ශ්‍රී ලංකාව වෙත සහය දැක්වීමට තමාත්, තම ආයතනයත් හැම විටම ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කැපවන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලී ඡුආන් (Jin Liqun) මහතා පැවසීය. ඩවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු සැසිවාරය අතරතුර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවෙමින් ජුආන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ යටිතල පහසුකම්, මහාමාර්ග, දුම්රිය…
ලොව ජනගහනයෙන් දිළිඳුම භාගය සතු වත්කම්වල වටිනාකම, ලෝකයේ ප්‍රමුඛ ධනවතුන් 8 දෙනාගේ වත්කම්වලට සමාන බව ඔක්ස්ෆෑම් සංවිධානය විසින් අනාවරණය කර සිටී. ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව හෙළි කර තිබේ. මෙම වාර්තාව තුළින් වැඩිදුරටත් හෙළිකර ඇත්තේ අද වන විට ලොව ජනගහනයෙන් ඇති නැති පරතරය ක්‍රමයෙන් වැඩි වී ඇති බවයි….
ශ්‍රී ලංකාව කොකා කෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ කලාපයේ වැඩිම කොකා කෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගත හැකි බවයි. මෙමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් සේ ම රැකියා අවස්ථා රැසක් ද උදාකර ගත හැකි…
ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි ඉන්දියා සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගිය සිකුරාදා එළිදක්වනු ලැබීය. මරුටි සුසුකි Ignis ලෙසින් නම් තබා ඇති මරුටි පවුලේ නවතම සාමාජිකයා වන මෙහි මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 සිට ලක්ෂ 7.8 දක්වා වන බව වාර්තා වේ. කුඩා ප්‍රමාණයේ SUV (Mini-sports utility vehicle) මෝටර් රථ මාදිලියක් වන…
සමිට් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් අද (16) දිනයේ දී විකුණා දැමීය. සමිට් ෆිනෑන්ස් සමාගමේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 75.54% ක්වූ මෙම කොටස් හිමිකාරීත්වය මිල දී ගනු ලැබූවේ ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගම විසිනි. රු. 30.00 බැගින් කොටස් 16,996,650 ක් මෙහිදී අලෙවි කරනු ලැබූ අතර රු. 509,899,500 ක පිරිවැටුමක් මෙම ගනුදෙනුව…
2016 සැප්තැම්බර් මාසයේ දී මුහුදු ආහාර අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අපනයන වටිනාකම සහ පරිමාව යන දෙයාකාරයෙන්ම වර්ධනය වී තිබෙන අතර යුරෝපා සංගමය වෙත සිදු කරන ලද මුහුදු ආහාර අපනයන ආදායම, මුළු මුහුදු ආහාර අපනයන ආදායමෙන් සියයට 28.7 කට දායක වී ඇත. එසේම යුරෝපා සංගමය වෙත කරන ලද මුහුදු ආහාර අපනයන ආදායම පෙර…
2016 වසර අවසානයේ සිට 2017 ජනවාරි මස 10 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.1 ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට…
එක්සත් ජනපද ඩොලර් මිලියන 225 ක සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් අද (16) දිනයේ දී ආරම්භ වන බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. වසර 1, 2 හා 3 යි මාස 02 යන පරිණත කාලවලින් යුතු මෙම බැඳුම්කර නිකුතුව අද දින පෙරවරු 11.00 ට ආරම්භ වී 2017 ජනවාරි 19 වන දින පෙරවරු 10.00 ට අවසන් වීමට නියමිතය….
2017 ජනවාරි 20 වැනි සිකුරාදා විශේෂ දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. තයිපොංගල් දින නිවාඩුව සෙනසුරාදා (14) දිනයක යෙදී තිබුණු බැවින් මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබේ. මේ අතර 20 වන සිකුරාදා දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු…
2016 සැප්තැම්බර් මාසයේ දී මෝටර් රථ සහ දෙමුහුම් විද්‍යුත් මෝටර් රථ ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 51.9 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. 2015 සැප්තැම්බර් මාසයේ දී රථවාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 126.2 ක්වූ අතර එය 2016 සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 60.8 ක්…
Video Story