කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (24) දිනයේ දී පසුගිය දින කිහිපයට සාපේක්ෂව වඩාත් සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. පසුගිය සතිය තුළ දී අඛණ්ඩව දින 5 ක් තුළ කොටස් වෙළෙඳපොළ පහළ යාම හේතුවෙන් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 සීමාවෙන් මෙපිටට පැමිණි අතර අද දිනයේ දී ඒකක 156.55 ක වර්ධනයක් වාර්තා කරමින් එය යළිත් වරක් ඒකක…
ශ්රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ ඉදිරියට පැමිණෙන යල කන්නයේ බඩඉරි`ගු මිලදී ගැනීමට රුපියල් බිලියන 2ක් වෙන් කරන බව නිවේදනය කර සිටී. ක‍්‍රිස්බ්‍රෝ හි හවුල් ව්‍යාපාරයක් වන කුරුණෑගල පිහිටි සත්ව ආහාර නිෂ්පාදන සමාගම සඳහා අවශ්‍ය බඩඉරි`ගු දිස්ත‍්‍රික්ක ගණනාවක් පුරා ව්‍යාප්තව සිටින 2000කට ආසන්න බඩඉරි`ගු…
WindForce ලිමිටඩ් විසින් අද (24) දිනයේ දී විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී ඇති බව WindForce ලිමිටඩ් වෙනුවෙන් එහි ලේඛකාධිකාරී සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙහිදී රු. 16.00 බැගින් කොටස් 202,615,341 ක් මහජනතාව වෙත ඉදිරිපත් කළ අතර රු. බිලියන 3.24 ක ප්‍රාග්ධනයක් ඒ…
නව ව්‍යවසායකයින් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ සිය ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නොමැති වීමයි. එසේම දැනටමත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින තරුණ ව්‍යවසායකයන්ට ද අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදු වේ. එම හේතුවෙන් විවිධ අවිධිමත් ක්‍රමවේද ඔස්සේ අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමට තරුණ ව්‍යවසායකයින්…
කොළඹ නේවාසික රුමේනියානු දූත මණ්ඩල ප්‍රධානී තානාපති වික්ටර් චියුජ්ඩියා මහතා, මාර්තු 19 වැනි සිකුරාදා විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. වෙළඳ, ආයෝජන, සංචාරක කටයුතු, විදේශ රැකියා සහ කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරමින්, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව පාර්ශ්වයන් විසින් සමාලෝචනය කරන ලදී. වසර හැට හතරක් පුරා දෙරට අතර…
ශ්රී ලංකාව තුළ මිරිදිය කරදඬු ඉස්සන් වගාව ඉහළ විභවයක් සහිත ව්‍යාපාරයක් වශයෙන් දියුණු කර ග්‍රාමීය ධීවර ප්‍රජාව වෙත ප්‍රතිලාභ අත්කර දිය හැකි ක්ෂේත්‍රයක් බව හඳුනාගෙන ඇත. එම ඉස්සන් පැටව් මිරිදිය ජලාශයන්ට මුදා හැරීම විද්‍යානුකූලව සිදු නොවන බැවින්, ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, යාපනය…
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ශ්‍රී ලංකා ආර් ථිකයට කාන්තා දායකත්වය යනාදී අරමුණු පෙරදැරිව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) පසුගියදා යළිත් වරක් එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය ඇගයීමකට සහ සවිබල ගැනීමකට මුල් පීරන ලදී. කොළඹ කොටස් හුවමාරුව සමස්ත කාර් යය මණ්ඩලයෙන් 43% කින් කාන්තා ශ්‍රම බලකාය සමන්විත වන අතර එය ප්‍රතිශතයක් ලෙස ආයතනයෙහි…
FoodBuzz (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙරට ක්‍රියාත්මක සිය BreadTalk අවන්හල් ජාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පසුගිය මාර්තු 16 දින නිවේදනය කර සිටියේය. FoodBuzz (පුද්) සමාගම යනු මෙරට ලැයිස්තුගත සමාගමක් වන RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමකි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්….
ඩිජිටල් තාක්ෂණයන් තුළින් අධ්‍යාපනයේ සමානාත්මතාවය ඇතිකළ හැකි බවත් ඒ සදහා අවශ්‍ය අන්තර්ජාල සබදතා ඒවායේ ධාරිතාව අධ්‍යාපන අන්තර්ගතයන් වැනි ගැටළු වර්තමානයේදී පාසල් අධ්‍යාපනයේ නව බාධක ලෙස හඳුනාගෙන ඇති අතර එය ඉතා ඉක්මනින්ම විසදන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තිරසාර ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ…
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් හා අයෝජකයින් දිරිගැන්වීමේ වැඩසටහන යටතේ අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ පැවති භූමියේ “අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය“ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් දේශීය ආයෝජකයින් 24 දෙනෙකු…
Video Story