Top News

  • Ada Derana BIZ Sinhala
  • Ceylon Petroleum Corporation
  • Kanchana Wijesekera
  • sri lanka

තෙල් ගෙන්නපු හැටි කංචන කියයි

2022 ජනවාරි 01 සිට සැප්තැම්බර් දක්වා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන ප්‍රසම්පාදනය කළ ආකාරය පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (08) දින පියවර ගෙන ඇත. මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ණයවර ලිපි විවෘත කිරීමේ නොහැකියාව මත 2022 පෙබරවාරි මාසයේ සිට දිගු කාලීන ටෙන්ඩර ලබා දීමට අපොහොසත් වී ඇති…

(0)Comments | November 8, 2022 11:11 am
  • Ada Derana BIZ Sinhala
  • Fuel
  • import cost
  • sri lanka

ඉන්ධන ආනයන වියදම 87%කින් ඉහළට

ඉන්ධන ආනයන වියදමෙන් ලද දායකත්වය විශාල වශයෙන් ඉහළ යෑමත් සමඟ, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 7.7කින් ඉහළ ගියේය. 2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිත ආනයන පරිමාවන් සහ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් බොර තෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරුවලින්…

(0)Comments | November 8, 2022 10:23 am

වෙළෙඳ හිඟයේ කැපීපෙනෙන පහළ යාමක්

  • Ada Derana BIZ Sinhala
  • decline
  • sri lanka
  • trade deficit

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2022 සැප්තැම්බර් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ අගයක පැවතුණු අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනවල කැපී පෙනෙන පහළ යෑම නිරූපණය කරමින්,  ආනයන වියදම් අඛණ්ඩව හත්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය (වාර්ෂික ලක්ෂ්‍යමය…

(0)Comments | November 8, 2022 10:10 am

ඉදිරි දෙවසර තුළ ලෝක ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සියලු රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් කැඳවන ලෙස ජනපතිගෙන් යෝජනාවක්

  • Ada Derana BIZ Sinhala
  • agriculture ministers
  • sri lanka
  • world food security

ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව”…

(0)Comments | November 8, 2022 10:02 am

හමීඩියා Envoy නවතම ජාත්‍යන්තර ප‍්‍රදර්ශනාගාරය ඩුබායි හි විවෘත කරයි

  • Ada Derana BIZ Sinhala
  • Envoy
  • Hameedia
  • sri lanka

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පිරිමි ඇඟලූම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය Envoy සන්නාමය මැදපෙරදිගට ව්‍යාප්ත කරමින් ඩුබායි හි ෆෙස්ටිවල් සාප්පු සංකීර්ණයේ Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් අති ගරු ෂෙයික් ජූමා බින් මක්ටුම් අල් මක්ටුම්ගේ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ සහ පෞද්ගලික උපදේශක යාකූබ් අල්…

(0)Comments | November 8, 2022 9:53 am

නිදහස් වෙළඳ සාකච්ඡා හා ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්වීමට ජනපතිගෙන් උපදෙස්

  • Ada Derana BIZ Sinhala
  • free trade negotiations
  • international trade
  • sri lanka

අන්තර් ජාතික වෙළඳාමේ තරඟකාරීත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්ත සඳහා වෙළඳ ගැලපුම් වැඩසටහනක් අපනයනාභිමුඛ ඍජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීමට රජයේ අවධානය රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

(0)Comments | November 7, 2022 11:55 am

සංචිත නොසන්සුන්

  • Ada Derana BIZ Sinhala
  • reserves
  • sri lanka
lead-story-image

2022 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,704 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. කෙසේවෙතත් මෙය 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,779 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.2%ක පහළ යාමක් වේ. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන…

(0)Comments | November 5, 2022 12:12 pm

සංචාරකයින් 42,000 ක් ඔක්තෝබරයේ දී ඇවිත්

  • Ada Derana BIZ Sinhala
  • October
  • sri lanka
  • tourists

පසුගිය ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 42,026 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව 2022 වසරේ මුල් මාස 10 තුළ දී පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 568,258 ක් වේ. ඔක්තෝබර් මාසය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 8,862 කි….

(0)Comments | November 4, 2022 12:35 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ලබාදීමට එකඟතාව

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරිකයින්ගේ සහයෝගය ලබාදීමට එකඟතාව පළ විය. මෙම එකඟතාව පළ වූයේ කැනඩාවේ ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (නොවැ. 03) පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදී ය. මෙහිදී ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වය වැඩිකරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එම ව්‍යාපාරිකයින් සඳහන් කළ…

(0)Comments | November 4, 2022 11:41 am

ශ්‍රී ලංකාවේ බැඳුම්කර ශ්‍රේණිය පහළට

ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය ‘CC’ සිට ‘D’ දක්වා  පහළ දැමීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global ඊයේ (03) පියවර ගෙන තිබේ. 2022 සැප්තැම්බර් 14 සහ සැප්තැම්බර් 28 යන දිනවලදී ගෙවිය යුතු පොලී මඟහැරීම හේතුකොට ගෙන මෙම පියවර ගැනීමට S&P Global පියරව ගෙන ඇත. “පොලී ගෙවිය යුතු දින සිට දින 30ක් ඇතුළත මේ සඳහා…

(0)Comments | November 4, 2022 11:29 am