ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index – CPI), වාර්තාවට අනුව රටවල් 176 ක් අතුරින් ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්ව තිබේ. 2015 වසරේ මෙම වාර්තාවට අනුව රටවල් 168 ක් අතුරින් 83 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබිණි. යම් රටක රාජ්‍ය අංශය කොතරම් දුරකට දූෂිත ද…
2016 වසරේ දී ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන ලද තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 288.7 ක් බව වාර්තා වේ. මෙය 2015 වසරේ දී අපනයනය කරන ලද මුළු තේ ප්‍රමාණය වන කිලෝග්‍රෑම් මිලියන 306.9 හා සැසඳීමේ දී 5.93% ක අඩුවීමකි. මේ අතර Asia Siyaka Commodities Plc විසින් එළිදක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ 2009 වසරෙන් පසු මෙරට තේ…
බස්නාහිර ප්‍රදේශ මහනගර සංවර්ධන සැලැස්ම යටතේ පිටකොටුව මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කිරීම සඳහා භූමිය සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කරනු ලැබ ඇති අතර එහි ඊළඟ පියවර වශයෙන් ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ (Construction of Pile Foundation) කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර…
මීළඟ පරම්පරාවේ නව තාක්ෂණයේ පුරෝගාමීන් ආසියාවට ආකර්ශනය කරගැනීම මඟින් නවෝත්පාදනයන් හා තාක්ෂණයන් හඳුන්වා දීම, දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව හරහා රටවල් සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම යනාදී අරමුණු පෙරදැරිව 2017 මාර්තු මස 23 සහ 24 යන දෙදින තුළ ඩිජිටල් සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. මේ සඳහා ෆේස්බුක් (Facebook),…
ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යථාර්තයක් කර ගැනීම සදහා රාජ්‍ය අංශයට ඇවැසි පුහුණුව ලබාදීම සදහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මේ අනුව ඩිජිටල් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම සදහා රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍යය වන දැනුම සහ පුහුණුව විධිමත්ව සහ කාර්යක්‍ෂමව ලබාදීමට හැකියාව ලැබේ….
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 නොවැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 නොවැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.1 හි සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 2016 දෙසැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක…
ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ඇතුළු පිරිසට සහභාගිවීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමක් බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 2018 දී ලෝක ආර්ථික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉල්ලීමක් සිදු කිරීමට අවස්ථාව ලැබුණු බවත් එයට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා…
GSP+ සහනය ලැබීමෙන් පසු, මෙරට මත්ස්‍ය අපනයනය සඳහා විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පසුගිය වසර තුනකට වඩා වැඩි කාලයක් මෙරටට GSP+ සහනය නොලැබීම නිසා, සමස්ත අපනයන ආදායම්හි විශාල පසුබෑමක් දක්නට සිදු වුණි. අපේක්ෂිත ආදායම් නොලැබීම නිසා රටේ ජාතික ආදායම මගින් සංවර්ධනය සඳහා වෙන්කරන මුදල්…
පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට පසුගිය වතාවක මහා භාණ්ඩාගාරයට ගිය අවස්ථාවේ දී දෙසැම්බර් මාසයෙන් පසු මුදල් ලබා නොදෙන බවට මුදල් අමාත්‍යවරයා තර්ජනයක් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
Video Story