කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් කිහිපයකගේම කටයුතු සීමා කර ඇති බව වාර්තා වේ. නියම කරන ලද ප්‍රාග්ධන ප්‍රමාණතා (Capital Adequacy) අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ තැරැව්කාර සමාගම් 3 කට කොටස් මිල දී ගැනීමේ පහසුකම් මෙහිදී අත්හිටුවා ඇති බව, අද දෙරණ කළ විමසීමක දී කොටස් වෙළෙපොළ ප්‍රකාශකයෙකු තහවුරු කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ, අදාළ අත්හිටුවීම…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රමබලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණය පවත්වනු ලබයි. මෙම සමීක්ෂණය 1990 වසරේ සිට කාර්තුමය පදනමක් යටතේ වාර්ෂිකව පවත්වාගෙන යනු ලබයි. 2016 වර්ෂයේදී පැවැත්වූයේ එම සමීක්ෂණ මාලාවේ 36 වැන්නයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවාස ඒකක 6440ක නියැදියක්…
2016 නොවැම්බර් මාසය තුළ දී ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ කාණ්ඩය යටතේ වර්ග කර ඇති පෞද්ගලික රථවාහන ආනයනය අඩුවීම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහළ ගොස් තිබේ. මෙහිදී 2016 නොවැම්බර් මාසයේ දී වාහන ආනයන වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් දරා තිබෙන මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 64 ක් වන අතර 2015 නොවැම්බර් මාසයේ දී එම අගය…
කොටස් තැරැව්කාර සමාගමක් වන නවාරා සිකියුරිටීස් (පුද්) සමාගම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පළ වී තිබෙන මාධ්‍ය වාර්තා පදනම් විරහිත බව ලංකෙම් සිලෝන් පීඑල්සී කියා සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ලංකෙම් සිලෝන් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ඩී.එල්. විතාරණ විසින් වැඩිදුරටත් කියා සිටින්නේ ලංකෙම් සිලෝන් පීඑල්සී හෝ ඊට අනුබද්ධ සමාගමක් වන කළම්බු ෆෝට්…
2015 වසරේ සිදුවූ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අද (13) දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ අද පෙරවරු 9.30 ට පමණ හිටපු අධිපතිවරයා බැඳුම්කර කොමිසම හමුවට පැමිණි බවයි….
හොරණ වැවිලි සමාගමේ නව විධායක සභාපතිවරයා වශයෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මොහාන් පණ්ඩිතගේ මහතා පත්ව තිබේ. මේ අතර සමාගෙම් නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් රොෂාන් රාජදුරෙයි මහතා පත් කර ඇත. මෙම පත්කිරීම් අද දින සිට වහාම බලපැවැත්වෙනු ඇත.
කොළඹ 02 PARKLAND පරිශ්‍රයේ හිමිකරුවා වන RIL Property Ltd සමාගම, මූලික මහජන කොටස් නිකුතුවක් කිරීමට තීරණය කර තිබේ. මෙහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 120 ක් රුපියල් 8.00 බැගින් නිකුත් කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබූ අයදුම්පත අනුමත කර ඇත. රුපියල් මිලියන 960 ක අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා සිදුකරනු ලබන…
නව ශාඛා ඇතිකිරීම, ස්වයංක‍්‍රීයකරණය සහ තාක්ෂණික නවෝත්පාදනයන් තුළින් සේවා සම්පාදනයේ සංධිස්ථාන රැසක් පසුකරයි කොමර්ෂල් බැංකුව 2016 වාර්තා කළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය පදනම් වූයේ එම වසර තුල බැංකුව විසින් සේවා සම්පාදනයේ පසුකළ කැපී පෙනෙන සංධිස්ථානයන් කීපයක් මත බව බැංකුව නිවේදනය කර තිබේ. පසුගියදා එළිදැක්වූ මූල්‍ය වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාවේ වඩාත් ලාභදායී පුද්ගලික වාණිජ බැංකුව…
2016 වර්ෂයේදී, එනම් පසුගිය වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 11ක ලාභයක් ලැබීමට සමත් වූ බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 83ක වැඩි වීමක් බවත් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. වාර්ෂික ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළ අතර අභියෝග රැසකට මුහුණ දීමෙන් පසුව මෙම ජයග්‍රහණය අත් කර ගැනීමට…
හොරණ වැවිලි සමාගම, ලංකා සෙරමික්, ලංකා වෝල්ටයිල්ස්, ස්විස්ටෙක් (සිලෝන්) හා ලංකා ටයිල්ස් යන ලැයිස්තුගත සමාගම්වල සභාපතිවරයා හා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වූ නිමල් පෙරේරා අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. එසේම වැලිබල් වන් පීඑල්සී හි තමන් දැරූ නියෝජ්‍ය සභාපතිධූරයෙන් ද නිමල් පෙරේරා ඉල්ලා අස් වී ඇත. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් එම සමාගම්වල…
Video Story