Top News

ජනපති අපේක්ෂකයෝ කොටස් වෙළෙඳපොළ ගැන මෙසේ කියති

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන අපේක්ෂකයින් තිදෙනාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට එළිදක්වා තිබේ. සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් මෙකී අපේක්ෂකයින් තිදෙනාම අවධානය යොමුකර තිබීම විශේෂයෙන් දැකිය හැකිය. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාපක්ෂ මහතාගේ “ගෝඨාභය – රට…

(0)Comments | October 31, 2019 5:28 pm

ආර්ථික ප්‍රවර්ධනය සඳහා අංශ 12ක සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව ලංකා ආයෝජන මණ්ඩලයේ පෙරදැක්ම

ලංකා වාණිජ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රවර්ධනය සඳහා අංශ 12 ක සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. 2025 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 134 ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය 6.8%ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමේ දී සිදුකළ යුතු විශේෂ ආර්ථික ක්‍රියාකාරකම් 140ක් මෙහි ඇතුළත් වේ….

(0)Comments | October 31, 2019 3:49 pm

PAYE අවම සීමාව රු.150,000 යි.  වසර දෙකක් තුළ VAT 12.5% ක් දක්වා පහළට – සජිත්ගේ බදු ප්‍රතිපත්තිය මෙන්න

උපයන විට බදු ගෙවීම (PAYE) ආරම්භ කළ යුතු සීමාව මසකට රු. 100,000 සිට මසකට රු. 150,000 ආදායම දක්වා ඉහළ දමන බව අද (31)  දින එළි දක්වන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් වේ. තවද උපයන විට ගෙවීමේ බදු අදාළ වන පරාසය පුළුල් වනු ඇති බව ද එහි දැක්වේ….

(0)Comments | October 31, 2019 12:54 pm

B.B. Energy, Emirates National Oil Company බොර තෙල් හා ඩීසල් කොන්ත්‍රාත්තු දිනා ගනී

2020-01-01 සිට 2020-08-31 දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000ක් මිලදී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s B.B. Energy (Asia) Pte. Ltd., Singapore වෙත හා 2019-10-01 සිට 2020-06-30 දක්වා මාස නවයක (09) කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක්…

(0)Comments | October 31, 2019 11:06 am

කජු වවන්න රජයේ ඉඩම් අක්කර 9,600 ක් කජු සංස්ථාවට

මෙරට තුළ කජු වගාව සඳහා විශාල විභවයක් පැවතීම සැලකිල්ලට ගෙන, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 479කින් යුත් පූනරීන් වතුයාය, මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 6,498කින් යුත් කොණ්ඩච්චි වතුයාය හා අක්කර 500කින් යුත් වෙල්ලම්කුලම් වතුයාය, මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 1,075කින් යුත් මාන්කර්නි වතුයාය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අක්කර 681කින් යුත් තිරියාය වතුයාය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 441කින් යුත් එළුවන්කුළම මාටින් ඉපිල් ඉපිල් ගොවිපොල…

(0)Comments | October 31, 2019 10:48 am

සුඛෝපභෝගී දුම්රිය මගී මැදිරි ක්‍රියාත්මක කිරීමට ලංසු කැඳවයි

සංචාරක කටයුතු සඳහා බදු පදනම මත දුම්රිය සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මහනුවර මාර්ගයේ සුඛෝපභෝගී මගී මැදිරි සේවාව දැනට ක්‍රියාත්මක වන නමුදු, බදුල්ල, උතුරු, නැඟෙනහිර සහ දකුණ යන මාර්ගවල දැනට එම සේවාව ක්‍රියාත්මක නොවේ. එබැවින්, මගී අවශ්‍යතා සහ වත්මන් ඉල්ලුම සැලකිල්ලට…

(0)Comments | October 30, 2019 3:23 pm

ජ‘පුර හා තායිලන්තයේ කැසෙට්සාර්ට් අතර අවබෝධතා ගිවිසුමක් 

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සහ තායිලන්තයේ කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පීඨය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | October 30, 2019 3:17 pm

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ පුළුල් කරයි

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන් සමග ඒකාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වේගවත්ව ක්‍රියාත්මක වන අතර 2019 අගෝස්තු 31 දින වන විට රුපියල් මිලියන 70,000 කට අධික ණය මුදල් ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 40,240 ක් අතර බෙදා දී ඇත. මෙම වැඩසටහන තුළ අන්තර්ගත සමස්ත මූල්‍ය හා මූල්‍ය නොවන යෝජනා ක්‍රම…

(0)Comments | October 30, 2019 1:18 pm

කොමෝඩ, ජල කුටීර, කරාම ඇතුළු ජල උපාංග නියාමනයට කැබිනට් අනුමැතිය

ජල පාරිභෝගිකයින් විසින් ප්‍රමිතියෙන් තොර උපාංග භාවිත කිරීම හේතුවෙන් ජලය විශාල ප්‍රමාණයක් කාන්දු වීම නිසා අපතේ යන බවත්, ගුණාත්මක බවින් අඩු, ප්‍රමිතියෙන් තොර ජල උපාංග කාණ්ඩ ගණනාවක් ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව පාරිභෝගිකයාට දේශීය ජල උපාංග නිෂ්පාදකයන්ට මෙන්ම පාරිසරික වශයෙන් ද ප්‍රතිලාභ ලැබෙන පරිදි, ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟ…

(0)Comments | October 30, 2019 12:17 pm

Laugfs Power කොටස් ගනුදෙනු ඇරඹෙයි. Laugfs Eco Sri හා Laugfs Leisure ඉදිරියේ දී කොටස් වෙළෙඳපොළට

Laugfs සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Laugfs Power ලිමිටඩ් අද (30) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ ද්වීතියික කොටස් ගනුදෙනු ආරම්භ කරන ලදී. මේ වෙනුවෙන් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවක් සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා ලාෆ්ස් සමූහයේ විධායක  සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය, කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති රේ අබේවර්ධන ඇතුළු අමුත්තන් රැසක් එක්විය. මෙහිදී අද…

(0)Comments | October 30, 2019 11:28 am