Top News

දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන අයුරින් නිදහස් වෙළෙඳ ගිවිසුම් සකස් කළ යුතුයි – දිනුක් හෙට්ටිආරච්චි

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා කළ යුතු ප්‍රධානතම කාර්යය වන්නේ දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කිරීම් බවත්, විදෙස් රාජ්‍යයන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් කරා යාමේ දී දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන ආකාරයෙන් ඒවා සකස් කළ යුතු බවත්, තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ සභාපති දිනුක් හෙට්ටිආරච්චි මහතා පවසයි. අද දෙරණ Biz Journal සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව…

(0)Comments | July 17, 2018 1:26 pm

චීනයේ පාරිසරික නීතිරීති දැඩිවීම හේතුවෙන් ඇණවුමක් සැපයීමට ගතවන කාලය වැඩිවෙයි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 මැයි මස වාර්තා කළ 60.6ක අගයට සාපේක්ෂ ව 2018 ජුනි මාසයේ දී 57.6ක දර්ශක අගයක් දක්වා අඩු වූ අතර මෙය පසුගිය වසරවල පැවති ප්‍රවණතාවට ද අනුකූල විය. මේ සඳහා, විශේෂයෙන් ම නිෂ්පාදනයේ දක්නට ලැබූ සැළකිය යුතු පහළ යෑම හේතු වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් ආහාරපාන සහ දුම්කොළ නිෂ්පාදන…

(0)Comments | July 17, 2018 11:59 am

ප්‍රමිතියට නැති වාහන ගෙන්වුවොත් ආනයනකරුගේ වියදමින් නැවත යැවිය යුතුයි

ආසන පටි, Air Bags, ABS අනිවාර්යයි 2018 ජූලි 13 වන දින නිකුත් කරන ලද අංක 2079/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලූම මෝටර් වාහන සම්බන්ධයෙන් වායු විමෝචන ප්‍රමිතීන් හා ආරක්ෂණ මිනුම් අනිවාර්යය කර තිබේ. මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් පරිදි අදාළ ප්‍රමිතීන්වලට අනුකූල නොවන්නා වූ ආනයනික මෝටර් වාහන, ඒවායේ ආනයනකරුවන්ගේ වියදමින්…

(0)Comments | July 17, 2018 10:31 am

දිනේෂ් වීරක්කොඩි දුම්කොළ සමාගමෙන් ඉවත් වෙයි

ලංකා දුම්කොළ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් කටයුතු කළ දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරින් ඉල්ලා අස්වීම සඳහා කර තිබූ ඉල්ලීම ඊයේ (15) දින සිට බලපැවැත්වෙන බව, ලංකා දුම්කොළ සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. දිනේෂ් වීරක්කොඩි මහතා, ලංකා දුම්කොළ සමාගමේ කොටස් හිමියෙකු නොවන බව මෙහිදී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී….

(0)Comments | July 16, 2018 12:24 pm

ලංගම ආසන වෙන්කිරීම දැන් අන්තර්ජාලයෙන්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරගමන් බස් සේවා සඳහා ආසන වෙන්කිරීමේ පහසුකම අන්තර්ජාලය ඔස්සේ ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ. https://sltb.express.lk/ වෙඩ් අඩවියට අනුව කොළඹ සිට යාපනය, කතරගම, අම්පාර, බදුල්ල, අනුරාධපුරය වැනි ජනප්‍රිය ගමනාන්ත ගණනාවකටම අන්තර්ජාලය හරහා ආසන වෙන්කිරීමේ පහසුකම මේ වන විට ක්‍රියාත්මක කර ඇත.    

(0)Comments | July 16, 2018 11:54 am

පසුගිය වසරේ පෙට්‍රල් ඉල්ලුම 40% කින් වැඩිවෙලා

රටේ සමස්ත ඉන්ධන ඉල්ලුම සඳහා ආනයන මත යැපීම හේතුවෙන් වර්ෂය පුරාම ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරනු ලබයි. 2017 වර්ෂයේ දී ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,167 ක්වූ අතර එය 2017 වසරේ රටේ සමස්ත ආනයනවලින් සියයට 11.9 ක් නිරූපණය කරනු ලබයි. 2013 වසරේ සිට පහළ යමින් තිබූ ජාත්‍යන්තර තෙල් මිල…

(0)Comments | July 16, 2018 11:08 am

රාජ්‍ය බැංකු 4 ක ඒකාබද්ධ කිරීම් කඩිනම් කෙරේ

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟත්, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමගත් ඒකාබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට, 2017 රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු කාර්යසාධන වාර්තාවෙහි නිර්දේශ වශයෙන් ප්‍රකාශ වී ඇත. මේ අතර ගනුදෙනුකරුවන් අතර ඩිජිටල් බැංකුකරණය ප්‍රචලිත කිරීමට ද නිර්දේශ කර තිබේ. ලංකා බැංකුවේ, මහජන බැංකුවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණය කළඹ රාජ්‍ය ව්‍යවසායයන්…

(0)Comments | July 16, 2018 10:27 am

ලොතරැයි අලෙවිය පහළට. ජනාධිපති අරමුදලට, ඒකාබද්ධ අරමුදලට දුන් මුදලත් අඩුවෙලා

2016 වසරේ දී රුපියල් මිලියන 19,427 ක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ පිරිවැටුම 2017 වසරේ දී රුපියල් මිලියන 16,015 ක් දක්වා සියයට 18 කින් අඩු වී ඇති අතර මේ සඳහා 2017 වසරේ මුල් මාස කිහිපය තුළ ලොතරැයි අලෙවිය පහත වැටීමත්, ලොතරැයි සඳහා බද්දක් පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස ලොතරැයි පතක මිල රු. 20/- සිට රු. 30/- ක් දක්වා වැඩි…

(0)Comments | July 14, 2018 12:04 am

ශ්‍රී ලංකාවේ මීළඟ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හිඟුරක්ගොඩ දී

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම පසුගිය දා අරලියගහ මන්දිරයේදී සිදුවිය. මෙය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා සිංගප්පුරුවේ සර්බානා පුරෝගේ සමාගම එක්ව සකස් කරනු ලැබූ සැලැස්මකි. මෙම සැලැස්මට අනුව ශ්‍රී ලංකාවේ මීළග ජාත්‍යන්තර ගුවන්තොටුපළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. කටුනායක හා මත්තල හැරුණු විට මෙය ශ්‍රී ලංකාවේ…

(0)Comments | July 13, 2018 12:21 pm

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණුවට රු.බිලියන 15.5 ක ජයිකා ආධාර

ජපාන රජය සමඟ කරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 10,639 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 15,500ක) ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය විසින් එකඟතාව පළකර ඇත. මෙම ව්‍යාපෘතිය තුළින් තෘතීයික රෝහල්වල වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් බෝ…

(0)Comments | July 13, 2018 10:59 am