ශ්රී ලංකාව කඩිනම් මහවැලි ව්යාපෘතිය දියත් කළ අයුරින්ම මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්ත කේෂ්ත්රයේ ශ්රම බලකාය ඉහළ නැංවීම සඳහා එවැනිම ව්යාපෘතියක් දියත් කළ යුතු බව hSenid සමූහයේ නිර්මාතෘ හා සභාපති දිනේෂ් සපරමාදු මහතා පවසයි. ඊයේ (16) TV දෙරණ ඔස්සේ විකාශය වූ ‘එක්ව ජයගමු’ විශේෂ සජීවී වැඩසටහන හා එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ඉදිරි වසර…
ශ්රී ලංකාව තුළ මෙතෙක් ක්රියාත්මක කරන ලද දැවැන්තම සංවර්ධන ව්යාපෘතිය ලෙස සැලකෙන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්යාපෘතියට මේ වනවිට වසර 7 ක් සම්පූර්ණ වී තිබේ. මෙහි සාගරය ගොඩකිරීම් සහ අනෙකුත් මූලික කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ වූ අතර, ව්යාපෘතියේ මූලික ගොඩකිරීම් සහ අභ්යන්තර යටිතල පහසුකම් සඳහා සෘජු විදේශ ආයෝජනයන් ලෙස ශ්රී ලංකාව වෙත ලැබුණු…
වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීම තුළ, මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්රයෙන් ඉහළ යන ප්රවණතාවක් දකින්නට ලැබී ඇත. මෙ පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපති සුජීව…
මොස්කව්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය, එහි පැමිණෙන සංචාරක හා ගුවන් සේවා අමාත්යාංශයේ නියෝජිත පිරිස සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පීජේඑස්සී එයරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ 2021 සැප්තැම්බර් 03 වැනි දින මොස්කව්හි එයරොෆ්ලොට් මූලස්ථානයේ දී රැස්වීමක් සංවිධානය කළේය. මෙම රැස්වීමේ දී, මොස්කව්-කොළඹ අතර නව ඍජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සූදානම් බවත්, එය 2021 නොවැම්බර් 4 වැනි දින ආරම්භ වන බවත් පීජේඑස්සී එයරොෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරීහු සඳහන් කළහ. ශ්රී ලංකාව සුරක්ෂිත…
කුඩා හා මධ්යම පරිමාණ ව්යාපාරවලට (SME) රුකුල්දීම පිණිස සහ කාන්තා ව්යවසායිකාවන් වෙත සහාය ලබාදීම පිණිස අද (16) දින එක්සත් ජනපදය මූල්යකරණ කටයුත් සඳහා ඩොලර් මිලියන 40 ක් SDB බැංකුව වෙත ලබාදෙන ලදී. මෙම ණය මුදල්, ජාත්යන්තර ආයෝජන සංවර්ධන සහ සර්වග්රාහී ආර්ථික වර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ ජාත්යන්තර සංවර්ධන මූල්ය සංස්ථාවෙන් (DFC) අරමුදල් ලෙස SDB…
2021 අප්රේල් මස අවසානයේ කොවිඩ්-19 වසංගතයේ තුන්වන රැල්ල ආරම්භ වන තුරු ශ්රී ලංකා ආර්ථිකය 2020 වසරේ දෙවන කාර්තුව හා සසඳන විට 2021 වසරේ දෙවන කාර්තුවේ දී සතුටුදායක මට්ටමක පැවතිණි. කොවිඩ්-19 වසංගතය සඳහා වූ යම් යම් සෞඛ්ය අනතුරු ඇඟවීම් සහ පූරුවාරක්ෂාවන් යටතේ වුව ද, පසුගය වසරේ දී මෙන් නොව, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය…
ශ්රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්රෝණියේ නොගැඹුරු මුහුදු ප්රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය පිණිස ප්රථමවරට ගුවන්යානා උපයෝගි කොට ගනිමින් ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්ෂේත්ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය පසුගියදා ආරම්භ විය. සමීක්ෂණය කරන්නේ එක්සත් රාජධානිය මූලස්ථානය කොට ගත් ලෝක ප්රකට භෞතික සමීක්ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් (Bell Geospace) පෞද්ගලික සමාගම විසිනි. දිගු කාලීනව ලංකාවේ ඛනිජ තෙල්…
මෙරට කෘෂිකාර්මික අංශයට අත්යවශ්ය පොහොර ලබා ගත හැකි බවට සහතික කිරීම සඳහා රජය මෑතකදී ගත් පියවර කලාපීය වැවිලි සමාගම් ඇතුළුව තේ රබර් සහ අනෙකුත් වැවිලි බෝග වගා කරන ක්ෂේත්රයේ සියලූම පාර්ශවකරුවන්ගේ පැසසුමට ලක් වී ඇත. විශේෂයෙන්ම තේ කර්මාන්තය අභියෝග රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ මෙය ඉතා කාලෝචිත උපකාරයකි. එබැවින් රජයේ මෙම ක්රියාවලිය සියලූම කලාපීය…
විදේශ ණය අඩුකර ගැනීමට ප්රමුඛත්වය ලබා දෙන බව ශ්රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (15) දිනයේ ශ්රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා වශයෙන් වැඩභාර ගනිමින් ඔහු මේ බව කියා සිටියේය. මීට අමතරව, ණය නොවන මුදල් රටට ගලා එන වාතාවරණයක් ඇතිකර සංචිත ශක්තිමත් කිරීම, දළ දේශීය නිෂ්පාදිතය වැඩිකර ගැනීම හා…
කුඩා හා මධ්ය පරිමාන ව්යවසායකයන් Empower පුවරුවෙහි ලැයිස්තුගත වීමේ පිළිබඳව දැනුම්වත් කරන මාර්ග ගත වැඩසටහන් මාලාවෙහි පස්වැන්න මහනුවර ප්රාදේශීය ව්යවසායකයින් සඳහා කොළඹ කොටස් හුවමාරුව විසින් පසුගියදා සංවිධානය කරනු ලැබීය. ප්රමුඛ ව්යවසායකයින් 25 ක පමණ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවට ඉතා ඉහල ප්රතිචාරයක් ලැබීම විශේෂත්වයකි. මෙම වැඩසටහන් පසුගිය මාස කිහිපය පුරාම මාතර, මීගමුව, අනුරාධපුර හා යාපනය නගරයන්…
Video Story