Top News

ICTA Disrupt Asia 2018 තොරතුරු තාක්ෂණික ව්‍යවසායකයින්ගේ සමුළුව හා නවෝත්පාදන උළෙල අගෝස්තුවේ දී

ව්‍යවසායකත්වය, ව්‍යාපාර සහ තාක්ෂණය පිළිබඳ ප්‍රවීනයින්ගෙන්  ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණික ආධුනිකයින්ට අනගි අවස්ථාවක් මෙරට 3 වන වතාවට පැවැත්වෙන ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයින්ගේ සම්මන්ත්‍රණය සහ නවෝත්පාදන උළෙල වන Disrupt Asia 2018, අගෝස්තු 11 වන දින පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදි පැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කෙරේ. ශ්‍රී ලංකා…

(0)Comments | July 25, 2018 11:03 am

ශ්‍රී ලංකාවේ නිපදවන පළමු ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය 2020 දී එළිදකී

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ පළමු තොගය 2020 වසරේ දී වෙළෙඳපොළට එක් කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කියා සිටී. “2018 අයවැයේ දී…

(0)Comments | July 25, 2018 10:41 am

නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන්ට ලබා දී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කරයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඊට අදාළ සංදේශයට අද (24) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ අනුව මෑත කාලයේ දී ඇති වූ නියඟය හේතුවෙන් වගා කන්න 5ක් එක් දිගට හානි වූ…

(0)Comments | July 24, 2018 6:14 pm

උතුරේ රැකියා වියුක්තිකයන්ට ස්වයංරැකියා සඳහා රුපියල් මිලියන විස්සක්

උතුරේ රැකියා වියුක්තියෙන් පෙළෙන ජනතාවට සහනයක් සළසමින් එම ජනතාව ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් මූල්‍යාධාර හා උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා (22 දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිවියට උදාන වැඩසටහනට සමගාමීව මෙම මූල්‍ය ආධාර සහ උපකරණ පිරිනැමිණි. යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ස්වයංරැකියා වල නිරතවන හා ස්වයංරැකියා ආරම්භ…

(0)Comments | July 24, 2018 11:34 am

ජුනි මාසයේ උද්ධමනය සියයට 2.5ක් දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මැයි මාසයේ දී පැවැති සියයට 2.1ට සාපේක්ෂ ව  2018 ජුනි මාසයේ දී සියයට 2.5ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික…

(0)Comments | July 24, 2018 8:20 am

අපනයනය එපාකරවන අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය

අපනයනය කරන්නට සිතන ව්‍යාපාරිකයන් අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම ලංකාවේ නීතිය යටතේ අනිවාර්ය වේ. ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයන්ට අදාළ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස දීර්ඝ, අකාර්යක්ෂම සහ දුෂ්කර එකක් බව වෙරිටේ පර්යේෂණ ආයතනය කළ අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ. වත්මන් ක්‍රියාවලිය අවම වශයෙන් පියවර 10කින් සමන්විත වන අතර, විවධ රාජ්‍ය ආයතන 6ක් ඊට සම්බන්ධ වේ. මේ…

(0)Comments | July 23, 2018 4:02 pm

සුදු කෙරෙන කළු සල්ලි හොයන්න මූල්‍ය බුද්ධි ඒකකයෙන් නීතිඥ, නොතාරිස්, ගණකාධිකාරී, සමාගම් ලේකම්වරුන්ට විශේෂ නිවේදනයක්

මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීයමය සේවා සපයන ආයතනයන් හි ව්‍යාපාරික ගනුදෙනු යොදා ගනිමින් මුදල් විශුද්ධිකරණය සිදු කිරීම සහ ත්‍රස්තවාසදයට අරමුදල් සැපයීම මැඩ පවත්වා ගැනීම සඳහා සුදුසු ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩපිළිවෙලක් එකී සෑම ආයතනයක් විසිනම් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය දන්වා සිටී. මෙහිදී ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ සැකකටයුතු ගනුදෙනු මූල්‍ය…

(0)Comments | July 23, 2018 3:00 pm

ඩොලර් බිලියන 1.1 කින් නිල සංචිතය පහළ යයි

රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය, 2018 වසරේ අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වූ මෙතෙක් පැවති ඉහළම මට්ටම වන එක්සත් ජනපද ඩොලර් බිලියන 9.9 සිට 2018 වසරේ මැයි මාසය අවසාන වන විට ආනයනික මාස 4.8 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 8.8 ක් දක්වා පහළ ගියව අතර, මාසය තුළ දී ආසියානු නිෂ්කාශන සංගමය වෙත…

(0)Comments | July 23, 2018 12:12 pm

මැයි මාසයේ දී බැඳුම්කරවලින් ඉවත් කර ගත් ශුද්ධ විදෙස් ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 89 යි

2018 මැයි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 89 ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, 2018 වසරේ පළමු මාස 5 තුළ දී සමුච්ඡිත ශුද්ධ ගෙවීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 102 ක් විය. එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව මගින් පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් විදේශ ආයෝජකයින් විසින් තම ආයෝජන කළඹ වෙනස් කිරීම,…

(0)Comments | July 23, 2018 10:18 am

ලොව හොඳම ගුවන්සේවා වර්ගීකරණයෙන් ශ්‍රීලංකන් 81 සිට 95 දක්වා පසුබසී

ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවය ලෙසින් සිංගප්පූරු ගුවන්සේවය නම් කර තිබේ. මෙවර ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවා 100 අතුරින් මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රීලංකන් ගුවන්සේවයට හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි. එය 2017 වසරේ සිටි 81 වැනි ස්ථානයේ සිට පියවර 14 ක පසුබැසීමකි. මෙම වර්ගීකරණයට…

(0)Comments | July 20, 2018 1:06 pm