Top News

ද ෆිනෑන්ස් ගොඩගන්න ආයෝජකයින් තිදෙනෙකු සමඟ සාකච්ඡා – බලපත්‍රය අවලංගු නොකරන්නැයි මහ බැංකුවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමට තීරණය කරන ලදී. මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියේ, ද…

(0)Comments | November 26, 2019 1:47 pm

Takeda ඩෙංගු ප‍්‍රතිශක්තිකරණ එන්නත් පරීක්ෂාවේ තුන්වන අදියරේ ප‍්‍රතිඵල ඇමරිකානු පරීක්ෂණ මණ්ඩය වෙත ඉදිරිපත් කෙරේ

Takeda විසින් අත්හදා බලමින් සිටින ඩෙංගු ක‍්‍රියාකාරිත්වයට (TIDES) එරෙහි ටෙට‍්‍රවාලන්ට් ප‍්‍රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ (TAK-003) 3 වන අදියරෙහි මාස 18 ක ප‍්‍රතිඵල මෙම වසරේ නොවැම්බර් 20 වන දින සිට 24 දක්වා නැෂනල් හාබර් පරිශ‍්‍රයේ පැවති ඇමරිකානු නිවර්තන වෛද්‍ය හා සනීපාරක්ෂක සංගමයේ (ASTMH)68 වන සම්මේලනය සඳහා ඉදිරිපත් කරන ලදී. මෙම අත්හදා බැලීමේදී ප‍්‍රමාණවත් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු…

(0)Comments | November 26, 2019 11:52 am

මුම්බායි – කොළඹ ගුවන් ගමන් අරඹමින් විස්තාරා ශ‍්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දියාවේ හොඳම ගුවන් සේවය වන විස්තාරා ඊයේ (25) දින සිට කොළඹට තම ගුවන් ගමන් ඇරඹු බව නිවේදනය කර සිටියි. මෙම ගුවන් සේවය සතියේ සෑම දිනකම (බදාදා දින හැර) මුම්බායි සිට කොළඹට පියාසර කරන අතර ඉකොනමි සහ ව්‍යාපාරික පන්තියට අතිරේකව ප‍්‍රීමියම් ඉකොනමි යනුවෙන් තවත් ආසන පන්තියක් ප‍්‍රථම වරට හඳුන්වා දී තිබේ. විස්තරා ගුවන් සේවය ඉන්දියාවේ ටාටා…

(0)Comments | November 26, 2019 10:45 am

සලාම් එයාර් කොළඹට පැමිණෙයි

ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් සේවා අරඹමින් ඕමානයේ සලාම් එයාර් ගුවන් සේවය, මස්කට් සිට කටුනායක දක්වා අද (25) දින සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. මෙලෙස මෙහෙයුම් අරඹන ලද සලාම් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද උදෑසන කටුනාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය. කොළඹ සහ මස්කට් අතර සතියකට සිව්වතාවක් සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල…

(0)Comments | November 25, 2019 1:56 pm

ආචාර්ය කුමාරස්වාමි මහ බැංකු අධිපති තනතුරට සමුදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2019 ජනාධිපතිවරණයට පෙර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත. පෞද්ගලික හේතූන් මත ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අද දෙරණ Biz වෙත වැඩිදුරටත් වාර්තා වේ. 2016 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා…

(0)Comments | November 25, 2019 1:11 pm

හේලීස් සමාගමේ බලය ධම්මික තවතවත් තර කර ගනී

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි පාලක කොටස් හිමිකරුවා වන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා, සිය කොටස් හිමිකාරීත්වය 50.44% සිට 51% ක් දක්වා ඉහළ නංවා තිබේ. පසුගිය නොවැම්බර් 21 දින හේලීස් පීඑල්සී හි කොටස් 430,000 ක් මිල දී ගැනීමත් සමඟම මෙලෙස හේලීස් සමාගමේ 51%ක කොටස් අයිතිය ධම්මික පෙරේරා විසින් තහවුරු කර ගෙන ඇත. 2019…

(0)Comments | November 25, 2019 11:30 am

මහ බැංකුව අනතුරු අඟවයි – අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු තමන් වෙත ලැබී ඇති බවත් මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ….

(0)Comments | November 25, 2019 10:19 am

මුදල්, ආර්ථික මහින්ද යටතට – අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය මෙන්න

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ ජාතික උත්සවය අද(22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.  ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය.  ඒ අනුව මෙලෙස දිවුරුම් දෙනු ලැබු නව අමාත්‍ය මණ්ඩලය වන්නේ, 01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය 02. නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ, මානව හිමිකම්…

(0)Comments | November 22, 2019 10:42 am

HNB සමුහය රුපියල් බිලියන 14.6 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

2019 වර්ෂයේ පළමු මාස 09 සඳහා රුපියල් බිලියන 8 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව සමත් වී තිබෙන අතර එම කාල සීමාව සඳහා සමුහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 8.7 ක් ලෙස වාර්තා වෙයි. පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 2019 වර්ෂයේ තුන්වන කාර්තුවේ ලාභය රුපියල් බිලයන 3.2 ක් දක්වා වර්ධනය වී ඇති…

(0)Comments | November 22, 2019 10:09 am

ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම තිරිඟු පිටි මිල ඉහළ නැංවීම ඉවත් කර ගනී

අභිනවයෙන් තේරී පත් වූ අතිගරු ජනාධිපතිතුමන් දැවැන්ත අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බවත් ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමග සාකච්ඡා කරන බවත් ප්‍රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මේ අනුව මිල සංශෝධනය සම්බන්ධව සියලු බේකරි හිමියන් සහ…

(0)Comments | November 22, 2019 10:04 am