Top News

වාහන ලියාපදිංචිය 50% කින් පහළට

2016 වසරේ පළමු මාස 08 තුළ දී මෙරට ලියාපදිංචි කර තිබෙන වාහන ප්‍රමාණය 50% කින් පහළ බැස තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2016 වසරේ පළමු මාස 08 තුළ දී මෝටර් රථ 313,465 ක් ලියාපදිංචි කර තිබෙන අතර 2015 වසරේ මුල් මාස 08 තුළ වාර්තා වී තිබෙන මෙම අගය 668,907…

(0)Comments | September 15, 2016 7:08 am

බ්ලූ ඩයමන්ඩ්ස් MD ගේ තටු කැපෙයි

බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති හා සම කළමනාකාර අධ්‍යක්ෂ Xia Liqiang ගේ විධායක බලතල අත්හිටුවීමට 2016 සැප්තැම්බර් 13 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී තීරණය කර තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගමේ ලේකම්වරයා විසින් දන්වා ඇත. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් Xia Liqiang ට…

(0)Comments | September 15, 2016 5:09 am

ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (National Institute of Occupational Safety & Health -NIOSH) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය’ 2016 ඔක්තෝබර් මස 07 දින සිට 14 දින දක්වා ක්‍රියාත්මක කෙරේ. මෙවර ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතියට සමගාමීව වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හා ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත්, සේවකයින් වෙනුවෙන් සුරක්ෂිත වැඩ…

(0)Comments | September 15, 2016 4:49 am

කුරුදු පොතු ගැලවීමට නව යන්ත්‍රයක්

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මෙකාට්‍රොනික් ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිධාරිනියක වන ශෙරීන් ගිනිගේ මෙනවිය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ‘අර්ධ-ස්වයංක්‍රීය කුරුදු පොතු ගැලවීමේ යන්ත්‍රය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා වෙත හදුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.

(0)Comments | September 15, 2016 4:46 am

ඇස්බැස්ටෝස් තහනමට විරුද්ධව අධිකරණයට යන්නේ නැහැ

කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති පරිදි මෙරටට ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය සම්බන්ධයෙන් ගනු ලැබ ඇති පියවරයන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට තම සංගමය අදහස් නොකරන බව ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය වෙනුවෙන් රයිනෝ රූෆින්ග් ප්‍රඩක්ට්ස් සමාගමේ සමූහ අලෙවිකරණ කළමනාකාර ප්‍රියන්ත ජයසිංහ මහතා පැවසීය. අද (14) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ…

(0)Comments | September 14, 2016 12:12 pm

තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිලිබදව පාසල් සිසුන් දැනුවත් කිරීමක්

තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ITBPO) ආශ්‍රිතව තිබෙන වෘත්තීමය අවස්ථාවන් පිලිබදව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙම මස 26 සහ 27 යන දිනයන්හි මඩකලපුව මහජන විද්‍යාලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්‍ෂණ අංශය ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබේ. තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිලිඹදව නිපුන…

(0)Comments | September 14, 2016 11:20 am

ගුවන්ගත වෙන්නත් වැට් ගෙවන්න වෙයි

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන්තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව, එකතු කළ අගය මත බදු අයකිරීමට යටත් බව එකතු කළ අගය මත බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත තුළින් ප්‍රකාශයට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙසේය. 2016 අයවැය යෝජනා පරිදි, 2016-03-04 දින පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…

(0)Comments | September 14, 2016 10:27 am

එන්ට්‍රස්ට් හිටපු MD රිමාන්ඩ්

එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ චානුක රත්වත්තේ ඇතුළු 5 දෙනෙකු සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය අද දින නියෝග කළාය. රුපියල් බිලියන 4.2 ක රාජ්‍ය අරමුදල් අවභාවිතය මොවුන් වෙත එල්ල වී ඇති චෝදනාවයි. පසුගිය දා පැවතිමාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමක දී මහ බැංකු අධිපතිවරයා එන්ට්‍රස්ට් සමාගම සම්බන්ධයෙන් අදහස්…

(0)Comments | September 14, 2016 9:21 am

ජවසම්පන්න 718 Boxster ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන්ට ප්‍රථම වරට Porsche රථ පැදවීමේ අවස්ථාවක් උදාකර දීමට Porsche සඳහා මෙරට නියෝජිත, සීමාසහිත යූරෝකාස් (පුද්ගලික) සමාගම (Eurocars) කටයුතු කර ඇත. මේ අනුව සැප්තැම්බර් 13 වෙනිදා සිට, නවතම 718 Boxster මාදිලිය ඇතුළුව ඉහළම පෙළේ මාදිලි 9 ක විශිෂ්ටත්වය අත්විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට උදා වේ. නවතම 718 Boxster මාදිලියට අමතරව Porsche…

(0)Comments | September 14, 2016 8:26 am

බිල්පත් පොළිය ස්ථාවරයි

ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී. මෙම වෙන්දේසියේ දී රුපියල් මිලියන 13,353 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී දින 91 ක බිල්පත් සඳහා ලංසු අනුමත කිරීමක් සිදුව නොමැති අතර දින 182 හා දින 364 බිල්පත්…

(0)Comments | September 14, 2016 7:51 am