Top News

ග්ලූකෝස් මාපක හා Stent මිල ඉහළට

2005 අංක 5 දරන ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වන වගන්තියට අනුව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නියෝගයන් ප්‍රකාරව තෝරාගත් වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම සිල්ලර මිල ඉහළ දමා තිබේ. මේ අනුව රුධිර ග්ලූකෝස් මාපකයක උපරිම සිල්ලිර මිල රු. 2,750 සිට රු. 3,150 දක්වා සහ රුධිර ග්ලූකෝස් මාපකවල භාවිතා කරන…

(0)Comments | March 18, 2019 12:35 pm

ශ්‍රීලංකන් ඉරාන්ට පැවරෙයි

සීමාසහිත ශ්‍රීලංකන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා යටතට පත්කර තිබේ. 2019 මාර්තු 13 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රෙය් සඳහන් පරිදි මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන විෂයයන් හා…

(0)Comments | March 18, 2019 11:22 am

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් අඩුවෙලා. දෙසැම්බරයේ දී සියයට 13 කින් පහළට

2018දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 584 ක් දක්වා සියයට 13 කින් අඩුවිය. සමුච්ඡිත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,164ට සාපේක්ෂව 2018 වසරේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 7,015 ක් දක්වා සියයට 2.1කින් පහළ ගියේය. ශ්‍රී ලංකා මහ…

(0)Comments | March 18, 2019 11:00 am

හෘදරෝගීන් බේරාගැනීමට ඉන්දියාවේ Boehringer Ingelheim සමාගමෙන් ඩොලර් මිලියන 4.25ක ඖෂධ ගෙන්වයි

හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් මිලි ග්රෑම් 40න් එන්නත් 10,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 4,250,000ක මුදලකට ඉන්දියාවේ Boehringer Ingelheim India Private Limited වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය)…

(0)Comments | March 15, 2019 4:36 pm

ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද Artificial Intelligence යොදා ගත හැකි බවත්,  මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රිකට් කණ්ඩායම් තම කණ්ඩායම් තේරීමේ දී AI යොදා ගන්නා බවත් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. කෘතිම බුද්ධිය භාවිතයෙන් ජාතික මූලෝපායන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (14) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති දේශනයක දී ධම්මික පෙරේරා මහතා…

(0)Comments | March 15, 2019 11:01 am

ජය බහලු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීමට චීන සමාගමකින් දොඹකර තුනක්

කොළඹ වරාය වෙත පැමිණෙන අතිවිශාල බහළු නෞකාවන් මෙහෙයවීමේ හැකියාව වැඩි කරගැනීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජය බහලු පර්යන්තයේ (JCT) ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ එක් සංරචකයක් ලෙස නෞකාවේ සිට ගොඩබිමට බහළු මෙහෙයුම් සඳහා දොඹකර 03ක් සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන…

(0)Comments | March 15, 2019 10:06 am

2018 දී මෙරටින් ගෙනගිය ආයෝජනවල ශුද්ධ වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවයි

2018 දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් වාර්තා විය. දෙසැම්බර් මාසය තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 188 ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසර තුළ සමුච්ඡිත ශුද්ධ ගෙවීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 990 ක් විය. ද්විතියීක සහ…

(0)Comments | March 14, 2019 2:29 pm

රුපියල ශක්තිමත්. රථවාහන ආනයනයේදී පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ඉවතට

2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව සියයට 16.4 කින් අවප්‍රමාණය වූ අතර, අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව ද අවප්‍රමාණය විය. කෙසේ වෙතත්, 2019 මාර්තු මස 13 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.2 කින් අතිප්‍රමාණය විය. තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම…

(0)Comments | March 14, 2019 2:13 pm

2018 දී අපනයන 4.7% කින් වැඩිවෙද්දී ආනයන 6% කින් ඉහළට. වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 10.3 ක් දක්වා ඉහළට

ආනයන වියදම් කැපී පෙනෙන ලෙස අඩු වීම සමඟ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. 2018 දෙසැම්බර් මාසයේ දී අපනයන වාර්ෂික පදනම මත සියයට 1.4කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 15.3කින් පහළ ගියේ ය. 2018 වසරේ දී මුළු භාණ්ඩ අපනයන එක්සත් ජනපද…

(0)Comments | March 14, 2019 11:17 am

රුපියල් බිලියන 2.3 ක ජලසම්පාදන කොන්ත්‍රාත්තුවක් චීනයේ සිනෝහයිඩ්‍රෝ සමාගමට

ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ සහ මීරිගම ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ගම්පහ, අතතනගල්ල සහ මිනුවන්ගොඩ ඒකබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියෙහි එක් කොටසක් ලෙස බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. අත්තනගලු ඔයේ අතු ගංඟාවක් වන බස්නාගොඩ ඔය හරස් කර බස්නාගොඩ ජලාශය…

(0)Comments | March 14, 2019 10:44 am