Featured News

Xiaomi Sri Lanka සහ Raffealla Fernando එක්ව Xiaomi 17T වෙතින් ලබා ගත් ඡායාරූප ඇතුළත් “The Art of Telephoto” ප්‍රදර්ශනය සංවිධානය කරයි

නවතම Leica තාක්ෂණය භාවිත කරමින් ඡායාරූප ගත කළ ජංගම දුරකතන ජායාරූප ඇතුළත් The Art of Telephoto පසුගියදා One Galle Face Mall හිදී පැවැත්විණ. Xiaomi Sri Lanka සමාගම විසින් සංවිධානය කළ මෙම සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනය නිර්මාණශීලීත්වය, විලාසිතා, දෘශ්‍ය කතා සහ ස්මාර්ට් ජංගම දුරකතන ඡායාරූපකරණය යන සියල්ල එක් කළ අවස්ථාවක් වූ අතර ඒ සඳහා ඡායාරූපකරණය සඳහා උනන්දුවක්…

(0)Comments | June 19, 2026 1:25 pm

යුනියන් බැංකුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ (NEDP) 3 වන අදියර ආරම්භ කරයි

යුනියන් බැංකුව මොරටුව විශ්ව විද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමඟ එක්ව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවේ (National Entrepreneurship Development Programme) 3වන අදියර පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේදී දියත් කෙරිණි. මෙම පාඨමාලාව සඳහා, ව්‍යාපාර හිමිකරුවන් මෙන්ම ව්‍යාපාරික අදහස් සහිත අනාගත ව්‍යවසායකයින් ද නියෝජනය කරමින් 200 දෙනෙකුට අධික පිරිසක් මෙවර ලියාපදිංචි වී ඇත. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව (NEDP) කුඩා…

(0)Comments | June 19, 2026 1:18 pm

Prime Residencies නවතම ව්‍යාපෘතිය MON VIE Colombo 05 හි ඉදිකිරීම් ඇරඹේ

Prime සමූහ ව්‍යාපාරයේ නේවාසික දේපළ සංවර්ධන අංශය මෙන්ම නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Lands Residencies PLC හි නවතම සංවර්ධන ව්‍යාපෘති අතරින් එකක් වන MON VIE හි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. කොළඹ 05 තලකොටුව උද්‍යානය ප්‍රදේශයේ ඉදි වන මෙය සුවිශේෂී අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Cantilevered…

(0)Comments | June 19, 2026 1:12 pm

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ශක්තිමත් කරමින් අඛණ්ඩව තෙවන වරටත්  ‘දිසි රැළ 2026’ දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ සමුද්‍රීය  නිරීක්ෂණ කටයුතු, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින්  ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව  විසින් දියත් කරන ලද  ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහනක් වන ‘දිසි රැළ’ එහි අඛණ්ඩ තෙවන වසර  මේ වසරේදී සනිටුහන් කරයි. මෙම වැඩසටහන යටතේ පසුගිය වසරවලදී බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින්  මහජන දැනුවත්…

(0)Comments | June 18, 2026 3:56 pm

Design Square Academy, ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ අභ්‍යන්තර නිර්මාණකරුවන් බිහිකිරීම සඳහා ආධුනිකත්ව පාදක පුහුණු ආකෘතියක් හඳුන්වා දෙයි

Design Square ඇකඩමිය අභ්‍යන්තර සැලසුම්කරණ අධ්‍යාපනයේ නව යුගයක් සනිටුහන් කරමින් සිය ගමන නිල වශයෙන් ආරම්භ කළේය. කටුනායක Ramada හෝටලයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකදී එළිදැක්වුණු මෙම නව අධ්‍යාපන ආකෘතිය, සාම්ප්‍රදායික න්‍යායන්ගෙන් ඔබ්බට යමින් ප්‍රායෝගික කර්මාන්ත අත්දැකීම්, ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම සහ සැබෑ ව්‍යාපෘති අත්දැකීම්වලට මුල්තැන ලබාදෙයි. මෙම ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රධානතම අභියෝගයක් වන පන්තිකාමර අධ්‍යාපනය සහ වෘත්තීය ප්‍රායෝගික භාවිතය අතර…

(0)Comments | June 18, 2026 1:11 pm

සුවිශේෂී උත්සව සඳහා ගාල්ලේ හොඳම තැන Yazu at the Beach

උපන් දින සාද, විවාහ උත්සව සහ මුහුදු වෙරළ අසල විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා වෙන්වුණු දකුණු වෙරළ තීරයේ සුවිශේෂී නවාතැන බවට Yazu at the Beach පත් වෙයි පෞද්ගලික උත්සව සැමරුම්වල පරිවර්තනීය වෙනසක් සනිටුහන් කරමින් දකුණු වෙරළ තීරයේ අලංකාර දසුන් සමඟින් අමතක නොවන උත්සව අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට ගාල්ල Radisson Blu Resort හි Yazu…

(0)Comments | June 18, 2026 1:09 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, මාර්ග ආරක්ෂාව සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන තවදුරටත් පුළුල් කරයි

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය, අවධානයෙන් තොරව ධාවනය කිරීම සහ රියදුරන් මෙන්ම පදිකයන්ගේ ද නොසැළකිලිමත් කමින් සිදුවන මාර්ග අනතුරු සහ ජීවිත හානි ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව, විශාල අවධානයක් යොමු කළ යුතු ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයේ බරපතලකම සංඛ්‍යාලේඛන වාර්තා දෙස බැලීමේදී පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොලිසියේ දත්ත වාර්තා…

(0)Comments | June 18, 2026 1:05 pm

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා ප්‍රයිම් සමූහය සහ BNS එක්වෙයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සහ, ජාත්‍යන්තරය ජයගත් සුප්‍රකට ශ්‍රී ලාංකික ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ් (BNS) අතර සුවිශේෂී හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලය වෙත රැගෙන යාම සඳහා තබන ලද සුවිශේෂී පියවරකි. භාතිය සන්තුෂ් හෙවත් BNS සුසංයෝගය ශ්‍රී ලංකාවේ ගීත කලාව ලෝකයට…

(0)Comments | June 18, 2026 10:56 am

MAS – බොඩිලයින් වෙතින් ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

MAS සමූහයට අයත් බොඩිලයින් ආයතනය විසින් සංවිධානය කළ “ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන “පසුගිය මැයි මස 31 වැනිදා පැවැත්වුණා. මෙවර, එනම්  2026 වසර සඳහා මෙම වැඩසටහන පැවැත්වුණේ අඛණ්ඩව තුන් වැනි වරටයි. සෑම වසරකම නිශ්චිත කාල සමයක් තුළ දේශීය බැතිමතුන් මෙන්ම  විදේශීය සංචාරකයන් ද මෙම සුවිශේෂ පුදබිම වෙත දස දහස් ගණනින් පැමිණීම නිසා  ශ්‍රී පාදස්ථානය සහ…

(0)Comments | June 17, 2026 4:56 pm

කොළඹ Kings රෝහල, අක්මා බද්ධ ප්‍රතිකාර අංශයේ සිය ස්ථාවරත්වය තහවුරු කරමින් අක්මා බද්ධ කිරීම් 25ක් සාර්ථකව සිදුකරයි

කොළඹ Kings රෝහල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, උසස්ම තත්වයේ අක්මා බද්ධ ප්‍රතිකාර සඳහා වන ප්‍රමුඛ දේශීය  මධ්‍යස්ථානයක් ලෙස සිය ස්ථාවරත්වය තහවුරු කරගනිමින්, වැඩිහිටි රෝගීන් සඳහා ජීව දායකයන්ගෙන් (living- donor) ලබාගත් අක්මා බද්ධ කිරීමේ සැත්කම් 25ක් සාර්ථකව සම්පූර්ණ කර ඇත. මෙම අක්මා බද්ධ කිරීමේ වැඩසටහන 2025 වසරේ මුල් භාගයේදී නිල වශයෙන්…

(0)Comments | June 17, 2026 4:43 pm