Top News

ඇපයෙන් සීමිත සමාගමක් සඳහා බොදු බල සේනා, නමක් ගනී

බොදු බල සේනා සංවිධානය 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා නමක් අනුමත කරවාගෙන ඇතැයි සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කියයි. මෙම නම “බොදු බල සේනා ජාලය“ බව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතා අප සමග වැඩිදුරටත් සඳහන් කළේය. නම අනුමත කරවා ගත් දින සිට මාස තුනක් ඇතුළත අවශ්‍ය නම්…

(0)Comments | April 29, 2014 11:15 am

මෙන්න! Fitch අපේ ණය වර්ගීකරණය සහතික කළ හැටි

පවතින ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින් ෆිච් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව BB- ලෙස සහතික කර තිබේ. කෙසේවෙතත්, ෆිච් පවසා තිබෙන්නේ අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී ලංකාවේ රාජ්‍ය ණය සහ විදේශීය ණය ඉතාමත් ඉහළ තත්ත්වයක තිබෙන බවයි. මෙම ණය වර්ගීකරණය ලබාදීම සඳහා උද්ධමනය සියයට 4.2 ක් ලෙසත්, ණය…

(0)Comments | April 28, 2014 8:37 pm

JKH සුපිරි හෝටලයේ ඉදිකිරීම් වැඩබිම කොන්ත්‍රාත්කරුවාට

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ 02, ග්ලේනි වීදියේ ඉදිකිරීමට යෝජිත සුපිරි හෝටලය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකරන ව්‍යාපෘති භූමිය කොන්ත්‍රාත්කාර සමාගම වෙත භාරදී තිබෙන බවත් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සඳහන් කර තිබේ. ව්‍යාපෘතියට අදාළව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යෘපෘති පනතට අදාළ ගැසට් නිවේදනය…

(0)Comments | April 28, 2014 6:43 am

ගුවන් යානා දෙකක් එකට හැපේ. නියමුවෙකු අතුරුදන්

ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝහි, සැන් පැබ්ලෝ බොක්ක ආසන්නයේදී ගුවන් යානා දෙකක් එකට හැපී එක් ගුවන් යානාවක් ජලාශයකට වැටුණු බවත් අනෙක් ගුවන් යානය විනාඩි 40 ක් පමණ පියාසර කර ආරක්ෂිතව ගොඩබා තිබෙන බවත් වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජලයට වැටුණු Cessna 210 වර්ගයේ කුඩා ගුවන් යානය පැදවූ ගුවන් නියමුවාගේ මෘත දේහය මේ වනවිට හෙලිකොප්ටර් හා බෝට්ටු යොදා…

(0)Comments | April 28, 2014 6:42 am

කොළඹ කොටස් වෙළඳ පොළේ ලොකු පුටුව වජිරට

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන වජිර කුලතිලක මහතා කොළඹ කොටස් වෙළඳ පොළේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු විසින් එම ධුරයේ ජුනි 05 වනදා වැඩ භාරගනී

(0)Comments | April 28, 2014 6:18 am

EPF කොටසක් විශ්‍රාම වැටුප් ක්‍රමයකට ? මහ බැංකුව නොදන්නා බව කියයි

සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ තමන්ට හිමි මුදල පුද්ගලික අංශයේ සේවකයින් විසින් ලබාගත් පසුව ඒවා ආයෝජනය කිරීමෙන් මාසිකව වැඩි පොලී අනුපාතයක් ලබාගත හැකි මූල්‍ය උපකරණ හඳුන්වාදෙන ලෙස මෙරට ක්‍රියාත්මක බැංකු හා මූල්‍යායතන වලින් ඉල්ලා සිටිබව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියයි. අප සමග අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ පොලී…

(0)Comments | April 28, 2014 5:07 am

සෙන්ටාරා පාසිකුඩා හි, පාලිත කොටස ධම්මික පෙරේරාගේ සමාගමකට ?

පාසිකුඩා හි, පිහිටා තිබෙන කාමර 126 ක සෙන්ටාරා හෝටලයේ පාලිත කොටස් ප්‍රමාණය ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් නායකත්වය දෙන සමාගමක් විසින් මිලදීගෙන තිබෙන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. ජාත්‍යන්තර කීර්තියක් උසුලන සෙන්ටාරා හෝටල් ජාලයට අයත් සෙන්ටාරා පාසිකුඩා රිසෝර්ට් ඇන්ඩ් ස්පා පිහිටා තිබෙන්නේ පාසිකුඩා බොක්ක ආසන්නයේ මුහුදු වෙරළේයි. නොගැඹුරු මෙම…

(0)Comments | April 27, 2014 4:41 pm

ටෝකියෝවල භාණ්ඩ මිල වසර 22 කට පසු ඉහළම අගයේ

වසර 22 කට පසුව වාර්තා වන ඉහළම භාණ්ඩ හා සේවා මිල මේ අප්‍රේල් මාසයේදී ටෝකියෝ නගරයෙන් වාර්තා වන බවත් අප්‍රේල් මාසයේ නගරයේ උද්ධමනය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 2.7 කින් ඉහළ ගොස් තිබෙන බවත් වාර්තා වේ. මෙම දත්ත නිකුත් කර තිබෙන්නේ ජපානය විසින් පසුගියදා විකුණුම් බද්ධ සියයට 05 ක සිට සියයට 08 ක්…

(0)Comments | April 27, 2014 8:20 am

රෝයල් සෙරමික්ස් කොටස් වලින් අර්ථ සාධක අරමුදල සතු කොටස මෙන්න

සේවක අර්ථ සාධක අරමුදල විසින් රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී සමාගමේ නිකුත් කළ කොටස් වලින් සියයට 10 ක ප්‍රමාණයක් මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ. මේ බව සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළ වෙත දැනුම් දී තිබේ. මෙරට ටයිල් වෙළඳ පොළේ ඒකාධිකාරය මේ වනවිට තිබෙන්නේ සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන රෝයල් සෙරමික්ස්…

(0)Comments | April 26, 2014 1:50 pm

පැකර්ගේ හෝටලය ගැන රවී විජේරත්න කතා කරයි

හතලිස් හත් හැවිරිදි ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් ඩග්ලස් පැකර්ගේ ඩොලර් මිලියන 350 ක දැවැන්ත ආයෝජනය මූලික කරගනිමින් කොළඹ ඉදිකිරීමට යන සුපිරි හෝටලය ප්‍රමුඛ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ මෙරට පාර්ශව කරුවා වන්නේ ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතායි. මෙම ව්‍යාපෘතියට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වීමෙන් පසුව විදේශයක සිට අප හා සම්බන්ධ වූ විජේරත්න මහතා පැවසුවේ තමා…

(0)Comments | April 26, 2014 7:57 am