Top News

පොලී අනුපාතික වැඩි වෙන්නේ නැහැ – මහ බැංකුව අවධාරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන පුරෝකථනවලට අනුව, මෑත කාලීනව වෙළෙඳපොළ පොලී අනුලාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය, ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන්ම ජාත්‍යන්තර සංචිත මට්ටමෙහි මෑත කාලීන වෙනස්වීම්වලට අනුව තාර්කික වෙළෙඳපොළක් පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා කරන්නේ යැයි…

(0)Comments | March 6, 2018 2:21 pm

රෝහල් රෙදි පවිත්‍රතා ව්‍යාපෘතිය යෝජිත එට්කා ගිවිසුමට සම්බන්ධ නැහැ

බස්නාහිර පළාතේ රෝහල්වල ශල්‍යකර්ම සදහා සහ රෝගීන් භාවිතා කරන රෙදි නවීන තාක්ෂණය ඔස්සේ විෂබීජ විනාශ කරමින් පිරිසිදු කිරීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතිය යෝජිත එට්කා ගිවිසුමට කිසිසේත්ම අදාල නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය BOT ක්‍රමයට අයත් ව්‍යාපෘතියකි. ස්ථාපිත, ක්‍රියාකාරී හා නැවත බාරදීම යන ත්‍රිත්වයට අයත් මෙම…

(0)Comments | March 6, 2018 11:24 am

CIFL බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයි

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගමෙහි සිදුව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකරණ දුර්වලතා හේතු කොටගෙන දැඩි මූල්‍ය ගැටළුවලට පසුගිය වසර හතර පුරාම සිය තැන්පතු මුදල් නැවත ලබාගැනීමට අපොහොසත් වී ඇති අතර, විවිධ උපක්‍රම හරහා ආයතනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගත් සියලු…

(0)Comments | March 6, 2018 10:58 am

දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනපති අවධාරණය කරයි

දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලු පිළිබඳ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. දේශීය කර්මාන්තකරුවන් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. රටක නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් ගොඩනැගෙන්නේ දේශීය ව්‍යාපාර සහ දේශීය කර්මාන්ත ශක්තිමත්…

(0)Comments | March 5, 2018 8:59 pm

2017 වසරේ ධීවර කාර්මිකයින් 49,848ක් රක්ෂණය වෙයි

දියවර දිරිය සහන ණය යෝජනා ක්‍රමය මඟින් 2017 වසර තුළ ප්‍රතිලාභීන් 67 දෙනෙකු සඳහා ණය පහසුකම් ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 171.52ක් බව ධීවර අමාත්‍යාංශය 2017 වසරට නිකුත් කළ කාර්යසාධක වර්තාවේ සඳහන් වෙයි. ධීව ප්‍රජාව උදෙසා ලබාදෙන සහන ණය හා රක්ෂණය තුළින් සිය රැකියාවේ ගුණාත්මක වර්ධනයක් ඇතිකර…

(0)Comments | March 5, 2018 2:50 pm

ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් කිරීමට කැපවී සිටිනවා

ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට රජය කැපවී සිටින බව සිංගප්පූරුවේ පැවති ‘ඉන්වෙස්ටි ශ්‍රී ලංකා’ ආයෝජන සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 වන දා පෙරවරුවේ සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ පැවති මෙම සමුළුව අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ චීනයේ සිට ස්පාඤ්ඤය දක්වා වෙසෙන බිලියන 3 ක ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ…

(0)Comments | March 3, 2018 10:30 am

2017 දෙසැම්බර් අග දී කොළඹ ඉඩම් මිල 10% කින් වැඩිවෙයි

නිශ්චල දේපළ අංශයෙහි ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දර්ශක කිහිපයක් සම්පාදනය සහ විශ්ලේෂණය කරනු ලබයි. මේ අනුව 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින්, අර්ධ වාර්ෂිකව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබයි. මෙම දර්ශකය ගණනය කිරීමේ දී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5 ක් ආවරණය වන පරිදි…

(0)Comments | March 2, 2018 4:58 pm

සන්ෂයින් සමූහයේ ලාභය මාස 09 කදී 23% කින් ඉහළට

සුවසේවා,පාරිභෝගික නිෂ්පාදන සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයන්හි ශක්තිමත් කාර්යසාධනය සමගින් සන්ෂයින් සමූහය 2017/2018 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 පසුගිය වසරේ එම කාල සීමාව සමග සැසඳීමේදී පිරිවැටුම ලෙස රුපියල් බිලියන 15.6ක් වාර්තා කිරීමට සමත් වූ අතර පසුගිය වසරේ මෙම කාලසීමාව හා සසඳන කළ සන්ෂයින් සමූහයේ බදු පසු ලාභය 23‍% කින් වර්ධනය වී ඇත. සන්ෂයින් හෙල්ත්කෙයාර් සමූහයේ පිරිවැටුම සඳහා…

(0)Comments | March 2, 2018 2:57 pm

ලංකාවේ එක් අයෙකුගේ ණය රුපියල් ලක්ෂ 4 ඉක්මවයි

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම මහජන ණය කළමනාකරණ වාර්තාවට අනුව 2016 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 417,913 ක් ලෙස දක්වා ඇත. මෙම අගය 2015 වසර අවසානයේ දී සටහන් වූයේ රුපියල් 371,462 ක් වශයෙනි. 2005 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 108,908 ක් ලෙසින්…

(0)Comments | March 2, 2018 11:38 am

දේශීය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම 100 ක පුළුල් වැඩපිළිවෙළක්

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට, මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි. ජාතික ආර්ථික සභාව මඟින් ආර්ථික පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන අතර, ඒ් පිළිබඳ රාජ්‍ය බැංකු…

(0)Comments | March 2, 2018 11:00 am