Top News

වැඩියෙන් ස්මාර්ට්, හර්ෂ ද ඉසුරු ද?

තමන් විසින් ස්මාර්ට් පාසැලක් ආරම්භ කර තිබියදීත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් විද්‍යාලය කෝට්ටේ දී ආරම්භ කිරීම සඳහා මුල් ගල් තබන්නේ කෙසේ දැයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටී. සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ…

(0)Comments | March 25, 2019 10:38 am

නොකියා කැපූ විදුලිය අද සිට කියලා කපන්නේ මෙහෙමයි

පසුගිය දින කිහිපය තුළ දිවයින පුරාවට බලපැවැත්වුණු විදුලිය කප්පාදුව අද සිට විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ අනුව දිවා කාලයේ දී පැය 3 ක් සහ රාත්‍රී කාලයේ දී පැයක කාලයක් වශයෙන් දිනකට පැය 4 ක කාලයක විදුලි කප්පාදුවක් අද සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම කාලසටහනට අනුව පෙරවරු 8.30 සිට…

(0)Comments | March 25, 2019 8:05 am

ශ්‍රී ලංකාව නොසතුටෙන්(ද)..

පසුගිය දා එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ World Happiness Report 2019 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 130 වන තැනට පත්ව තිබේ. ලොව පුරා රටවල් 156 ක් ඇසුරින් සකස් කරන ලද වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත. 2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව මෙම වර්ගීකරණයේ 116 වැනි ස්ථානයේ පසු වූ අතර වසරක් ඇතුළත, ස්ථාන 14 කින් මේ අනුව…

(0)Comments | March 22, 2019 3:38 pm

රුපියල බලය පෙන්වයි. විකුණුම් මිල රු. 180න් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (22) දින රු. 179.7894 ක් ලෙසින් සටහන් විය. පසුගිය පෙබරවාරි 12 වනදායින් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 180 ට පහළින් දැක්වුණු පළමු අවස්ථාව මෙය වේ. 2018 නොවැම්බර් 23 දින ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 180 සීමාව…

(0)Comments | March 22, 2019 2:12 pm

කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර 1 සඳහා චීන EXIM බැංකුවෙන් ඩොලර් මිලියන 989 ක සහනදායී ණය මුදලක්

ආර්ථික සංවර්ධනය සඳහා සෘජු දායකත්වයන් සැපයීම මෙන්ම විවිධ ආර්ථික අංශයන්හි ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය නැංවීම හරහා වක්‍රාකාර ප්‍රතිඵලයන් ද ඇති කරන බැවින් අන්තර් සම්බන්ධතාවයන් සහිත අධිවේගී මාර්ග ජාලය ද ඇතුළුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉහළ වැදගත්කමක් ලබා දී තිබේ. දැනට පවතින අධිවේගී මාර්ග ජාලයට ඌන පූර්ණයක් වශයෙන් කොළඹ නගරය, කුරුණෑගල සහ…

(0)Comments | March 22, 2019 12:19 pm

සූර්ය බලයට ආණ්ඩුව හරස් කපයි. විදුලි කප්පාදුවට ප්‍රධාන හේතුවක් මෙන්න

මේ වන විට දිවයින පුරා විටින් විට ක්‍රියාත්මක වන විදුලිබල කප්පාදුවට මූලික හේතුව නොරොච්චෝල බලාගාරයේ ඇදවැටීම පමණක් නොවන බවත් පසුගිය වසර 4 ක කාලය තුළ මෙරට මහාපරිමාණ කිසිදු ව්‍යාපෘතියක් දියත් වී නොමැති බවත් සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව අවධාරණය කරන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෝලා කර්මාන්තකරුවන්ගේ…

(0)Comments | March 22, 2019 12:13 pm

වසර 6ක් තුළ පහළම තැනට කොටස් වෙළෙඳපොළ ඇදවැටෙයි

ගෙවී ගිය වසර 6කුත් මාස 3 ක කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වාර්තා වූ පහළම මට්ටම මේ වන විට වාර්තා වී තිබේ. පසුගිය මාර්තු 21 බ්‍රහස්පතින්දා දින ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,571.30 ක් ලෙසින් සටහන් වූ අතර මෙය 2012 දෙසැම්බර් 26 වනදායින් පසු වාර්තා වූ අඩුම…

(0)Comments | March 22, 2019 10:56 am

2019 පෙබරවාරි මාසයේ දී උද්ධමනය ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ම පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මාසයේ පැවති සියයට 1.2 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 2.4 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2019…

(0)Comments | March 22, 2019 10:42 am

මාදුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක්

මාදුරුඔය ජලාශයේ ‍ පාවෙන මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සූර්ය පැනල සහ විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කෝෂ යොදා ගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන…

(0)Comments | March 21, 2019 1:22 pm

ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ට කර්තෘභාග ගෙවීම සඳහා නව නියෝග

2018 අංක 7 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත මඟින් සංශෝධිත 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මඟින් සලසා ඇති විධිවිධාන අනුව ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ගේ ප්‍රකාශන හිමිකම හා සම්බන්ධිත අයිතිවාසිකම් වෙනුවෙන් එම හිමිකරුවන් වෙත හෝ ඔවුන් සාමාජිකත්වය දරන සාමුහික සංගම් වෙත ඔවුන්ට ගෙවිය යුතු කර්තෘභාගය නියමිත පරිදි ගෙවිය යුතු වේ. එසේ වුවද තවමත්…

(0)Comments | March 21, 2019 1:15 pm