සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 4 ක් කටාර් රාජ්‍ය සමග පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වහාම බලපවත්වන පරිදි නවතා දැමීමත් සමඟම මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම පසුබිම තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම…
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන භාණ්ඩ තොගයක් රැගත් විශේෂ චීන ගුවන් යානයක් පසුගිය දා (03) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සහන භාණ්ඩ තොගය ශ‍්‍රී ලංකා රජය වෙත පිළිගැන්වීමේ උත්සවය ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ දී ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැංලිං, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්…
2019 අවසන් වන විට රැකියා දසලක්ෂයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගය පළ කරමින් රැකියා අවස්ථා 120,000ක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයෙන් බිහි කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ සඳහා මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බව පවසන අමාත්‍යවරයා මන්නාරම අක්කර 3000ක…
2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයටඑරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මැයි මස 23 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබේ. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මැයි මස 23 වැනි දින…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 මාර්තු මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 මාර්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ…
අභිනවයෙන් පත්කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාඅද (01) මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේ ය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ජී.ඩී.සී. ඒකනායක මෙනවිය, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ මහතාද මේ අවස්ථාවට එක්විය.
නාවුක කටයුතු කර්මාන්තයේ ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තිකයෙකු වන පරාක්‍රම දසනායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත්කොට ඇත. වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් මෙම පත්වීම සිදුකොට ඇත. පරාක්‍රම දසනායක 2001-2004 කාලපරිච්ඡේදය තුළ දීද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. මෙවර වරාය සභාපතිවරයා වීමට පෙර ඔහු එයිට්කන් ස්පෙන්ස්…
සාමාජික රාජ්‍යයන් අතර ආර්ථික හා සාමාජික සහයෝගිතාව මුල් කරගෙන වාර්ෂික SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) හා කොළඹ හිල්ටන් හි දී එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය,ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය, යන රටවල් වල සාමාජිකයින් හා එක්ව පැවැත්වීමට නියමිතය. කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ සාර්ක් වාණිජ මණ්ඩලය, ශ්රී…
කාලගුණ දෙපාර්තමේන්තුව, රටේ අග්‍රාමාත්‍යවරයා විශ්වාස කරන්නේ නැත්නම්, ජෝන් අමරතුංග අමාත්‍යවරයා එහි අනාවැකි විහිළුවට ලක් කරන්නේ නම්, කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි ගැන සාමාන්‍ය ජනතාව විශ්වාසයක් තියන්නේ කෙසේදැයි, ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් එහි සිටි අමාත්‍යවරුන්ගෙන් විමසීමක් කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා කියා සිටියේ, කාලගුණ දෙපාර්තමේන් අනාවැකි විශ්වාස කරන්නේ…
ශූරයින්ගේ කුසලානය හෙවත් ICC Champions Trophy ක්‍රිකට් තරඟාවලිය අද (01) දින ආරම්භ වීමට නියමිතය. එක්දින වර්ගීකරණයේ මුල් කණ්ඩායම් 8 මේ සඳහා තරඟ වදිනු ඇත. ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් ගූගල්, සිය මුල් පිටුවට විශේෂ මුහුණුවරක් දීමට කටයුතු කර තිබිණි. ඒ අදාළ පිටුව හරහා ක්‍රීඩා කළ හැකි පරිගණක ක්‍රීඩාවක් ද සමඟිනි. පහත දැක්වෙන්නේ අද දින ගූගල් මුල් පිටුවයි….
Video Story