Top News

‘කකුළු අමාත්‍යාංශය‘ බැංකොක් නුවරට

දර්ශන මුණිදාස, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සුසංයෝගයෙන් ඇරඹි Ministry of Crab අවන්හල් ජාලයේ නවතම ජාත්‍යන්තර ශාඛාව තායිලන්තයේ බැංකොක් නුවර දී එළඹෙන දෙසැම්බරයේ දී විවෘත වීමට නියමිතය. කොළඹ, ෂැංහයි, මැනිලා, මුම්බායි හා මාලදිවයිනට පසු Ministry of Crab හි මීළඟ ජාත්‍යන්තර නැවතුම වන්නේ බැංකොක් නුවරයි. මේ සම්බන්ධයෙන් බැංකොක් අවන්හලේ සංවිධායකයින් පවසන්නේ කොළඹ දී මෙන්ම කිලෝ ග්‍රෑම්…

(0)Comments | November 5, 2019 5:06 pm

2019 දී ශ්‍රී ලංකා ආර්ථිකය සැකෙවින්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්“ වාර්තාව ඊයේ (04) දිනයේ දී එළිදක්වනු ලැබීය. ජාතික නිෂ්පාදිතය සහ වියදම, ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්, මිල – වැටුප් – සේවා නියුක්තිය සහ ඵලදායීතාව, විදේශීය අංශයේ ප්‍රවණතා හා ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හ රාජ්‍ය මූල්‍ය කටයුතු, මුදල්…

(0)Comments | November 5, 2019 2:39 pm

ජාතික e-ඉගෙනුම් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කොරියාවෙන් ඩොලර් මිලියන 30ක්

ශ්‍රී ලංකාවේ පරිගණක ආධාරක ඉගැන්වීම් සඳහා ජාතික e – ඉගෙනුම් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 5,460) සහනදායී ණයක් ලබා දීමට කොරියානු ජනරජ රජය එකඟ වී තිබේ. ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම, ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන හැකියාව…

(0)Comments | November 5, 2019 1:13 pm

වයස් මට්ටම් අනුව සේවා වියුක්ති විෂමතාවය තවදුරටත්. උසස් පෙළ සමතුන් අතර රැකියා වියුක්තිය ඉහළට

2019 වසරේ පළමු භාගය තුළ දී වයස් මට්ටම් අනුව සේවා වියුක්තියෙහි විෂමතාවය සැලකිය යුතු මට්ටමක තවදුරටත් පැවතුණි. වයස් මට්ටම් අනුව සලකා බැලීමේ දී, අවුරුදු 30 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ සේවා වියුක්තිය පුද්ගලයන් 22,571කින් ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර අවුරුදු 25-29 වයස් කාණ්ඩයේ සේවා වියුක්ති පුද්ගලයන් 8,370 කින් ඉහළ යන ලදී. පෙර වසරේ පළමු භාගය…

(0)Comments | November 5, 2019 1:05 pm

මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්

ශ්‍රී ලංකා මහ බැංකුව “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්” ප්‍රකාශනය ඊයේ (04) දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දැක්වීය. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම බාගත කළ හැකි ය. “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” ප්‍රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය…

(0)Comments | November 5, 2019 11:27 am

පෝලන්තයේ LOT POLISH ගුවන් සේවය ශ‍්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

2020 මාර්තු දක්වා සතියකට ගුවන් ගමන් වාර 03ක්. ගමන් කාලය පැය 9 දක්වා අඩුවෙයි ශ‍්‍රී ලංකාවේ සංචාරක කාල සීමාව ප‍්‍රවර්ධනයට අත්වැලක් සංචාරක කාලසීමාවේදී යුරෝපා සංචාරකයින්ට ලංකාව අංක එකේ ගමනාන්තය බවට පත් කිරීම පළමු ගුවන් යානය සම්භාවනීය අමුත්තන්,නිවාඩු සැලසුම් කරන්නන් , මාධ්‍යවේදීන් සහ පෝලන්ත වෙළඳ නියෝජිතයින්ගෙන් පිරෙයි වෝර්සෝ සිට තම පළමු සෘජු ගුවන් ගමන් ඇරඹු කළ…

(0)Comments | November 5, 2019 11:00 am

මහනුවර අලුත්ම සුපිරි හෝටලය Jetwing Kandy Gallery ජනවාරියේ දී විවෘත වෙයි

මෙරට ආගන්තුක සත්කාරක කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෙට්වින් පවුලේ නවතම හෝටලය Jetwing Kandy Gallery එළඹෙන ජනවාරි 14 වනදා විවෘත කරනු ලබන බව එහි සභාපති හිරාන් කුරේ මහතා පවසයි. JETWING SYMPHONY PLC හි 2019 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය වාර්තාව ප්‍රකාශයට පත් කරමින් හිරාන් කුරේ මහතා මේ බව අනාවරණය කර සිටී….

(0)Comments | November 4, 2019 12:37 pm

විදුලිබල අංශයේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න – IMF කියයි

අත්‍යවශ්‍ය සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවකාශය සලසා දෙමින්, රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා 2020 වසරේ දී රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට අඛණ්ඩ ව ප්‍රයත්න දැරිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)  පවසයි. ශ්‍රී ලංකාව විසින් හයවන සමාලෝචනය සාර්ථක ව නිම කිරීමෙන් පසු විස්තීර්ණ ණය පහසුකමට අදාළ අරමුදල්වල මීළඟ වාරිකය මුදා හැරීමට පහසුකම්…

(0)Comments | November 4, 2019 10:53 am

ගෑස් නැවක් සෙනසුරාදා ඇවිත්. තවත් නැවක් අඟහරුවාදා එනවා – මුදල් අමාත්‍යාංශය කියයි

ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්‍රො සමාගමින් ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක හදිසි මිලදී ගැනීමක් මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසි මිලදී ගැනීමකට කටයුතු යොදා තිබෙන බවත් තම අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙළෙඳපොළට වහා නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක්…

(0)Comments | November 3, 2019 9:52 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 164ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හයවන සමාලෝචනය සම්පූර්ණ කර තිබේ. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164 ක හයවන වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කටයුතු කරනු ඇත. මෙම හයවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විදේශීය…

(0)Comments | November 2, 2019 8:36 am