Top News

කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා “The One“

කොළඹ කොටුව යෝක් වීදිය, චැතැම් වීදිය හා ලෝටස් මාවත ට මැදිව ඉදිවෙමින් පවතින The One ව්‍යාපෘතියේ කටයුතු 2021 දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව එහි පාර්ශවකාර සමාගමක් වන The One Transworks (Pvt) Ltd හි ඇලෙක්ස් ලොවෙල් පවසයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. අක්කර 4.3 ක් පුරා…

(0)Comments | March 21, 2018 1:29 pm

දකුණු කොරියාව සමඟ ආයුර්වේද, අධ්‍යාපනික ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙලක්

දකුණු කොරියාවේ Daegn Haany University සහ ලක් රජය අතර ආයුර්වේද, අධ්‍යාපනික ශිෂ්‍ය හුවමාරු වැඩපිලිවෙල පිලිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. එහිදි ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙල සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කෙරුනි.

(0)Comments | March 21, 2018 1:23 pm

ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමේ සමුළුව ශ්‍රී ලංකාවේ දී

දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල රෝගීන්ගේ ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරිම සදහා වූ ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත. ඒ අනුව මාර්තු 22 දා (හෙට ) පෙරවරු 9.00 ට එම සමුලුව කොල්ලුපිටිය මූවන් පික් හෝටලයේ දී ආරම්භ වන අතර එය තෙදිනක් පුරා පැවැත්වෙයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය , භූතානය,…

(0)Comments | March 21, 2018 11:06 am

ඩයලොග් – ඇන්තනීස් එකතුවෙන් ඔරියන් නගරයට දත්ත මධ්‍යස්ථානයක්

ඩයලොග් ආසියාටා පීඑල්සී හී පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Dialog Broadband Networks (Pvt) Ltd හා St. Anthony’s Property Developers (Pvt) Ltd එක්ව කොළඹ 09, Orion City Park තාක්ෂණික උද්‍යාන පුරවරයේ දත්ත මධ්‍යස්ථානයක් (Data Centre) ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාමට සහයෝගීතා ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී. මේ සඳහා අදාළ කොටස් හිමිකාරීත්ව ගිවිසුම සඳහා පසුගිය මාර්තු 16…

(0)Comments | March 20, 2018 5:02 pm

2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීම අපේක්‍ෂාවයි

ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් වෙළෙඳාම සහ කර්මාන්තකරණය ජය ගැනීම උදෙසා අප දැනටමත් සැලසුම් කර ඇති බවත්, ඒ අනුව 2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වන බවත්,ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති…

(0)Comments | March 20, 2018 10:22 am

බදු එකතුකිරීම ක්‍රමවත් නම් මහජන සේවය මෙන්ම රටේ සංවර්ධනය නොකඩවා සිදු කළ හැකියි – මංගල

රටේ බදු ආදායම් ක්‍රමවත්ව එකතු කර කළමනාකරණය කරනවා නම් පොදු මහජනතාවට වැදගත් සේවයක් ලබාදෙන අතරේ රටේ සංවර්ධනය නොකඩවා ඉදිරියට ගෙනියාමේ හැකියාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. ඒ මහතා ප්‍රකාශ කළේ මෙම නව ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතුවල විශාල වෙනස්වීමකට ලක්විය හැකි බවයි….

(0)Comments | March 19, 2018 10:31 pm

ජිනීවා ආ සුපිරි වැඩකාරයෝ

වඩාත් මිල අධිකම මෙන්ම, ලොව ධනවතුන්ගේ ගෞරවාදරයට පත් නවීනතම මෝටර් රථ මුල්වරට එළිදකිනු ලබන The Geneva Motor Show ප්‍රදර්ශනය පසුගියදා නිමාවට පත් වූයේ නවතම මාදිලියේ මෝටර් රථ රැසක කලඑළි බැසීම සනිටුහන් කරමිනි. කෙසේවෙතත් මෙවර ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා පැමිණ ඇති නරඹන්නන් සංඛ්‍යාව 660,000 ක් ලෙසින් වාර්තා වන අතර මෙය  2017 වසරේ ප්‍රදර්ශනය සඳහා පැමිණි…

(0)Comments | March 19, 2018 5:05 pm

සංචාරක පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2018 පෙබරවාරි මාසය තුළ දී දෙලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එය 2017 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබූ එක්ලක්ෂ අනූහත්දහස් පන්සිය දාහතක සංචාකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී සියයට 19.3 ක වර්ධනයකි. මෙම වාර්තාවන්ට අනුව 2018 වසරේ පළමු මාස දෙක තුළ දී හාරලක්ෂ හැත්තෑ…

(0)Comments | March 19, 2018 2:46 pm

ඕස්ට්‍රේලියාවේ රැකියා වීසා වෙනස් වෙයි

ඕස්ට්‍රේලියාවේ සේවා යෝජකයින්ට ඉහළ නිපුණතා වලින් සපිරි විදෙස් ශ්‍රමිකයින් ඕස්ට්‍රේලියාවේ සේවයට ගෙන්වා ගැනීම සඳහා නව වීසා වැඩසටහනක් ඕස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී තිබෙන බව SBS පුවත් සේවය කියා සිටී. මෙතෙක් කලක් විදේශ ශ්‍රමිකයින් ඕස්ට්‍රේලියාවේ සේවා ආයතන සඳහා ගෙන්වා ගැනීමට සකසා තිබු 457 වීසා ක්‍රමය ඊයේ (18/03) දිනයේ සිට අවසන් වූ බැවින් මෙම නව වීසා වැඩසටහන…

(0)Comments | March 19, 2018 1:46 pm

EPF සාමාජික අංකය ලෙස ජාතික හැදුනුම්පත් අංකය එයි

සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි. මේ සඳහා සේවකයින්ගේ සහ සේව්‍යයන්ගේ විස්තර ඇතුළත් කොට දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත දැන් අලුතින් සකස් කරගෙන යන අතර නව සාමාජික අංක මේ වසරේ ජූනි මාසයේ සිට නුකුත් කිරීමට පියවර ගෙන ඇතැයි…

(0)Comments | March 19, 2018 11:29 am