Top News

දශ ලක්ෂ 55,000 ක බැඳුම්කර වෙන්දේසියක් සඳුදා

2017 ජනවාරි 09 වැනි දින රුපියල් දශ ලක්ෂ 55,000 ක භාණ්ඩාගාර වෙන්දේසියක් කැඳවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා ඇති මෙම වෙන්දේසිය සඳහා 2019, 2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් පිළිවෙලින් රුපියල් මිලියන 6000, 16000, 16000 හා 17000 බැගින් වන පරිදි බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය. තවද 2017 ජනවාරි 10…

(0)Comments | January 6, 2017 8:52 am

මහ බැංකු අධිපති ඒ ඉස්පිරිතාලේ ඇටෙන්ඩන් කෙනෙක් – මුදල් ඇමති කියයි VIDEO

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩ සටහනකට සම්බන්ධ වීම රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කිරීමකට සමාන කළ හැකි බවත් අප ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු අසාධ්‍ය රෝගියෙකු බවට පත් වී නොමැති නමුත් පැහැදිලිවම රෝහල් ගත කළ රෝගියෙකු බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. පසුගිය දා ‘පෙර දැක්ම –…

(0)Comments | January 6, 2017 6:41 am

කොග්ගලට නව කර්මාන්ත ශාලාවක්

තරුණ තරුණියන් 7,000 කට රැකියා අවස්ථාවන් ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද දින ප.ව. 3.30 ට කොග්ගල නිදහස් වෙළඳ කලාපයේදී විවෘත කෙරේ. “ඒ ටී ජී හෑන්ඩ් කෙයාර්” පෞද්ගලික සමාගමට අයත් මෙම කර්මාන්ත ශාලාව මගින් අත්වැසුම් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය. කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ අක්කර 12 ක භූමි ප්‍රදේශයක මෙම කර්මාන්ත…

(0)Comments | January 6, 2017 4:44 am

‘Lady Martine‘ ලාෆ්ස් සමඟින් එක්වෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (පුද්) සමාගම විසින් තවත් ද්‍රැවීය පෙට්‍රොලියම් ගෑස් ප්‍රවාහන නෞකාවක් මිල දී ගෙන තිබේ. අද (05) දින මිල දී ගෙන ඇති මෙම නෞකාව Lady Martine නමින් හැඳින්වෙන අතර මෙය ශ්‍රී ලංකා ධජය යටතේ ‘Gas Courage‘ ලෙස යළි නාමකරණය කරනු ලබන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය…

(0)Comments | January 5, 2017 11:13 am

රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ඉවතට

නව රාජ්‍ය ණය පනතක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත බවත්, ඒ අනුව මුදල් අමාත්‍යාංශය තුළ වෙනම ණය කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කරනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. 2017 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති – පෙර දැක්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | January 5, 2017 9:08 am

2016 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි

පසුගිය 2016 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 2,050,832 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වෙයි. මෙය 2015 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 1,798,380 හා සැසඳීමේ දී 14% ක වර්ධනයකි. මේ අතර 2016 දෙසැම්බර් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාවෙහි 9.1% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, සංචාරකයින් 224,791 ක් පසුගිය…

(0)Comments | January 5, 2017 7:48 am

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය, උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් උසස් කෙරේ

ශ්‍රී ලංකාවේ පේෂකර්ම සහ ඇඟලුම් කර්මාන්තයේ පුහුණු කිරීම්, තත්ත්ව පරීක්ෂණ, කාර්මික සහ උපදේශන සේවා සැපයීමේ කාර්යයේ, ‘ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය’ නිරතව සිටී. දැනට වසරකට 4,500ක පමණ ශිෂ්‍ය පිරිසක් මෙම ආයතනය වෙතින් කෙටිකාලීන සහ දිගුකාලීන පාඨමාලා හදාරනු ලබන අතර දැනට ඉල්ලුමට සරිලන පරිදි පුළුල් පරාසයකින් සහතික පත් සහ ඩිප්ලෝමා මට්ටමින් පාඨමාලා පවත්වනු ලැබේ. රැකියා…

(0)Comments | January 5, 2017 5:17 am

ශ්‍රී ලංකාව තුළ එළවළු හා පලතුරු සඳහා අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන ඉදි කිරීමට අනුමැතිය

විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් විදේශ රටවල තත්ත්වයන්ට හා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි එළවළු හා පලතුරු අපනයනය කිරීමට දේශීය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට පහසුකම් සැලසීමට රජය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව, එළවළු සහ පලතුරු සකස් කිරීමේ, ඇසුරුම් කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම් සහිත, ඒවායේ එකතු කළ අගය ඉහළ නැංවීම සඳහා වෙන් වූ මධ්‍යස්ථාන 03ක් (Value Addition…

(0)Comments | January 5, 2017 4:22 am

සංචාරක හෝටල් නියාමනයට පියවර

සංචාරක ‍හෝටල් තරු 1 සිට තරු 5 දක්වා වර්ගීකරණය කිරීමට අදාළව පැවතිය යුතු අවම ධාරිතා හා පහසුකම් නියම කිරීම, ඊට අදාළ බලපත්‍ර ගාස්තු නියම කිරීම, සංචාරක හෝටල් විසින් පවත්වාගෙන යනු ලැබිය යුතු විනය සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම, සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම සහ ඒ සඳහා බලපත්‍ර ලබාදීම, සංචාරක හෝටල්වල අවම ඉඩ ප්‍රමාණ සහ පහසුකම් නියම කිරීම යන…

(0)Comments | January 5, 2017 4:16 am

ප්‍රයිම් ලෑන්ඩ්ස්, සමිට් ෆිනෑන්ස් මිල දී ගැනීම අනුමතයි

සමිට් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන කොටස්කරුවා වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සතු 16,996,650 ක් හෙවත් 75.54% ක කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමට අනුමැතිය හිමිව තිබේ. මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලබා දී ඇති බව සමිට් ෆිනෑන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස්…

(0)Comments | January 4, 2017 5:34 am