Analysis

අපේ රාජ්‍ය අංශයේ වංචා දූෂණ ගැන අළුත්ම කතාව මෙන්න!

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරන ගෝලීය වංචා හා දූෂණ නිරීක්ෂණ දර්ශකයේ (CPI) මේ වසරේ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ගිය වසරට වඩා ප්‍රගතියක් පෙන්නුම් කර තිබීම කැපී පෙනේ. රටවල් 175 ක් සම්බන්ධයෙන් කර තිබෙන මෙම නිරීක්ෂණයේදී ලංකාව ලකුණු 38 ක් රැස්කර ගනිමින් මෙවර 85 වන ස්ථානයට පත්ව තිබෙන අතර ගිය වසරේදී සිටියේ ලකුණු 37…

(0)Comments | December 4, 2014 12:10 am

පනින්න පෙර සිතා බලන්න! චීන-ශ්‍රී ලංකා නිදහස් ගිවිසුමට පෙර දැනගත යුතුම කතාවක් -Video Interview

යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් ලංකාවට වැඩි වාසියක් අත්පත් කරගත හැක්කේ විද්‍යාව හා තාක්ෂණයට මුල් තැන දෙමින් නිෂ්පාදන දියුණු කර ගැනීමෙන් බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ මේ පිළිබඳව සැලකිලිමත් නොවුණහොත් මෙම වෙළඳ ගිවිසුමෙන් ලංකාවට අවාසියක් වීමේ ඉඩකඩද තිබෙන බවයි. මේ පිළිබඳව අද දෙරණ 24×7…

(0)Comments | November 22, 2014 7:13 am

ණය ගැනීම වැඩිවෙද්දී, මහ බැංකුව අළුත්ම පොලී තීරණය දැනුම් දෙයි

වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ නොවැම්බර් මාසයේදී වෙනස් නොකිරීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා පවතින ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගත්බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත නොවැම්බර් මාසයේදී සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යයි. බැංකුව පවසා…

(0)Comments | November 18, 2014 5:42 am

කොටස් පොළේ EPF ආයෝජන ගැන විගණකාධිපතිවරයාගෙන් විශේෂ හෙළිදරව්වක්

සේවක අර්ථ සාධක අරමුදල විසින් 2012 වාර්ෂික වාර්තාව එළි දක්වා තිබෙන අතර එහි අරමුදල විසින් සිදුකර තිබෙන ආයෝජන සහ එම ආයෝජන ආදායම් පිළිබඳව විගණකාධිපතිවරයා විශේෂ හෙළිදරව්වක් කර තිබේ. විගණකාධිපති එච්. ඒ. එස්. සමරවීර මහතා විසින් මෙම වාර්තාවට සපයා තිබෙන ඇමුණුමේ දැක්වෙන්නේ 2013 දෙසැම්බර් 16 වනදා වනවිට සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ සමාගම්…

(0)Comments | November 14, 2014 8:41 am

පැල්වත්ත කිරි ටොන් ගාණක් ගොඩ ගැහිලා. ආණ්ඩුවේ කඩේ රට කිරි විකුණනවා -ආරියසීල වික්‍රමනායක

පැල්වත්ත කිරි සමාගමේ, මාස්ටර් ඩයිවර්ස් සමාගමේ මෙන්ම මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග විශේෂ සාකච්ඡාවකට එක්වුණා. මේ එම සාකච්ඡාවයි.

(0)Comments | November 11, 2014 3:56 am

UDA සභාපති අනාගත සැලසුම් හෙළි කරයි – Video Interview

අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග සම්බන්ධ වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අධිකාරිය විසින් සිදුකරමින් තිබෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව නවතම හෙළිදරව්වක් කළා. ක්‍රිෂ් ව්‍යාපෘතියේ අනාගතය, කොට්ටාව අධිවේගී නගරය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය, බ්‍රවුන්ස් සමාගම විසින් පිටකොටුවේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන හෝටල් ව්‍යාපෘතිය ඇතුළු නාගරික සංවර්ධන…

(0)Comments | November 10, 2014 4:42 am

සුළු හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් වේලෙන බව හෙළිවෙයි -Video Interview

මෙරට දැවැන්ත ඉදිකිරීමේ ව්‍යාපෘති සිදුවුවත් සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කර්මාන්ත කරුවන්ට වැඩ සොයා ගැනීම ඉතාමත් අසීරුවී ඇතැයි අනාවරණය වේ. 2015 අයවැය පසුවිපරම් කතාබහ සමග එක්වී ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා මේ බව හෙළිදරව් කළේය. එම සාකච්ඡාව මෙන්න.

(0)Comments | November 8, 2014 8:26 am

ධම්මික, රොසෙල් ඕස්ට්‍රේලියාවටත් ගෙනයයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමට අනුබද්ධව ඕස්ට්‍රේලියාවේ තොග හා සිල්ලර වශයෙන් ටයිල් හා නාන කාමර කට්ටල විකිණීම සඳහා නව සමාගමක් සංස්ථාපනය කර තිබේ. මෙම සමාගම රොසෙල් ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් හඳුන්වන අතර මේ සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 61.5 ක් ආයෝජනය කර තිබේ. රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමේ…

(0)Comments | November 7, 2014 11:40 am

රජයේ නිළධාරීන්ගේ බලපත්‍ර වාහනවල මිලට මොකද වෙන්නෙ ?

2015 අයවැය මගින් වාහන ආනයනය කිරීමේදී හඳුන්වා දුන් සරල බදු ක්‍රමය නිසා මෝටර් රථ හා වෑන් රථවල මිල ගණන් අඩුවුවත් රජයේ නිළධාරීන් විසින් තීරුබදු සහන මත මිලදීගන්නා වාහනවල මිල ගණන් වෙනස් නොවන බව අනාවරණය වේ. ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “බදු අඩුවුවත් රජයේ නිළධාරීන්ට…

(0)Comments | October 30, 2014 10:56 am

ලෝක බැංකුවේ “Doing Business“ වලින් ලංකාව තවත් පහළට

ව්‍යාපාර කිරීමට සුදුසුම රටවල් වර්ගීකරණය කරන ලෝක බැංකුවේ නවතම “Doing Business“ 2015 වර්ගීකරණයේදී ශ්‍රී ලංකාව 85 වන ස්ථානයේ සිට 99 වන ස්ථානය දක්වා පසුබා තිබේ. රටවල් 189 ක් සම්බන්ධ කරගනිමින් සිදුකර තිබෙන මෙම වර්ගීකරණයේදී ලෝක බැංකුව පවසා තිබෙන්නේ වාණිජ ක්ෂේත්‍රයේ නීතිමය කටයුතු අධිකරණ මගින් විසඳා ගැනීම සඳහා ලංකාවේදී වසර 04 ක් තරම් කාලයක් ගතවන බවයි….

(0)Comments | October 29, 2014 12:22 pm