Top News

විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳව එම කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. ස්ථාවර…

(0)Comments | November 17, 2022 1:43 pm

විශ්‍රාම යද්දී නිල වාහනේ ගෙදර අරන් යන්න බැහැ. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට විශේෂ දැනුම් දීමක්

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් හි ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන පරිදි රජයේ නිලධාරියෙකු විසින් භාවිත කරනු ලබන නිල වාහනය, සේවයෙන් විශ්‍රාම යාමේ දී තමන් වෙත පවරා ගැනීම සඳහා මෙතෙක් තිබුණු අභ්‍යන්තර ප්‍රතිපාදන අහෝසි කර ඇත. වාණිජ සංස්ථා, රාජ්‍ය බැංකු, ව්‍යවස්ථාපිත…

(0)Comments | November 17, 2022 12:20 pm

රජයට අයත් සියලු ආයතන සංඛ්‍යාව 1,283ක්. අමාත්‍යාංශ 29ක්, දෙපාර්තමේන්තු 99ක් ඒ අතර

ඉතිහාසයේ පළමු වතාවට රජයට අයත් සියලු ආයතනවල ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී සභා ගත කළේ ය. ඒ පසුගිය අයවැය කතාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දුන් පොරොන්දුවකට අනුව ය. ඒ අනුව රජයට අයත් ආයතන සංඛ්‍යාව 1283කි. වැය ශීර්ෂ 19 යටතේ මුදල් වෙන් කෙරෙන මෙම ආයතන අතරට…

(0)Comments | November 17, 2022 11:32 am

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Global Sales සමුළුව සඳහා ජාත්‍යන්තර සංචාරක වෙළඳ හවුල්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණෙයි

  • Ada Derana BIZ Sinhala
  • Global Sales Conference
  • International Travel Trade Partners
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් සමුළුව 2022 (Global Sales Conference)  සඳහා සහභාගී වන ආරාධිතයින් යුරෝපය, මැද පෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, ආසියා-පැසිෆික් කලාපය, සහ ඕස්ට්‍රෙිලියාව ඇතුළු ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලය හරහා මේ වන විට දිවයිනට පැමිණීම ආරම්භ කර තිබේ. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා ගුවන් සේවය නියෝජනය කරන ගුවන්…

(0)Comments | November 17, 2022 11:20 am

ලාෆ්ස් ගෑස් බංග්ලාදේශයෙන් නික්මෙයි

  • Ada Derana BIZ Sinhala
  • Bangladesh
  • LAUGFS
  • sri lanka

ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි 69% ක්වූ සිය කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී කටයුතු කර තිබේ. පසුගිය 15 වැනිදා මෙම කොටස් අලෙවිය සිදුකළ බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව ලාෆ්ස් ගෑස් පීඑල්සී සතුව පැවති ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි සාමාන්‍ය කොටස් 2,645,203 ක් ඩොලර් මිලියන 16,146,000 ක…

(0)Comments | November 17, 2022 10:10 am

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

  • Ada Derana BIZ Sinhala
  • Singapore – Sri Lanka FTA
  • sri lanka

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු…

(0)Comments | November 16, 2022 4:17 pm

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරකරණය පහසු කරන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

  • Ada Derana BIZ Sinhala
  • Committee of Parliament
  • sri lanka

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කෙරේ… ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ…

(0)Comments | November 16, 2022 3:46 pm

ඊයේ කෝටි 13,000 ක් අච්චු ගහලා

  • Ada Derana BIZ Sinhala
  • crore
  • sri lanka
  • yesterday

ඊයේ (15) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර තිබේ. මෙම නිකුතුවේ වටිනාකම රු. මිලියන 129,920.41 ක් හෙවත් රු. කෝටි 12,992 කි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඊයේ (15) දින, ණය සේවාකරණ ගෙවීම් මූල්‍යයනය කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම නිකුත් කිරීම සිදුකළ බවයි. මේ අනුව ඊයේ…

(0)Comments | November 16, 2022 12:37 pm

විදුලිබල මණ්ඩලයට වෙච්ච දෙයක්. මාස 03 ක පාඩුව කෝටි 4,400 යි

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 30 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 44.31 ක හෙවත් රු. කෝටි 4,431 ක දැවැන්ත අලාභයක් ලබා ඇති බව වාර්තා වේ. 2022 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵල ඊයේ (15) දින නිකුත් කර තිබුණි. මෙම මූල්‍ය ප්‍රකාශනයට අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2022 ජූලි…

(0)Comments | November 16, 2022 11:45 am

නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක්

  • Ada Derana BIZ Sinhala
  • manufacturing
  • October
  • Purchasing Managers’ Indices
  • Services activities
  • sri lanka

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2022 ඔක්තෝබර් නිෂ්පාදන ක්‍රියාකාරකම් හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව පහළ යන ලදී. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 4.2කින් පහළ යමින් 38.4ක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා…

(0)Comments | November 16, 2022 10:42 am