Top News

අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න

මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල ගණන් නොසිතූ ලෙසින් ඉහළ ගොස් තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ආනයනික වාහන සඳහා රජය විසින් අනුගමනය කරන ලද බදු ප්‍රතිපත්තීන් දැඩි කිරීමයි. කෙසේ වෙතත් බදු ඉහළ යාමට අමතරව ආනයනික වාහන මිල ඉහළ යාම ප්‍රධන වශයෙන් බලපෑ තවත් කරුණක් වූයේ ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළ බැසීමයි. විශේෂයෙන්ම ජපානයෙන්…

(0)Comments | July 14, 2016 8:41 am

ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙන්න සර්බානා එයි

උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සහ සිංගප්පූරුවේ ‍සර්බානා ජුරෝංග් (Surbana Jurong) පෞද්ගලික සමාගම අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ආයෝජන හැකියාවන්/විභවතාවන් පිළිබඳව නිවැරදි ලෙස තක්සේරු කරමින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීම පිණිස ඉහළ මට්ටමේ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ දැඩි අවශ්‍යතාව රජය…

(0)Comments | July 14, 2016 6:51 am

ජර්මනියෙන් යූරෝ මිලියන 13 ක් ලබා ගැනීමට පියවර

ජර්මානු පෙඩරල් ජනරජය වෙතින් ලබා දීමට එකඟ වී ඇති යුරෝ මිලියන 13ක ශිල්පීය සහයෝගීතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම පිණිස ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ දී ජනාධිපතිතුමන් ජර්මනියේ කළ සංචාරයේ දී මෙම ප්‍රදාන ලබා දීමට ජර්මානු රජය එකඟ වී ඇත….

(0)Comments | July 14, 2016 6:31 am

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වන වගන්තිය අනුව වසර මැද රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් අදාළ වර්ෂයේ ජුනි මස අවසානය වන විට මහජනතාවගේ දැනගැනීම සඳහාත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව 2016 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත…

(0)Comments | July 14, 2016 5:51 am

බ්ලු ඩයමන්ඩ් – ස්වර්ණ මහල් එක්වෙයි

තම Fior සන්නාමයෙන් එන නිෂ්පාදිත අලෙවිය සඳහා බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් සමාගම, ස්වර්ණ මහල් ජුවලර්ස් ලිමිටඩ් සමඟින් නියෝජිත ගිවිසුමකට එළඹ තිබේ. 2016 ජූනි 24 දින සිට බලපැවැත්වෙන පරිදි වසර 3 ක කාලයක් සඳහා දේශීය වෙළෙඳපොළ වෙත Fior නිෂ්පාදිත අලෙවි කිරීම ස්වර්ණ මහල් ජුවලර්ස් විසින් සිදුකරනු ඇත. මෙම දැනුම් දීමත් සමඟම අද දින පෙරවරුවේ දී ඡන්ද…

(0)Comments | July 14, 2016 5:45 am

ශ්‍රී ලංකාවට කොරියානු ජනරජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300 ක සහනදායී ණය ආධාරයක්

ශ්‍රී ලංකාව සහ කොරියනු රජය අතර පවත්නා ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් කොරියානු ජනරජ ආණ්ඩුව, කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට අදාළ ගිවිසුමකට ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ කොරියානු තානාපති වොන්-සෑම් චැන් මහතා…

(0)Comments | July 14, 2016 5:00 am

භාණ්ඩවල උපරිම සිල්ලර මිල තීරණය කිරීමට නව ක්‍රමවේදයක්

භාණ්ඩවල උපරිම සිල්ලර මිල නියම කිරීම සඳහා වන ඉන්දියානු ක්‍රමවේදය නුදුරේ දීම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ආනයනකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් අතර සාකච්ඡා පවත්වා භාණ්ඩයක් අලෙවි කළ හැකි උපරිම මිලක් ප්‍රකාශයට පත් කරන බවයි. පසුගිය දා (12) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට…

(0)Comments | July 14, 2016 4:51 am

බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් අයිතිය ලෝටස් පුනර්ජනනීය බලශක්ති සමාගම අත්පත් කරගනී

බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් පීඑල්සී හි 72.13% ක කොටස් අයිතිය මිල දී ගැනීමට Lotus Renewable Energy (Pvt) Ltd විසින් අද (13) දිනයේ දී පියවර ගනු ලැබීය. මෙහිදී බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් සමාගමේ පළමු, දෙවන කොටස්කරුවන් වූ පුස්සැල්ලාව වැවිලි සමාගමට සහ බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමට අයිති කොටස් 37,044,056 ක් බැගින් සහ සමාගමේ සිව්වන කොටස්කරුවා වූ FLMC ප්ලාන්ටේෂන්ස්…

(0)Comments | July 13, 2016 12:09 pm

කොළඹ කොටස් පිරිවැටුම බිලියනය පන්නයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 6 වන දිනයටත් අද දිනයේ දී ඉහළ යන ලදී. දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 1.47 කින් ඉහළ ගොස් ඒකක 6,402.78 ක් ලෙසින් වාර්තා විය. අද දිනය තුළ කැපී පෙනුණු සිද්ධිය වූයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය සීමාව පසුකර යාමයි. වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ කොටස්…

(0)Comments | July 13, 2016 11:43 am

සතොස පොලීසියට භාර දෙයි

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බතියුදීන් මහතා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල මහතා ව ලංකා සතොස ආයතනයේ කළමනාකාර විශේෂඥයෙකු ලෙස පත් කර ඇත. ජූලි 13 දින උදැසන පදනම් ආයතනයේ දී ලංකා සතොස හි විවිධ කළමනාකරුවන් 300 කට අධික පිරිස සඳහා පුහුණු සැසියකදී රිෂාඩ් ඇමැතිවරයා මේ බව හෙලි කරන ලදී. කළමනාකරුවන් තම…

(0)Comments | July 13, 2016 9:55 am