Top News

ඩොලර් මිලියන 50ක ආයෝජනයක් – නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

නුවරඑළියේ ඉදි කිරීමට නියමිත  ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගිය දා (13) නුවරඑළිය මහ නගරසභා පරිශ්‍රයේදී සිදුවිය. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් සහිත නුවරඑළිය ප්‍රදේශය මෙරට උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීම හා සුන්දර පරිසරයකට හිමිකම් කීම හේතුවෙන් එම ප්‍රදේශය සඳහා වන සංචාරක…

(0)Comments | October 14, 2019 3:11 pm

සැප්තැම්බරයේ දී විදෙස් සංචිතය ඩොලර් මිලියන 886කින් පහළට

2019 අගෝස්තු 30 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 8,523.71 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2019 සැප්තැම්බර් 30 දින වන විට ඩොලර් මිලියන 7,637.6 ක් දක්වා ඩොලර් මිලියන 886කින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මෙහිදී විදෙස් විනිමය සංචිතය සැප්තැම්බර් මාසය…

(0)Comments | October 14, 2019 12:17 pm

විදෙස් සමාගම්වල ආයෝජනයට ඇමතුමක් ඔබටත් ලැබුණා ද? – මෙන්න ඇත්ත

විදේශීය සමාගම් කොටස්වල ආයෝජනය සඳහා අවස්ථාව ලබා දෙමින් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන බවට, විදෙස් කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයින් යැයි හඳුන්වනු ලබන පුද්ගල කණ්ඩායම් දුරකථන ඇමතුම් හරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් යනු ලබන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ සොයා බැලීමක දී වාර්තා වූයේ එවැනි කාර්යාලයක් මේ වන විට කොළඹ කොටුව…

(0)Comments | October 14, 2019 11:32 am

ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමේ තීරණයක්

2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෝටර් වාහන මත කාබන් බද්ද පනවා තිබේ. වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගත වූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව අදාළ බදු බැඳියාව තීරණය වන නමුත්, මහජනයාගෙන් ලැබුණු ඉල්ලීම්, ක්ෂේත්‍රයේ නිපුණයින්ගේ නිරීක්ෂණ සහ ප්‍රාදේශීය ලේකම් මට්ටමෙන් එය ක්‍රියාත්මක කිරීමේ ඇති අසීරුතා සලකා බලා මෙම පදනම වෙනස් කිරීමට තීරණය…

(0)Comments | October 14, 2019 11:32 am

ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස අඛණ්ඩව 3 වන වරටත් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපීය ප්‍රමුඛ ගුවන් සමාගමක් ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින් ලෝක සංචාරක සම්මාන උළෙලෙ හි දී (World Travel Awards )  අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස (Asia’s Leading Airline to the…

(0)Comments | October 14, 2019 11:31 am

රාජ්‍ය ණය ආපසු ගෙවන්න ඩොලර් මිලියන 500ක සමුරායි බැඳුම්කර නිකුතුවක්

2019 සැප්තැම්බර් 03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මත පදනම් ව සක්‍රිය වගකීම් කළමනාකරණ පනත මඟින් අනුමත කළ ණය ගැනීමේ සීමාවන් තුළ නුදුරු අනාගතයේදී රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ පරිදි, ජාත්‍යන්තර සහයෝගිතාවය සඳහා වූ ජපන් බැංකුව (JBIC) මඟින් ලබා දීමට නියමිත ණය ඇපකරය සහිතව…

(0)Comments | October 14, 2019 7:37 am

බැඳුම්කර වෝහාරික විගණන ප්‍රතිඵල නොවැම්බරයේ දී නීතිපති අතට

මහ බැංකු බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙමින් තිබෙන වෝහාරික විගණනයන් එළඹෙන නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. “වෝහාරික විගණනයන් 6 ක් පැවැත්වෙනවා. මෙයින් 5 ක් නොවැම්බර් වන විට අවසන් කිරීමට හැකිවේවි“, යැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අධිපතිවරයා…

(0)Comments | October 11, 2019 3:05 pm

‘දරු සම්පත’ නමින් අලුත් ලොතරැයියක්. සෙවණේ නිවස වෙනුවට මුදල්

‘දරු සම්පත’ නමින් ලොතරැයිපතක් ආරම්භ කිරීම හා එහි ආදායම ‘දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල’ ට බැර කිරීම – අසරණභාවයට පත් වූ දරුවන් හා විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ සුබසාධනය හා ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2019 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා දිනයේදී, භාර ආඥාපනත යටතේ පිහිටුවන ලද ‘දරුවන් සුරකිමු –…

(0)Comments | October 11, 2019 2:03 pm

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ඔක්තෝබර් 10 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ…

(0)Comments | October 11, 2019 1:51 pm

සුපිරි වෙළෙඳසැල්, සුඛෝපභෝගී සාප්පු, මහල් නිවාස – රිචඩ් පීරිස්ගෙන් කොට්ටාවට දැවැන්ත ව්‍යාපෘතියක්

කොට්ටාව හයිලෙවල් පාරට මායිම්ව පිහිටි අක්කර 1 රූඩ් 1 පර්චස් 19.40ක ඉඩම් කොටසක් සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක්, සුඛෝපභෝගී සාප්පු, විනෝදාස්වාද කටයුතු හා මහල් නිවාස 80ක නේවාසික සංරචකයකින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් ලිමිටඩ් වෙත අවුරුදු 99ක බදු පදනම මත පැවරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…

(0)Comments | October 11, 2019 10:24 am