පෙර වසරට සාපේක්ෂව 2016 වසර අවසාන වන විට ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 26.2 ක් දක්වා සියයට 7.6 කින් වර්ධනය වී ඇති බව 2016 මහ බැංකු වාර්තාව පවසයි. මේ අතර 2015 වසරේ මිලියන 1.1 ක්වූ රැහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මිලියන 1.2 ක් දක්වා සියයට 3.4 කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව 2016 වසර…
දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන සිදු කිරිමට ජර්මනියේ ලෝක ප්‍රකට බෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම සුදානම් වෙයි. ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම සමාගම් සහ එරට රජයේ ආර්ථික කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බැංකු නියෝජිතයින් මෙන්ම ජර්මන් රජයේ…
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පුර්ණ අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ 02 යූනියන් පෙදෙසේ පිහිටි බ්ලූ ජින්ජර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සමඟ වත්කම් විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ විසින් මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දීමක් කර ඇත. මෙම ගිවිසුමට අනුව Baskin-Robbins අයිස්ක්‍රීම්…
“ජීඑස්පී ප්ලස් සහනය සිකුරාදා ලැබුණාම, සෙනසුරාදා සිට යුරෝපයට අපනයනය කරන භාණ්ඩ, ඇඟළුම්, රබර් ආශ්‍රිත, මත්ස්‍ය, සපත්තු, කෑමබීම සියල්ලක්ම අපේ ප්‍රධාන ගැනුම්කරුවාගේ වෙළෙඳපොළට තීරුබදු රහිතව ඇතුල් කරන්න අවස්ථාව ලැබෙනවා“, යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද…
2016 වසරේ දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, 2015 වසරේ දී වාර්තා කළ රුපියල් 522,355 ට සාපේක්ෂව රුපියල් 558,363 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව ප්‍රධාන වශයේන දළ දේශීය නිෂ්පාදිතයෙහි නාමික වටිනාකමෙහි සිදු වූ වර්ධනය හේතුකොට ගෙන 2016 වසරේ දී ඒක පුද්ගල ද.දේ.නි. 2015 වසරේ දී වාර්තා කළ සියයට 4.7 ක වර්ධනයට සාපේක්ෂව සියයට…
දිළිඳුකම පිටුදැකීම පිළිබඳව වන තුන්වන BIMSTEC අමාත්‍ය සමුළුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල එකමුතුවෙන් 1997 වර්ෂයේදී පිහිටුවාගනු ලැබු BIMSTEC සංවිධානය බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා…
2017 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ වියදම් පිළිබඳ වාර්තාව අනුව 2017 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 482,856ක් ද මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 474,509ක් ද වශයෙන් රුපියල් මිලියන 957,365ක මුළු වියදමක් රජය විසින් දරනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ. ඒ…
කල්පිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ක්‍රියාකාරකම් හා පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හෙක්ටයාර 56.35ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කැබලි 05ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත….
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. මහපොළ භාරකාර අරමුදල විසින් සපයන ලද ණය මුදලක් යොදවා ආරම්භ කරන ලද, මාලඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA), මෙරට නව ව්‍යවසායකයන් සඳහාවන ප්‍රමුඛත ම උළෙලවන Disrupt Asia 2017 සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය එළඹෙන ජුලි මස 12 වනදා හිල්ටන් හෝටලයේදී ආරම්භ කෙරෙන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධානත ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයවන ICTA, පසුගිය…
Video Story