Top News

IMF සරණ පතනවාද – තීරණය අද?

ශ්‍රී ලංකාව දැනට මුහුණ පා සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡාවක් අද (13) දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අද දින කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේවෙතත් මේ වන විට ආණ්ඩුව…

(0)Comments | December 13, 2021 10:56 am

නුවරඑළියට කේබල් කාර්. ආයෝජනය ඩොලර් මිලියන 55 ක්

රටේ ආර්ථිකයට මෙන් ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ. ස්විඩන් විදේශීය ආධාර ක්‍රමය යටතේ සම්පූර්ණව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 30 අවුරුදු බදු පදනමක් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක මුදලකින් සංවර්ධනය කෙරේ. මේ පිළිබඳ වන අවබෝධතා ගිවිසුම පසුගිය දා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අත්සන් කරනු…

(0)Comments | December 13, 2021 8:12 am

වෙළෙඳපොළ හිඟය වහා පිරවීමට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් අඩුම මිලට සිමෙන්ති

වත්මනෙහි රටේ පවතින සිමෙන්ති හිඟය වහා පිරවීමට ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කඩිනම් පියවරක් ලෙස ආනයනය කරන ලද සිමෙන්ති කොට්ට තොගයක් අඩුම මිලට පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා වෙළඳපොලට නිකුත් කර ඇත. සිමෙන්ති ආනයනකරුවන් විසින් සිමෙන්ති කොට්ට ආනයනය නවතා දැමීමත් සමඟ වෙළඳපොලේ ඇති වූ දැඩි සිමෙන්ති හිඟය පිරවීම සඳහා සිමෙන්ති කොට්ට තොගයක් වහාම ගෙන්වීමට ටෝකියෝ සිමෙන්ති…

(0)Comments | December 11, 2021 8:36 am

ඉවත්වෙන්න ඉඩ දෙන්නැයි ආයෝජන මණ්ඩල සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති සංජය මොහොට්ටාල මහතා, අදාළ රාජකාරිවලින් තමන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේම ආයෝජන මණ්ඩලය සඳහා නව නායකත්වයක් පත්කරන ලෙස ද ඔහු වැඩිදුරටත් එහිදී ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ. අතිගරු ජනාධිපතිතුමා සමඟ මේ සතියේ පැවැත් වූ සාකච්ඡාවකදී,  ශ්‍රී …

(0)Comments | December 11, 2021 8:12 am

“තියෙන්නේ පිට්ටනි 4 යි. වර්ල්ඩ් කප් එකක් තනියම කරන්න බැහැ“ – නාමල්

ශ්‍රී ලංකාවට තනිව ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමට නොහැකි හේතුව ඇමති නාමල් අනාවරණය කරයි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4 ක් පමණක් බවත්, ක්‍රිකට් ලෝක කුසලානයක සත්කාරකත්වයක් තනිව දැරීමට නම් අඩුම වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක්වත් තිබිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. යම් හෙයකින් ක්‍රීඩාංගණ 4ක්…

(0)Comments | December 9, 2021 4:50 pm

යොහානි බ්‍රැන්ඩික්ස් සමග එක්වෙයි

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර සංගීත වේදිකාවට ගෙන ගිය යොහානි ද සිල්වා බ්‍රැන්ඩික්ස් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස පත් කෙරේ. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක 60,000 කට අධික සාමාජික-සාමාජිකාවන් පිරිසකගෙන් සමන්විත බ්‍රැන්ඩික්ස් හා දිරියෙන් සහ කැපවීමෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානී, මනා සුසංයෝගයක් ලෙස හැඳින්විය හැකිය. “සන්නාම තානාපති ලෙස බ්‍රැන්ඩික්ස් පවුලට එක්වීමට ලැබීම මට මහත් සතුටක්….

(0)Comments | December 9, 2021 4:47 pm

කටාර් මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක අතමාරුවක්

මෙරට සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත්, එහිදී කටාර් මහ බැංකුව සමඟ ඩොලර් බිලියනයකට වැඩි විනිමය හුවමාරුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය. එහිදී වැඩිදුරටත්…

(0)Comments | December 9, 2021 1:39 pm

ගුවන් තොටුපලේ ශ්‍රීලංකන් Serenediva විවේකාගාරය නව මුහුණුවරකින් විවෘත වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  Serenediva විවේකාගාරය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළේ දී නැවත විවෘත කරන ලදී. මාස 11ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබූ මෙම විවේකාගාරය  සුඛෝපභෝගී පහසුකම් වලින් සමන්විත වේ.  එමගින් මගීන්ට ඔවුන්ගේ මීළඟ ගුවන් ගමන තෙක් බලා සිටින අතරතුර සුව පහසු විවේකයක් ලබා ගැනීම සඳහා ඉඩකඩ ලබාදේ. පවතින වසංගතය සැලකිල්ලට ගනිමින් ඉහළම සෞඛ්‍ය…

(0)Comments | December 9, 2021 12:53 pm

පහේ ශිෂ්‍යත්ව හපනුන් 9,000කට ETF ශිෂ්‍යත්ව

2020 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ දූ දරුවන් 9000කට ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළ පළමු අදියරේ මුදල් චෙක්පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. පළමු අදියර යටතේ දූ දරුවන් 6000කට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මහජන බැංකුවේ සිසු උදාන බැංකු ගිණුම් විවෘත කිරීමට පිරිනමන රුපියල් 89,820,000…

(0)Comments | December 9, 2021 12:50 pm

නොවැම්බරයේ දී ඩොලර් මිලියන 678 කින් විදෙස් මුදල් සංචිතය අඩුවෙලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2021 ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,269.2 ක්ව තිබූ අතර අද (09) දිනයේ දී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ 2021 නොවැම්බර් මාසයේ දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 ක් බවයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත…

(0)Comments | December 9, 2021 12:17 pm