2013 වසරේ ලෝකය පුරා බොටුලිසම් බැක්ටීරියා භීතිකාවක් පැතිර ගිය සමයේ ආහාර ආරක්ෂණ නීති හතරක් උල්ලංඝනය කළායැයි පිළිගෙන තිබෙන ලෝකයේ විශාලතම කිරිපිටි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා සමාගමට නවසීලන්ත ඩොලර් 300,000 ක දඩ මුදලක් පනවා තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර මෙම බොටුලිසම් බැක්ටීරියා භීතිකාව නිසා එකළ නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම…
කටුනායක අධිවේගී මාර්ගයේ ලංගම බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර තිබේ. නව සංශෝධනය අනුව කොළඹ සිට මීගමුව දක්වා තිබූ රුපියල් 150 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩුවන අතර කොළඹ සිට කටුනායක දක්වා තිබූ රුපියල් 130 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩුකර ඇත.
විශේෂයෙන්ම අන්ධ පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රීඩ් මෝටර් රථ විසින් අනිවාර්යෙන්ම ශබ්දය පිට කළ යුතුව ඇතැයි යුරෝපීය පාර්ලිමේන්තුව පවසයි. මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය පවසන්නේ මේ අනුව, මෙම මෝටර් රථ වලට ශබ්දය පිට කරන උපකරණ සවි කිරීමට මෙහිදී එකඟ වී තිබෙන බවයි. මෙය නව නීතියක් ලෙස නීතිගත කිරීමට යුරෝපීය කවුන්සලය විසින් බලාපොරොත්තු වේ.
අයි.සී.සී. ලෝක කුසලාන විස්සයි-විස්ස තරගාවලියේ අද පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ලබන ඉරිදා ශ්‍රී ලංකාව තරග වදින අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට බංග්ලාදේශයට යාම ඇතුළු පහසුකම් සැපයීමට ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් සමාගම සහ මිහින් ලංකා අත්වැල් බැඳගනී. මේ අනුව, ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණය හොත් ලබන ඉරිදා (06) උදෑසන මිහින්…
බත්තරමුල්ල ප්‍රදේශයේ පවතින අධික රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මංතීරු හතරක නව මාර්ගයක් ඉදිකිරීමට සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම මාර්ගයේ මුල් අදියර බත්තරමුල්ල දියත උද්‍යානය ආරම්භ වන පොල්දූව හන්දියේ සිට සෙත්සිරිපාය පිටුපසින් සුභූතිපුර දක්වා ඉදිකිරීමට කටයුතු…
අද කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගියද විශේෂයෙන්ම කැපී පෙනුනේ විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 853 ක් වටිනා ශුද්ධ කොටස් මිලදීගැනීමක් කිරීමයි. මේ අනුව, අද විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 1033 ක් වටිනා කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 180 ක් වටිනා කොටස් විකිණීම කළේය. දිනයේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයට විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 31 කි. අද…
සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගමේ සභාපති ධුරය සඳහා ජෝසෆ් රියෙන්සි ජයලත් නානායක්කාර මහතා පත්කර තිබේ. මෙම පත්කිරීම 2014 අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වේ.
පවතින අධික වියලි කාලගුණ තත්ත්වය නිසා මේ දිනවල ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි උත්පාදනය සියයට 15 ක් දක්වා පහත වැටී තිබෙන බවත් සියයට 85 ක්ම විදුලිය උත්පාදනය කරන්නේ තෙල් සහ ගල් අඟුරු වලින් බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල මහතා අප සමග පැවසුවේ මේ දිනවල විදුලිය උත්පාදනය…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පත්කර තිබේ. මේ අනුව, බාලේන්ද්‍ර මහතා නව තනතුරේ 2014 මැයි 01 වනදා සිට වැඩකරනු ඇත.
මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන කිහිපයකටම නව ප්‍රාග්ධනය එක් කිරීමට උපක්‍රමික ආයෝජකයින් කිහිප දෙනෙකුම කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එවැනි ආයෝජන මගින් මෙම ආයතනවල ශේෂ පත්‍රය ශක්තිමත් වනු ඇති බවත් ව්‍යාපාර පුළුල් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි. මේ අතර, මූල්‍ය අංශය…
Video Story