ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම්වලට 5% ක රඳවා ගැනීමේ බද්ද අදාළ වනුයේ එවන් පුද්ගලයන්ගේ තැන්පතු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්නව තිබෙන අවස්ථාවන්හි දී පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට තම ඉතිරි කිරීම සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවනු…
පිං කැටේටත් බදු නමින් ප්‍රසිද්ධ කරනු ලැබූ චෝදනාවට කිසිදු පදනමක් නොමැති බවත්, ආගමික ස්ථානවලට ලබා දෙන ආධාර හෝ පිං කැට වෙත ලැබෙන මුදල් සඳහා බදු අය කිරීමට අදාළ කිසිදු වගන්තියක් නව දේශීය ආදායම් පනතට ඇතුළත් කර නොමැති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. නව දේශීය ආදායම් පනත පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය…
මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) හි අනුබද්ධ සමාගමක් වන MBSL ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට, ඊයේ (09) පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී තීරණය කර බව මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මේ පිළිබඳ තීරණය 2016 සැප්තැම්බර්…
දංකොටුව පෝසිලේන් පීඑල්සී රුපියල් මිලියන 71.69 ක් රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් හි ආයෝජනය කර තිබේ. මෙම ආයෝජනය සිදුකර තිබෙන්නේ දංකොටුව පෝසිලේන් පීඑල්සී විසින් රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් වෙත දෙන ලද ණයක් කොටස් බවට පරිවර්තනය කිරීමෙනි. මෙහිදී රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් විසින් අදාළ ණය ප්‍රමාණය වූ රු. 71,699,860 වෙනුවෙන් 1 ක් රුපියල බැගින් වූ ඡන්ද බලය රහිත,…
මසක දී පැමිණි දෙවැනි වැඩිම සංචාරකයින් ප්‍රමාණය වාර්තා කරමින්, 2018 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක පැමිණීම් සියයට 8.9 කින් සැලකිය යුතු ලෙස වැඩි විය. ඒ අනුව, 2017 වසරේ දෙසැම්බර් වාර්තා වූ මාසයක් තුළ ඉහළම සංචාරක පැමිණීම් සංඛ්‍යාව වන 244,536 හා සැසඳීමේ දී 2018 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක පැමිණීම් සංඛ්‍යාව 238,924 ක් විය. ඉන්දියාව, චීනය,…
2018 අයවැය යෝජනා පරිදි මෝටර් රථවාහන සඳහා ලීසිං පහසුකම් සපයන අනුපාතිකයන් වටිනාකමින් 50% සිට 90% දක්වා සංශෝධනය කරනු ලැබීය. මේ අනුව හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා වටිනාකමින් 70% ක් දක්වා ද ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා වටිනාකමින් 90% ක් දක්වා ද ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ සඳහා පැවති අනුපාතිකයෙහි වෙනසක් සිදුනොවන අතර එය…
රටෙහි නිල සංචිත ප්‍රමාණය 2017 වසර අවසානයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.0 සිට 2018 වසරේ ජනවාරි මාසය අවසානය වන විට ආනයනික මාස 4.3 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7 දක්වා පහළ ගිය අතර, මාසය තුළ දී ආසියානු නිෂ්කාශන සංගමය (Asian Clearing Union – ACU) වෙත ගෙවීමට නියමිත වාරික ගෙවීම් මේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2018 ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත වාර්තාවලට අනුව ඉන්ධන ආනයන විදයම 28% කින් ඉහළ ගොස් තිබේ. 2017 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 282.8 ක්වූ සමස්ත ඉන්ධන ආනයන වියදම 2018 ජනවාරියේ දී ඩොලර් මිලියන 362 ක් දක්වා වැඩි වී ඇත. මෙහිදී බොරතෙල් ආනයන…
2018 ජනවාරි මාසයේ දී වෙළඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද, මූල්‍ය ගිණුමේ ලැබීම් ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ වර්ධනයක් පිළිබිඹු විය. මාසය තුළ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළ ගිය ද අපනයන ආදායමේ ඉහළ යෑමට වඩා වැඩියෙන් ආනයන වියදම ද සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, පසුගිය වසරේ…
ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා සෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී. ඒ අනුව මෙරට මඤ්ඤොක්කා වගාව ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් මඤ්ඤොක්කා පිටිකරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා සහය ලබාදීමට ස්වීඩන සහ ඉන්දීය ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්ව සිටින අතර ඔවුන් පසුගිය දා (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු…
Video Story