Top News

මහජන කොටස් නිකුතු වැඩිවන ලකුණු

පොලී අනුපාත අඩුවෙමින් ගොඩනැගෙමින් තිබෙන ආර්ථික පරිසරය තුළ ගිය වසරට වඩා මේ වසරේදී මහජන කොටස් නිකුතු සිදුවනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විශ්වාසය පළකරයි. එන්.ඩී.බී. කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, වජිර කුලතිලක මහතා අප සමග පැවසුවේ සිය සමාගම හරහා මේ වසරේදී කොටස් වෙළඳ පොළට පිවිසීමට මේ වනවිටත් සමාගම් හතරක් පමණ සූදානමින් සිටින බවයි. “මම හිතන්නේ සමස්තයක්…

(0)Comments | March 17, 2014 4:01 am

කොටස් පොළේ ප්‍රධාන මෙහෙයුමට රේණුක

කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස රේණුක විජේවර්ධන මහතා මාර්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. මේ අනුව, විජේවර්ධන මහතා, ගනුදෙනු සහ වෙළඳපොළ නිරීක්ෂණ අංශය, ලයිස්තුගත කිරීම් හා ආයතනික කටයුතු අංශය, තැරැව්කාර ආයතන සුපරීක්ෂණ අංශය, මධ්‍යම තැන්තපතු පද්ධති සමාගම යන අංශවල ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත. කොළඹ කොටස් වෙළඳ පොළේ වසර 20…

(0)Comments | March 17, 2014 4:00 am

දකුණු අධිවේගියට තවත් විවේක ස්ථානයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද විවෘත කෙරෙන ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටස සඳහාද විවේක ස්ථානයක් ගොඩනැගීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “මෙම නව විවේක ස්ථානය ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙන්නේ මාතර ගොඩගම පිවිසුමේයි. මෙය වැලිපැන්න විවේක ස්ථානය තරම්ම ලොකුවට…

(0)Comments | March 15, 2014 7:07 am

ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුමට බරටම වැඩ

ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමට බොහෝ දුරට මේ වසරේ අවසන් කාලයේදී අත්සන් තැබිය හැකි බවත් මේ වනවිට දෙරට විසින්ම මෙම ගිවිසුමට අදාළ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන අංශයේ විධායක අධ්‍යක්ෂ, රේණුකා වීරකෝන් මහත්මිය…

(0)Comments | March 15, 2014 1:48 am

අටවන දිනයේදී විදේශීය ශුද්ධ මිලදී ගැනීම් සෘණ වෙයි

පිට පිටම දින හතක් වාර්තා වූ ශුද්ධ විදේශීය මිලදීගැනීම් වෙනස් වෙමින් අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ශූද්ධ විදේශීය විකුණුමක් වාර්තා වූ අතර කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ වැටුණි. මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 17.71 කින් පහළ ගොස් ඒකක 5,896.23 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 15.02 කින් පහළ ගොස් ඒකක 3,207.11…

(0)Comments | March 14, 2014 11:30 am

බ්ලූම්ෆීල්ඩ් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් නමින් දැවැන්ත ව්‍යාපෘතියක්

කොළඹ, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයට යාබදව කාමර 100 කින් යුතු හෝටලයක් ඇතුළත් “බ්ලූම්ෆීල්ඩ් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස්“ යනුවෙන් නම්කළ ව්‍යාපෘතියක් සිදු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සූදානම් වේ. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, නිමල් පෙරේරා මහතා පැවසුවේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා දේශීය ආයෝජකයෙකු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. “ක්‍රීඩා කිරීමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් සැපයීම සඳහා මෙම හෝටලය ඉදිකරනවා….

(0)Comments | March 14, 2014 9:30 am

ඉපැරණි ගෆූර් ගොඩනැගිල්ල හෝටලයක් කෙරේ

කොළඹ කෙලින් වීදියේ පිහිටි ඉපැරණි ගෆූර් ගොඩනැගිල්ල නවීකරණය කර නාගරික සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරන හෝටලයක් ලෙස ලබන වසරේ අවසාන කාලයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම හෝටලය කාමර 70 කින් පමණ සමන්විත වන ලෙස ඉදිකරගෙන යන බවයි. “මෙම ගොඩනැගිල්ල අපි පවරා…

(0)Comments | March 14, 2014 9:27 am

කොළඹ මුහුද ගොඩකිරීම ළඟදීම ඇරඹෙන හැඩ

කොළඹ, ගාලු මුවදොර අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම් ලබන මාසයේදී අත්සන් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම අප සමග සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන චීනයේ China Communications Construction Company Limited (CCCC) සමාගම සමග මෙයට අදාළ ගිවිසුම අත්සන් කිරීම…

(0)Comments | March 14, 2014 8:17 am

ආර්පිකෝ ෆයිනෑන්ස් සහ රිචඩ් පීරිස් ඒකාබද්ධ කතාව වැරදිලු

ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම සමග ඒකාබද්ධ කිරීමට සූදානම් වන්නේ යැයි පළවී ඇති මාධ්‍ය වාර්තා වැරදි බව ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම සඳහන් කර තිබේ. මහ බැංකුව විසින් මූල්‍ය අංශය සම්බන්ධයෙන් දියත් කර තිබෙන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම විසින් පාර්ශව කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් ඒ පිළිබඳව තවමත් අවසන් තීරණයක්…

(0)Comments | March 14, 2014 8:16 am

ලංකාවට චීන්නු පැමිණීම අඛණ්ඩව ඉහළට

දැවැන්ත සංචාරක වෙළඳ පොළක් තිබෙන චීනයෙන් වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීමේ ලංකාවේ උත්සාහය දිනෙන් දිනම සාර්ථක වෙමින් මෙවරද චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනේ. රජයේ නිළ දත්ත වලට අනුව 2013 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව ගෙවුණු පෙබරවාරි මාසයේදී මෙරටට චීනය සහ හොංකොං වලින් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 63.9 කින් වර්ධනය වී…

(0)Comments | March 14, 2014 3:29 am