Top News

LOLC කාම්බෝජයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක බලය අල්ලයි

කාම්බෝජයේ PRASAC Microfinance Institution Limited හි කොටස් හිමිකාරීත්වය 22.5% සිට 70% දක්වා ඉහළ නැංවීමට LOLC සමූහය පසුගියදා පියවර ගන්නා ලදී. මෙහිදී PRASAC Microfinance Institution Limited හි 47.75% කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 186 ක මුදලක් ආයෝජනය කිරීමට LOLC සමූහයේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC International විසින් කටයුතු කරනු ලැබීය. මේ…

(0)Comments | March 20, 2017 4:36 am

අඛණ්ඩව එකොළොස් වන වරටත් ජනතා ප්‍රසාදය මහජන බැංකුවට

ලොව ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නිල්සන් ආයතනය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) එක්ව වාර්ෂිකව පවත්වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2017 උළෙලේදී වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමය සහ වසරේ බැංකු සේවා සපයන්නා ලෙස සම්මානයන් නොකඩවා එකොළොස් වන වරටත් මහජන බැංකුවට හිමිවිය. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී මහජන බැංකුවේ මහජන…

(0)Comments | March 17, 2017 10:34 am

2016 වර්ෂයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 4.4 ක වර්ධනයක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 සිව්වන කාර්තුව සහ 2016 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත. 2016 වර්ෂය පුරාම අයහපත් කාලගුණික තත්ත්වයන් පැවතුණි. මෙම වර්ෂයේ දෙවන කාර්තුවේ පැවති ගංවතුර තත්ත්වයත් අනෙකුත් කාර්තුවල පැවති නියගයත් කෘෂිකාර්මික අංශයේ පසුබෑමට හේතු වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන…

(0)Comments | March 17, 2017 6:45 am

වරාය ඇමැති ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට

ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහත් ඊයේ (16) දිවයිනෙන් පිටත්ව ගියේය. මොරොක්කෝවේ ඩක්ලා නගරයේදී ඊයේ ආරම්භ වූ එම සමුළුව ලබන 21වැනිදා දක්වා පැවැත්වේ. මෙවර එම සමුළුවේ තේමාව වන්නේ “විසි එක්වැනි සියවස වෙනුවෙන් නව අප්‍රිකාවක් දෙසට” (Towards a new Africa for the 21st century)…

(0)Comments | March 17, 2017 5:14 am

ශ්‍රී ලාංකිකයින්ට කැනඩා වීසා free ?

දින 90 ක කාලයක් දක්වා කැනඩාවේ රැඳී සිටීම සඳහා වීසා අවශ්‍ය නොවන බවට fox.usa-radio.com වෙබ් අඩවිය අද දිනයේ දී වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය කියා සිටින්නේ මෙම මාධ්‍ය වාර්තාව මහජනයා නොමඟ යවනසුළු වාර්තාවක් බවයි. කැනඩාවේ සංචාරය කිරීමේ දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හා සංචාරකයින් හට දින 90…

(0)Comments | March 16, 2017 11:27 am

හෝමාගම පිටිපනට මිලියන 100 ක ජෛව තාක්ෂණ උද්‍යානයක්

ලොව නැඟී එන තාක්ෂණයන් අතරට ගැනෙන ‘ජෛව තාක්ෂණය’ හා සම්බන්ධ පර්යේෂණ හා කර්මාන්ත රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජාතික පර්යේෂණ සහ සංවර්ධන රාමුව යටතේ හඳුනාගනු ලැබ ඇති අතර ‘ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්’ ස්ථාපනය කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, හෝමගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිනිති…

(0)Comments | March 16, 2017 9:24 am

2017 අයවැය මඟින් යෝජිත පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට හා වාණිජ මට්ටමේ කෘෂිකර්මාන්ත කටයුතුවල නියැලෙන සමාගම්වලට සහන සැලසීම සඳහාත්, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතා සපුරා ගැනීමටත් ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක සහනදායී ණය යෝජනා ක්‍රම 12ක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත. ක්‍රියාත්මක කිරීමේ පහසුව සැලකිල්ලට ගනිමින් අදාළ සියලුම ක්ෂේත්‍ර ණය යෝජනා ක්‍රම 08ක් යටතේ ආවරණය වන…

(0)Comments | March 16, 2017 5:34 am

පෙට්‍රල් සහ ඩීසල් මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවලට එළඹෙයි

ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05ක් වන) බැරල් 4,200,000ක ප්‍රමාණයක් සහ පෙට්‍රල් (92 Unl) බැරල් 956,250ක ප්‍රමාණයක් ආනයනය කිරීමේ දිගුකාලීන ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි 2017 03 01 දින සිට 2017 10 31 දින දක්වා වන මාස අටක (08) කාලයක් සඳහා, පිළිවෙලින් සිංගප්පූරුවේ M/s. Swiss Singapore Overseas Pte….

(0)Comments | March 16, 2017 5:21 am

ආයෝජන හා නිෂ්පාදන හැකියාවන් වර්ධනයට චීනය සමඟ ගිවිසුමක්

පසුගිය වර්ෂයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීනයේ සිදු කරන ලද සංචාරයේදී ආයෝජන, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තීර්ණ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සමඟ එළඹෙන ලදී. එම පුළුල් අවබෝධතා ගිවිසුමට අනුපූරක ලෙස, නිෂ්පාදන පදනම හා උපායමාර්ගික යටිතල පහසුකම්වලට අදාළව වඩාත් කේන්ද්‍රගත උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි හවුල්කාරීත්වය ගොඩනැංවීමේ අරමුණින් ‘නිෂ්පාදන ධාරිතාව…

(0)Comments | March 16, 2017 5:06 am

ශ්‍රී ලංකාවේ දෙවන ආයෝජන සමුළුව හෙට හොංකොං හිදී ඇරඹේ

ආසියාව කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාව විසින් සංවිධානය කරනු ලබන දෙවන ආයෝජන සමුළුව හෙට (16) හොංකොං හිදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. හොංකොං Kowloo හි Ritz-Carlton Hotel හිදී ඇරඹෙන මෙම සමුළුව සඳහා විදෙස් ආයෝජකයින් 200 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික අරමුණු හා ෆිස්කල් ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ මෙහිදී…

(0)Comments | March 15, 2017 8:12 am