Top News

කෘතිම වැසි නවතී

ඉහළ කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන් හි ජල මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද කෘතිම වැසි වැස්සවීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දමන්නට තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය දින තුන පුරාවට මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණු අතර විදුලි බලාගාර ආශ්‍රිත මධ්‍ය කඳුකර ඉහළ අහසේ වළාකුළු නොමැති වීම හේතුවෙන් මෙකී ක්‍රියාන්තවිතය අතහැර දමන්නට තීරණය වී තිබේ. පසුගිය…

(0)Comments | March 26, 2019 4:12 pm

ලංකා බැංකුවේ ප්‍රාග්ධනය රු. බිලියන 5 කින් ඉහළට

ලංකා බැංකුවේ ගෙවා නිමි ප්‍රාග්ධනය රුපියල් බිලියන 20 සිට රුපියල් බිලියන 25 දක්වා වැඩි කළ යුතු බව මුදල් අමාත්‍යවරයා විසින් නිශ්චය කර තිබේ. ලංකා බැංකු ආඥාපනතේ 7 වන වගන්තියේ (2) වන උප වගන්තිය මගින් මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියමය ක්‍රියාත්මක කර ඇති අතර ඒ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට…

(0)Comments | March 26, 2019 3:36 pm

ලංකාවට ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියෙන් ද?

පසුගිය දා හම්බන්තොට මිරිජ්ජවිල දී මුල්ගල් තැබූ තෙල්පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම තිබෙන්නේ ආමර් වීදිය ප්‍රදේශයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (25) පාර්ලමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය. “හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තිබ්බා. ජාත්‍යන්තර මාධ්‍යයක් කිව්වා ඕමාන රජය ඒකට සම්බන්ධ නැහැ කියලා. BOI කියනවා ඕමාන රජයත් සමඟ…

(0)Comments | March 26, 2019 1:31 pm

Cargo Harbor හදලා වැඩක් නැහැ – ජවිපෙ මන්ත්‍රී නලින්ද කියයි

ශ්‍රී ලංකාවට තවදුරටත් භාණ්ඩ මෙහෙයුම් සිදුකරන වරායන් (Cargo Harbor) අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වන්නේ නැව්වලට සේවා සපයන Bunkering Port බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මෙහිදී කරුණු දක්වමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ අදහස් දැක්වීය. “වරාය දියුණු කිරීමේ දී…

(0)Comments | March 26, 2019 12:04 pm

අවසර නැතිව විදුලිය කැපුවොත් විදුලිබල මණ්ඩලයට නඩු

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව විදුලිබලය අත්හිටුවීමක් සිදුකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා පවසයි. ඒ මහතාමේ බව කියා සිටියේ අද දෙරණ Big Focus සම්මුඛ සාකච්ඡාව සමඟ එක්වෙමිනි. “විදුලි කප්පාදු කරනවා නම් මහජන උපයෝගීතා කොමිෂං සභාවේ අවසරය ලබා ගත…

(0)Comments | March 26, 2019 11:00 am

ගුවන් මගියෙක් හදිසියේ ලෙඩවෙයි. ලන්ඩන් සිට කොළඹ ආ ශ්‍රීලංකන් යානය රුමේනියාවට ගොඩබස්වයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ UL504 දරණ ලන්ඩන් නුවර සිට කොළඹ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානය මාර්තු මස 25 වන දින මගියෙකුගේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් මත රුමේනියාවේ බුකරස්ට් (Bucharest) වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ. ගුවන් සේවය සමඟ පියාසර කරන සියළුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිපත්තිය වන අතර ඒ අනුව හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් මත ගුවන්…

(0)Comments | March 25, 2019 5:30 pm

මහජනතාවට කාසි නිකුත් කිරීමට මහ බැංකුවෙන් නවතම කවුළුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ 1, ජනාධිපති මාවතේ අංක 30 දරන ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථානයේ බිම් මහලේ දී මාර්තු 27 වන බදාදා සිට විවෘත කරනු ලැබේ. රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියක ම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් ‍පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා මෙම…

(0)Comments | March 25, 2019 4:52 pm

ඉන්දියාව සමඟ එක්ව මාස 03 ක් තුළ මත්තල ගුවන්තොටුපළ ක්‍රියාකාරී තත්ත්වයට පත්කිරීමේ සැලැස්මක්

“1967 වසරේ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසු වසර 51 ක් පුරා ශ්‍රී ලංකාවට දෙවන තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට හැකි වුණේ නෑ. එය දැන් අපේ රජය යටතේ ආරම්භ වෙනවා. අද දිනයේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් කටයුතු සිදු කෙරුණා. තවත් මාස තුනක් ගත වීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියාවත් එක්ව මත්තල ගුවන් තොටුපොළත්…

(0)Comments | March 25, 2019 1:10 pm

වකුගඩු රෝගීන්ට ඖෂධ ඉන්දියාවෙන්. හෘද රෝගීන්ට ඖෂධ චීනයෙන්

වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයක් වන එපොයිටින් එන්නත් 850,000ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s Reliance Science වෙතින් ඇමරිකානු ඩොලර් 918,000ක මුදලකට මිල දී ගැනීමට සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන විවිධ වර්ගවල එනොක්සපාරින් සෝඩියම් එන්නත් 690,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය…

(0)Comments | March 25, 2019 11:47 am

ගොල්ෆ් ක්‍රීඩාංගන 5 ක් ඇතුළුව හම්බන්තොට-මොණරාගල අක්කර 12,000 ක ආයෝජන කලාපයක්

හම්බන්තොට ඉදිවෙන ආයෝජන කලාපය හරහා රටේ සමස්ත ආර්ථිකයම පරිවර්තනයකට ලක්කරනු ලබන බවත්, මත්තල, හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ඉදිකෙරෙන අක්කර 12,000 ක ආයෝජන කලාපය තුළ විශාල සංචාරක කලාප ද ඉදි කෙරෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ තුළ ගොල්ෆ් ක්‍රීඩාංගන පහකට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට සැලසුම්…

(0)Comments | March 25, 2019 10:39 am