ඩොලර් මිලියන 973 ක බැඳුම්කර විකුණයි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 830 ක සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් පසුගිය දා කැඳවනු ලැබීය. මෙම වෙන්දේසිය 2017 මාර්තු 08 -14 කාලය තුළ ලංසු සඳහා විවෘතව පැවති අතර වසර 1,2,3 හා 5 යන පරිණත කාල 4 කින් යුතු බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරිණි….
ශ්රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළ`ද ලාංඡුන හා ඇසුරුම් සමගින් ප‍්‍රචාරණ වැඩසටහන් මාලාවක්ද හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ලාෆ්ස් සමාගම සතු සැලසුම් වල එක් පියවරක් වශයෙන් මෙම නව හඳුන්වා දීම් සිදුකර…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 ජනවාරි මස සඳහා වූ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කොට ඇත. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකිය. තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ…
2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.0 ක අවප්‍රමාණයක් වාර්තා කළේය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ…
රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් අරවින්ද පෙරේරා පත් කරනු ලැබ ඇති බව වාර්තා වේ. රෝයල් සෙරමික් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ නිමල් පෙරේරා පසුගිය මාර්තු 07 වැනි දින අදාළ තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව පුරවනු පිණිස මෙම පත්වීම කර තිබේ. කලක් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ අරවින්ද…
උගන්ඩාවේ Kabale දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද Muvumbe කුඩා ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇති බව විදුල්ලංකා පීඑල්සී නිවේදනය කර සිටී. මෙම ජලවිදුලි ව්‍යාපෘතිය මෙගාවොට් 6.5 ක ධාරිතාවයකින් යුක්ත වේ. වාර්ෂිකව උගන්ඩාවේ ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 31.42 ක සැපයුමක් මෙමඟින් ලබා දීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටක් කියා සිටී. මෙම කුඩා ජලවිදුලි බලාගාරය…
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. 2016 වසරේ පළමු මාස 11 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 8.7 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය. එය ද්විතීයික වෙළෙඳපොළ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 10.4 ක…
2016 වසරේ මුල් මාස 11 තුළ දී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,450.7 ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් 2015 වසරේ මුල් මාස 11 තුල වාර්තා වූ ඩොලර් මිලියන 9,750.7 ක අපනයන ආදායම හා සැසඳීමේ දී මෙය සියයට 2.8 ක පහළ යාමකි. මෙම වකවානුව තුළ දී සමස්තයක් ලෙසින් ගත් කල, කාර්මික අපනයන ආදායම සියයට…
පිත්තල ආලේපිත වානේ (රන්වන් පැහැති) මිශ්‍ර ලෝයවලින් සැදුම්ලත් රුපියල සහ රුපියල් 5 කාසි, මල නොබැඳෙන වානේ (රිදී පැහැති) මිශ්‍ර ලෝහයට වෙනස් කර නව කාසි ද්විත්වයක් සංසරණයට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී සිටී. රුපියල් 5 කාසියේ දාරයේ පැවති අක්ෂර, මල නොබැඳෙන වානේවලින් සැදුම්ලත් නව කාසියෙන් ඉවත් කර ඇත. 2005…
මෑත කාලයේ දී ඉහළ ජනප්‍රියත්වයක් ලද Renault Kwid මෝටර් රථ මාදිලියේ නවතම සාමාජිකයා වන Renault Kwid Climber පසුගිය දා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. වේග 5 ක ගියර් පද්ධතියකින් සමන්විත මෙය ඉන්දියානු රුපියල් ලක්ෂ 4.30 කට මිල නියම කර ඇත. AMT ගියර් මාදිලියෙන් එන රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.60 කි. අඩු මිල, කුඩා මෝටර් රථ…
Video Story