියාව ඇත.

විශේෂයෙන්ම කුඩා කාමරවලට යෝග්‍ය ලෙස ඉතා අපූරුව නිර්මාණය කර ඇති මෙම හැඩකාර  රූපවාහිනිය පාරිභෝගිකයින් වැඩි වශයෙන් භාවිත කරනු ලබන PC Mode සහ Screen Mirroring වැනි බහු-ක‍්‍රියාකාරී විශේෂාංග රැසකින් සමන්විතය. අන්තර්ගතයට කැමැත්තක් දක්වන්නන්ට එහි ඇති Universal Guide මගින් වමක් නැරඹීමේදී තමාගේ කැමැත්ත පරිදි නැරඹිය යුතු දේ ඉක්මනින් තීරණය කිරීමට සහාය වෙයි.

මෙම three-side bezel-less තිරය සහිත අඟල් 32 HD රූපවාහිනිය අපගේ සැම්සුන් Smart TV මාලාවට කදිම එකතුවකි. විශිෂ්ට හා රසවින්දනාත්මක නැරඹුම් අත්දැකීමක් ලබා දෙන කුඩා ප‍්‍රමාණයේ රූපවාහිනියක් සොයන පාරිභෝගිකයින් සඳහා එය කදිම තේරීමකි. එමෙන්ම ආකර්ෂණීය EMI විසඳුම් පිරිනමමින් බහු-ක‍්‍රියාකාරී රූපවාහිනියක් ලෙස ඔබ නිවසේ සිට වැඩ කිරීමේදී home office තිරයක් හෝ gaming monitor එකක් ලෙස ද මෙය භාවිත කළ හැකිය.

Three-side bezel-less තිරය සහිත අඟල් 32 HD රූපවාහිනිය සතු තාක්ෂණයෙන් පරිපූර්ණ විශේෂාංග

Universal Guide

පරිශීලකයින් විසින් රූපවාහිනිය නැරඹීමේදී නිවැරදි අන්තර්ගතයන් සෙවීමට ගත කරන කාලය අවම කරන මෙම නව අඟල් 32 රූපවාහිනිය ඔවුන්ට නැරඹිය යුතු දේ ඉක්මනින් තීරණය කිරීමට උපකාර වන Universal Content Guide එකක් සමඟ ඔබ වෙත එයි. Smart feature මගින් ජනප‍්‍රිය වීඩියෝ නැරඹීමේ යෙදවුම් (streaming apps) වලින් බෙදහදා ගනු ලබන අන්තර්ගතයන් ලැයිස්තුවකින් පරිශීලකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම චිත‍්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සොයා ගැනීමට උපකාර කරයි.

PC Mode

මෙම රූපවාහිනිය මගින් කාර්යාලීය සහ දුරස්ථව සිට වැඩ කිරීමේ මිශ‍්‍ර සේවා සංස්කෘතියක අත්දැකීමක් ඔබට ලබා දෙන අතර ඉතා පහසුවෙන් රූපවාහිනී ආකෘතියක සිට පෞද්ගලික පරිගණකයක් බවට පත් කිරීමේ පහසුව පරිශීලකයාට ලබා දෙයි. පාරිභෝගිකයින්ට ලිපි ලේඛන සකස් කිරීමට හෝ රූපවාහිනියේ ඇති cloud විශේෂාංගය හරහා බාධාවකින් තොරව වැඩ කටයුතු කිරීමට හැකියාව ලබා දෙයි. තවද පරිශීලකයින්ට විශාල තිර අත්දැකීමක් විඳ ගැනීමට අන්තර්ජාල සබඳතාවකින් තොරව wireless screen mirroring ද භාවිත කළ හැකිය.

Web Browser

මෙම රූපවාහිනිය තුළ ඇති inbuilt browser හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම වෙබ් අඩවි පුරා සැරිසැරීමට ඉඩ සලසයි.

Screen Mirroring

මෙහි ඇති Screen Mirroring පහසුකම මගින් පරිශීලකයින්ට අඛණ්ඩ විනෝදාස්වාදයක් ලබා දෙයි. එහිදී screen mirroring හරහා පරිශීලකයින්ට ඔවුන්ගේ ජංගම දුරකතන හෝ වෙනත්  ඕනෑම ාැඩසජැ එකක් භාවිත කරමින් නිදහසේ අන්තර්ගතය භාවිත කිරීමට හැකියි.

දීමනා සහ මිලදී ගත හැකි ආකාරය

සැම්සුන් හි මෙම HD smart රූපවාහිනිය ඔ20 ලෝක කුසලාන සමය වෙනුවෙන්ම නිර්මාණය කළ ආකර්ෂණීය දීමනා සමඟින් Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් මිලදී ගත හැකිය.

  • Ada Derana BIZ Sinhala
  • colombo
  • Port City
  • sri lanka

කොළඹ වරාය නගරය සිය 8 වන සංවත්සරය සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික පුස්තකාලයට ළමා ග්‍රන්ථ 2,500ක පරිත්‍යාගයක්

October, 18, 2022

ලෝක ළමා දිනය හා සිය සංවත්සරය නිමිති කොටගෙන ජාතික පුස්තකාලය වෙත ළමා ග්‍රන්ථ 2,500ක් පරිත්‍යාග කිරීමට CHEC Port City Colombo (CPCC) සමාගම විසින් පසුගිය දා කටයුතු කරන ලදී. මෙසේ පරිත්‍යාග කරන ලද්දේ “City Rising from the Ocean” යන ආදර්ශමත් , අධ්‍යාපනික ළමා ග්‍රන්ථයේ සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනය කළ පිටපත් ය. අනාගත පරපුර ප්‍රබෝධමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ඉදිකරන ලද ප්‍රථම හා ප්‍රධානතම සැලසුම් සහිත නගරය වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම පිළිබඳ ආකර්ෂණීය කතාවක් මෙහි ඇතුළත් කොට ඇත. 2021 වසරේ දී මුල් වරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම ග්‍රන්ථයේ පිටපත් 2,000 ක් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට පරිත්‍යාග කෙරිණි. එම ග්‍රන්ථ පරිත්‍යාගයට සමගාමීව, CPCC ආයතනය විසින් ජාතික පුස්තකාලයේ චීන ග්‍රන්ථ අංශය නවීන කියවීමේ පහසුකම් සමඟින් ප්‍රතිසංස්කරණය කිරීමද සිදුවිය.

ශ්‍රී ලාංකික දුවා දරුවන්ට හා තරුණ ප්‍රජාවට නැවුම් වූ අවස්ථා නිර්මාණය කිරීම මූලික කරගනිමින් විවිධ මුලපිරීම් සමඟින් ඉදිරියට යන CPCC සමාගම, කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි එකම ආයෝජකයා හා ප්‍රධාන සංවර්ධකයා ද වේ. කියවීම ප්‍රවර්ධනය කිරීම හරහා දරුවන්ගේ නව නිර්මාණාත්මක චින්තනය ගොඩනංවමින් ඔවුන් තුළ ඉගෙනීමට ඇති ආශාව වර්ධනය කිරීම සඳහා ධනාත්මක බලපෑමක් සිදු කිරීමට CPCC දරන උත්සාහය මෙම වසරේ සිදු කළ පොත් පරිත්‍යාගය තුළින් මනා ලෙස පිළිඹිබු වේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි 8 වන සංවත්සරය සහ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් අදාළ පරිවර්තන පිටපත් 2,500 ක කට්ටලය CPCC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නියෝජනය කරමින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ CIFC සංවර්ධන ව්‍යාපෘතියෙහි සහකාර විධායක අධ්‍යක්ෂ - ශාලක විජයරත්න මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් විසින් ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මීට අමතරව මෙම උත්සවයට ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂිකා පද්මා බණ්ඩාරනායක, ව්‍යාපෘති සේවා සහකාර අධ්‍යක්ෂිකා ඉරෝමි විජේසුන්දර, ග්‍රන්ථ නාමලේඛන පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අනෝමා විජේසිංහ සහ පුස්තකාල පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ මෛත්‍රී ජයසුන්දර යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජයරත්න මහතා පැවසූයේ, “කොළඹ වරාය නගරය හුදෙක් නගරයක් පමණක් ම නොවේ. එය අදහසක් යථාර්ථයක් බවට පත්වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. අදහසක් ඔස්සේ සියල්ල මුල සිට ආරම්භ කර, දක්ෂතාව හා අධිෂ්ඨානය ඔස්සේ  විශිෂ්ඨ  නිර්මාණ බිහි කිරීමට හැකිය. මීළඟ පරපුරට අප ලබාදිය යුත්තේ මෙවැනි ආදර්ශයි. එම නිසා ජාතික පුස්තකාලයට මෙම පරිත්‍යාගය සිදුකිරීමට හැකිවීම අපට මහත් සතුටක් මෙන්ම මෙය අපගේ උත්සාහයේ සාර්ථකත්වය නැවත වරක් තහවුරු කිරීමක්. එමෙන්ම මෙය ජාත්‍යන්තර ළමා දිනය සැමරීමට ලැබුණු අගනා අවස්ථාවක් ද වේ”. අවසන් වශයෙන් ඔහු පවසා සිටියේ,  ළමා පරපුර මේ ආකාරයට දිරිමත් කිරීම තුළින් ඔවුන්ගේ නිර්මාණශීලී චින්තනය පෝෂණය කිරීම හරහා ශ්‍රී ලාංකික දූ දරුවන්ට ගෝලීය පුරවැසියන් සමඟ එක්ව සාර්ථක, තරඟකාරී ගමනක් යාමට අවස්ථාව උදාකර දිය හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.

2022 වසරේ මුල සිට ඉදිකිරීම් කටයුතු අවසන් කෙරුණු කොළඹ වරාය නගරයේ පොදු ස්ථාන ක්‍රමයෙන් මහජනතාවට විවෘත විය. නිල විවෘත කිරීමෙන් පසුව ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ වාර්තාගත ලෙස 700,000 ක පමණ ජනතාවක්  සැහැල්ලු යාත්‍රාංගණය හා සෘජු පදික මංතීරුව නැරඹීමට පැමිණ ඇති බව වාර්තා වේ. වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව, හෙක්ටයාර 91 ක  භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර 53 ක් පුරා විහිදුණු හරිත අවකාශයන්, කිලෝමීටර් 2 ක දිගින් යුත් වෙරළ තීරයක්, හෙක්ටයාර 14 ක මධ්‍යම උද්‍යානයක්, පදික මංතීරු, ඇල මාර්ග  සහ උද්‍යාන එකිනෙක සම්බන්ධ කරන මංමාවත් ආදිය මීට ඇතුළත් ය.

 කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතියයි.  එය  ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සුවිශේෂී මිත්‍රත්වයේ ප්‍රතිඵලයකි. 2019 දී මෙහි ගොඩකිරීම් සහ නාගරික යටිතල පහසුකම් සම්පූර්ණ කරන ලදි.  2021 මැයි මස සිට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත බලාත්මක කිරීමත් සමඟ එය දකුණු ආසියාවේ මූල්‍ය හා නවීන සේවා සඳහා විශේෂ ආර්ථික කලාපය බවට පත් වීමට සැලසුම්කර ඇත. කොළඹ වරාය නගරයේ එකම ආයෝජකයා සහ ප්‍රධාන සංවර්ධකයා වන CPCC විසින් ඩොලර් බිලියන 1.4 ක මුදලක් මෙහි ගොඩකිරීම් සහ යටිතල පහසුකම් සඳහා මේ වන විටත් ආයෝජනය කර තිබේ. නිශ්චල වත්කම් සංවර්ධනය සඳහා කොළඹ වරාය නගරය තුළ ජනනය වන අපේක්ෂිත සෘජු විදේශ ආයෝජනය  ඇමරිකානු ඩොලර් බිලියන 15 කි. ඉදිකිරීම් කාලය තුළ කොළඹ වරාය නගරය තුළින් රැකියා අවස්ථා 8,000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වූ අතර අනාගතයේ දී ගුණාත්මක රැකියා 83,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට නියමිතය. එමගින් සමස්ත ජනගහනය වන 273,000 කට අවශ්‍ය ජීවන පහසුකම් සැලසීමට හැකිවන අතර,  වසරකට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 13.7 ක් වනු ඇත.

  • 06 companies
  • 06 months
  • Ada Derana BIZ Sinhala
  • Fuel
  • sri lanka

මාස 06 කදී සමාගම් 06කින් ඉන්ධන ගෙන්නලා

October, 18, 2022

පසුගිය මාස 06ක කාලය තුළ ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී ප්‍රධාන සැපයුම්කරුවන් හයදෙනෙකුගෙන් ඉන්ධන ආනයනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

එක සැපයුම්කරුවෙක්ගෙන් නෙමෙයි, පහුගිය මාස හයේ ප්‍රධාන සැපයුම්කරුවන් පස්දෙනෙක්ගෙන් අපි ඉන්ධන ආනයනය කරලා තියෙනවා.

ඉන්දියන් ඔයිල් සමාගමෙන්, කොරල් සමාගමෙන්, විටොල් සමාගමෙන්, BP එනර්ජි සමාගමෙන්, ස්විස් සිංගප්පූරු සමාගමෙන් අරන් තියෙනවා, හයවෙනි සමාගම අපි ගුවන් යානා ඉන්ධන ගෙනියන්න Fits Air කියන සමාගමට අපි දීලා තියෙනවා.

මේ සමාගම් හයෙන්ම පහුගිය මාස හයේ අපි ඉන්ධන ලබාගෙන තියෙනවා.

  • Ada Derana BIZ Sinhala
  • International gem auction
  • sri lanka
  • tomorrow

ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් අනිද්දා

October, 18, 2022

ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් ආරම්භ කිරීමට නියමිත බවත්, එහි ආරම්භක වෙන්දේසිය විදේශිකයන් සඳහා ඔක්තෝබර් 20 දින පැවැත්වීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (18) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

2023 ජනවාරි මස ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් හා වෙළෙඳපොළක් සංවිධානය කිරීමට අපේක්ෂා කෙරේ.

තවද ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් ආරම්භ කිරීමට නියමිතය.

එහි ආරම්භක වෙන්දේසිය විදේශිකයින් සඳහා ඔක්තෝබර් මස 20 වන දින පැවැත්වීමට නියමිතය.

විදේශ රටවල පැවැත්වෙන මැණික් වෙළෙඳ හා අලෙවි ප්‍රදර්ශනවලට තානාපති කාර්යාල හරහා තොරතුරු ලබා ගෙන ඒ සඳහා සහභාගී වීමට පහසුකම් සැපයීමට අපේක්ෂා කරයි.

 

 

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • Great Place to Work®
  • Legends
  • sri lanka

DIMO 10 වන වතාවටත් Great Place To Work සම්මානය දිනාගනිමින් Legends නාමයෙන් පිදුම් ලබයි

October, 18, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, පසුගියදා පැවති 'Great Place To Work' සම්මාන උළෙලේ දී, සේවය කිරීම සඳහා හොඳ ම ආයතනයක් ලෙස අඛණ්ඩව 10 වැනි වරටත් සම්මානයට පාත්‍ර වෙමින් Legends නාමයෙන් පිදුම් ලබයි.

DIMO සමාගමේ විධායක අධ්‍යක්ෂිකා / සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිණී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, “වසංගත තත්ත්වය නිසා නිර්මාණය වූ අභියෝගවලට අප සමාගම කෙතරම් හොඳින් මුහුණ දී තිබෙනවාද යන්න වගේ ම ඒ වෙනුවෙන් අප අනුගමනය කළ ආයතනික ක්‍රියා මාර්ග DIMO කණ්ඩායම කෙතරම් දුරට පිළිගෙන තිබෙනවා ද යන්න මෙම සම්මානයෙන් පෙන්නුම් කරනවා.  අපි අපගේ මානව සම්පත වෙත අවධානය යොමු කිරීම නිසා ම  වසර 10 ක් අඛණ්ඩව මෙම වටිනා සම්මානය දිනා ගැනීමට හැකි වුණා. අපගේ වටිනා සේවක සේවිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම පිළිබඳ අරමුණ යතාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් අප දියත් කරන වැඩසටහන් වඩාත් සාර්ථක බව මෙම සම්මානය මගින් තහවුරු කරනවා." යනුවෙනි.

DIMO සමාගම ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර,සේවක වටිනාකම්  කෙරෙහි අවධානය යොමු කරමින් දශක ගණනාවක් පුරා සිය ආයතනික පරිසරය තුළ විශිෂ්ටයින් රැසක් බිහි කිරීමට සමත්ව ඇත. යම් ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා  විවිධ දක්ෂතා සහිත වෘත්තිකයින් සිටීම ඉතා වැදගත්‍ ය. එමෙන් ම තමා වෙත පැමිණෙන වෘත්තිකයින් සම්බන්ධ කර ගැනීමේ දී ඔවුන් සතු කුසලතා පිළිබඳව පමණක් අවධානය යොමු කරන DIMO සමාගම සිය සේවක සේවිකාවන්ට කණ්ඩායමක් ලෙස ගොඩනැඟිය හැකි ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට උපරිමයෙන් කැප වෙයි.

DIMO සිය සේවක සේවිකාවන්ගේ නිදහස අගයමින්, සැම විට ම ඔවුන්ගේ අදහස්වලට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරන අතර, සෑම සේවකයෙකු වෙත ම අරමුණුගත කාර්යයභාරයක් පැවරෙන නිසා එය සමාගමේ මෙහෙවර සමඟ සක්‍රීයව බැඳී පවතී. එමෙන් ම DIMO සමාගමේ විවෘත ප්‍රතිපත්ති සහ ආයතනික වශයෙන් මෙන් ම, ඉන් පරිබාහිරවත් වෘත්තීය සංවර්ධනය  කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද එම සමාගම ප්‍රමුඛතාව ලබා දෙයි.

ඕනෑ ම අභියෝගාත්මක තත්ත්වයක දී ඉතා ඉක්මණින් හා විශ්වාසයෙන් එම තත්ත්වයට හැඩගැසිය හැකි, කඩිසර මෙන් ම ශක්තිමත් ශ්‍රම බලකායක් DIMO සමාගම සතු වන අතර, අව්‍යාජ නායකත්වය, විනිවිදභාවය හා සමානාත්මතාව එම සමාගම කෙරෙහි සේවක සේවිකාවන්ගේ විශ්වසනීයත්වය වර්ධනය කිරීමට හේතු වී ඇත. DIMO සමාගම සතු නායකත්වය ද එම සමාගමේ බැඳීම් වර්ධනය කිරීමට සමත් බව පැවසිය හැකිය.

සමස්තයක් ලෙස, කුසලතාව හා සමානාත්මතාව තුළින් සිය සේවක සේවිකාවන් බලගැන්වීමට කටයුතු කරන DIMO සමාගම  නිර්මාණශීලී චින්තනයකින් යුතු පරිපූර්ණ වෘත්තිකයෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙයි. සිය බඳවා ගැනීමේ හා කුසලතා වර්ධන ක්‍රියාවලිය හේතුවෙන් සේවක සේවිකාවන්ගේ හැකියාවන් හොඳින් අවබෝධ කරගන්නා DIMO සමාගම එම හැකියාවන්  ඉක්මණින් වර්ධනය කරගැනීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙයි.

DIMO, සමාගම සිය සේවක සේවිකාවන්ගේ විවිධ හැකියාවන් හඳුනා ගනිමින්, එම හැකියාවන් ඔස්සේ ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන අතර, එහි දී හඳුනාගන්නා දක්ෂතා සපිරි පුද්ගලයින් සාර්ථකත්වය කරා මෙහෙයවීමට, සහාය දීමට සහ අභිප්‍රේරණය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි.

 

ඡායාරූපය: DIMO සමාගමේ  මානව සම්පත්  කළමනාකරණ අංශයේ  සාමාජිකයින්  සමාගමේ කළමනාකාරිත්වය සමග  'Great Place To Work' සම්මාන උළෙලේ දී

  • Ada Derana BIZ Sinhala
  • September
  • sri lanka
  • Sri Lanka Purchasing Managers’ Index

නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යද්දී සේවා ක්‍රියාකාරකම්වල සුළු ඉහළ යෑමක්

October, 18, 2022

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 සැප්තැම්බර්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වලට අනුව 2022 සැප්තැම්බර් මාසයේ දී, සේවා ක්‍රියාකාරකම්වල සුළු ඉහළ යෑමක් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් දක්නට ලැබුණි.

පෙර මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 සැප්තැම්බර් මාසයේ දී පහළ යන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 සැප්තැම්බර් මාසයේ දී 51.2ක දර්ශක අගයක් වාර්තා කරමින් සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑම හේතු විය.

නව ඇනවුම් සහ නිෂ්පාදන පහළ වැටීම කෙරෙහි ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඟඇලුම් නිෂ්පාදන යන අංශයන්හි දක්නට ලැබුනු පසු බැසීම ප්‍රධාන වශයෙන් දායක විය.

පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පිරිහීම හේතුවෙන් මෙලෙස ඉල්ලුම පහත වැටුනු බව, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය ද ඇතුළුව ප්‍රධාන වශයෙන් දේශීය ඳවෙළපොළ අරමුණු කරගෙන නිෂ්පාදන කටයුතුවල නියැලෙන බොහෝ ප්‍රතිචාර දැක්වූවන් ඳසහන් කරන ලදී.

තවද, ප්‍රධාන අපනයන ගමනාන්තයන්හි ආර්ථික අවපාතයන් අත්වීමට ඇති ඉඩකඩ ඳපිළිබව පවතින බිය හේතුවෙන් විදේශ ඉල්ලුමෙහි ද අඩු වීමක් දක්නට ලැබෙන බව අපනයනාභිමුඛ කර්මාන්තවල යෙදී සිටින නිෂ්පාදකයින් ඳසහන් කරන ලදී.

එසේ වුව ද, රෙදිපිළි හා ඟඇලුම් නිෂ්පාදන අංශයේ සේවා නියුක්තියේ වර්ධනයක් දක්නට ලැබුණු අතර සමස්ත සේවා නියුක්තිය පෙර මාසයේ පැවති මට්ටමහිම පැවතුණි. සේවක ඟහියෙන් නිතර පීඩා ඳවීන ඟඇළුම් කර්මාන්තය, ව්‍යාපාර ඳපිළිබව ඉදිරි දැක්ම යහපත් නොවන තත්ත්වයක් වුව ද, යහපත් ශ්‍රම සැපයුමක් පවතින වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් එම අංශයට සේවා නියුක්තිකයන් ඳබවා ගැනීමට නැඹුරු වී ඇත.

නව ඇනවුම් සහ නිෂ්පාදන අඩු වීමට සමගාමීව තොග මිලදී ගැනුම් අඩු වූ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය 2022 සැප්තැම්බර් මාසයේ දී සුළු වශයෙන් වර්ධනය විය.

මෑත කාලීනව යම් ප්‍රගතියක් දක්නට ලැබුණ අඩු විදේශ විනිමය ලබා ගැනීමේ අපහසුතා තව දුරටත් පැවතීම හේතුවෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට තමන් අඛණ්ඩට මුහුණ දෙන බව සමහර ප්‍රතිචාර දැකිවූවන් ඳසහන් කරන ලදී.

ඉදිරි මාසවල දී ඉල්ලුම් අංශයේ පවතින බාධාවන් වර්ධනය වීමට ඇති හැකියාව හේතුවෙන්, ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන කටයුතු ඳසහා වන අපේක්ෂාවන් 2022 සැප්තැම්බර් මාසයේ දී පහත වැටෙන ලදී.

සේවා අංහයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 සැප්තැම්බර් මාසයේ දී 51.2ක දර්ශක අගයක් වාර්ත කරමින් සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑම හේතු විය.

ප්‍රධාන වශයෙන්, මූල්‍ය සේවා, නවාතැන් හා ආහාරපානස සැපයීමේ සේවා සහ අධ්‍යාපන යන උප අංශවල දක්නට ලැබුණු ඉහළ යෑම සමඟ, 2022 අගෝස්තු මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසයේ දී නව ව්‍යාපාර වර්ධනය විය.

ඉන්ධන හිඟය පහව යෑම සහ ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම මධ්‍යෙය් සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සැප්තැම්බර් මාසයේ දී තව දුරටත් ඉහළ ගියේය. ඒ අනුව, මූල්‍ය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා, අධ්‍යාපන සහ රක්ෂණ යන උප අංශවලට අදාළ ව්‍යාපාර ක්‍රියාකාරකම් පෙර මාසයට සාපේක්ෂව ඉහළ යෑම් වාර්තා කර ඇත. එසේ වුවද, දේපළ වෙළඳාම, තැපැල් හා කුරියර් සේවා සහ මහජන සෞඛ්‍ය කටයුතු යන උප අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම් 20222 සැප්තැම්බර් මාසය තුළ පහත වැටුණි.

සේවකයන් ඉවත්වීම් ඉහළ යෑම සහ විශ්‍රාම ගැනීම් වලට අමතරව නව බඳවාගැනීම් අත්හිටුවීම් හේතුවෙන් සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිය අඛණ්ඩව පහළ ගියේය. මේ අතර, කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිඳු වූ ප්‍රවාහන දුෂ්කරතා අවම වීම හේතුවෙන් නිමකිරීමට නියමිත කාර්යයන් තව දුරටත් පහළ ගියේය.

ආර්ථික තත්ත්වයන්හි වැඩිදියුණු වීම සහ එළැඹෙන උත්සව සමය හේතුවෙන් වර්ධනය වූ සුබවාදී අදහස් සමඟින්, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් 2022 සැප්තැම්බර් මාසයේ දී තවදුරටත් වර්ධනය විය. එසේ වුව ද, බොහෝ ප්‍රතිචාර දක්වන්නන් විසින් සැපයුම් සම්බන්ධව පවත්නා දුෂ්කරතා, එකතු කළ අගය මත බද්ද වැඩිකිරීම, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීම සහ සෘජු බදු වැඩි කිරීම වැනි තම ව්‍යාපාර මෙහෙයුම් කෙරෙහි සෘණාත්මක බලපෑම් ඇති කළ හැකි කරුණු පිළිබඳව කනස්සල්ල පළ කරන ලදී.

 

  • Ada Derana BIZ Sinhala
  • Budget
  • sri lanka
  • today

2023 අයවැය පළමුවර කියවීම අද

October, 18, 2022

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ.

මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.