Analysis

යුනියන් ඇෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණය කැනේඩියානු සමාගමක් අතට

ජෝන් කීල්ස් සමූහයට අයත් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු වලින් සියයට 78 ක ප්‍රමාණයක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.5 කට ෆෙයාර් ෆැක්ස් ඒෂියා ලිමිටඩ් (Fairfax Asia Limited) සමාගමට විකුණා දැමූ බව ජෝන් කීල්ස් කියයි. මෙම ගනුදෙනුවට අදාළ ගිවිසුමට සමාගම එළඹුණේ පසුගිය ජූලි මාසයේදීයි. සමාගමේ සාමාන්‍ය රක්ෂණ කටයුතු වලින් ඉතිරි සියයට 22 ක…

(0)Comments | January 2, 2015 9:49 am

මෙහෙමයි! අපේ උද්ධමනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස්වීම මත 2014 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 2.1 ක්වී තිබේ. මෙය 2014 නොවැම්බර් මාසයේදී තිබුණේ සියයට 1.5 ක් ලෙසයි. මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය වෙනස්වීමට අනුව ගෙවුණු දෙසැම්බර් මාසයේදී උද්ධමනය සියයට 3.3…

(0)Comments | January 1, 2015 8:27 am

මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ අළුත්ම තත්ත්වය මෙන්න!

මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව, එම්.සී.එස්.එල්. ෆයිනෑන්ෂල් සර්විසස්, එම්.බී.එස්.එල් ඉතිරි කිරීමේ බැංකුව ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. නුදුරු දිනකදී මෙම ඒකාබද්ධ කිරීමෙන් පසුව මෙම ආයතනය ලියාපදිංචි වූ සමාගමක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. මේ අතර, මහ බැංකුව පවසා තිබෙන්නේ, ඩී.එෆ්.සී.සී, ජාතික සංවර්ධන බැංකුව හා…

(0)Comments | January 1, 2015 7:27 am

රුසියාවේ ආර්ථික අර්බුදයෙන් පහත රට තේ කර්මාන්තය අනතුරේ

රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහත රට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්ත කරුවන් සඳහන් කරන්නේ පහත රට තේ මිල මේ නිසා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි. පසුගිය මාස හය තුළදී පමණක් රූබලය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පමණ අවප්‍රමාණය වූ අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය…

(0)Comments | December 24, 2014 7:42 am

රජයේ යතුරු පැදි ඇනවුමෙන් බජාජ් කොටස් මිල ඉහළට

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවේ බජාජ් සමාගමෙන් “ඩිස්කවර්“ යතුරු පැදි 125,000 ක් මිලදීගැනීමට එකඟවීම හමුවේ සමාගමේ කොටස් මිල ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙය රජය විසින් බජාජ් සමාගමෙන් සිදුකර තිබෙන දෙවැනි ඇනවුම බවත් මීට පෙර “ඩිස්කවර්“ යතුරු පැදි 50,000 ක් බජාජ් සමාගමෙන් ඇනවුම් කර තිබුණු බවත් ඉන් යතුරු පැදි 48,000 ක් පමණ…

(0)Comments | December 23, 2014 5:54 am

“ලේක් ලෙෂර්“ හා “වෝටර් ෆ්‍රන්ට්“ කැසිනෝ බලපත්‍ර දෙකට ඉඩ නොදෙන බව මෛත්‍රීපාල කියයි

“ලේක් ලෙෂර්“ හා “වෝටර් ෆ්‍රන්ට්“ කැසිනෝ බලපත්‍ර දෙක අවලංගු කරන බව ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද එළි දැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එය සඳහන් වන්නේ මෙසේයි. “වෝටර් ෆ්‍රන්ට් හා ලේක් ලෙෂර් කැසිනෝ බලපත්‍ර දෙකට ඉඩ නොදෙමි.“ මේ අතර, මෙහි සඳහන් කර තිබෙන්නේ උපාය මාර්ගික පනත සම්මත වූදා සිට…

(0)Comments | December 19, 2014 9:39 am

NDB-DFCC ඒකාබද්ධ කිරීම ගැන NDB සභාපතිවරයාගේ නවතම හෙළිදරව්ව – (Video Interview)

NDB-DFCC බැංකු දෙක ඒකාබද්ධ කරමින් පිහිටුවීමට නියමිත නව බැංකුවට අළුත් නමක් දැමීමට සූදානම් බවත් මේ වනවිට මෙම ඒකාබද්ධ කිරීමේ කටයුතු සාර්ථකව ඉදිරියට සිදුකරමින් තිබෙන බවත් NDB සභාපති, සුනිල් විජේසිංහ මහතා අප සමග පැවසීය. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් NDB සභාපති සුනිල් විජේසිංහ මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍. මෙහිදී, ඔහු කරුණු රැසක්…

(0)Comments | December 16, 2014 10:20 am

දහසක් බලාපොරොත්තු මැද මහ බැංකුව අළුත්ම පොලී තීරණය දැනුම් දෙයි

වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ දෙසැම්බර් මාසයේදී වෙනස් නොකිරීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා පවතින ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගත්බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත දෙසැම්බර් මාසයේදී සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යයි. බැංකුව පවසා…

(0)Comments | December 12, 2014 5:58 am

ඛනිජ තෙල් මිල වාර්තාගත ලෙස තව තවත් පහළට

ලෝක වෙළඳ පොළට සැපයෙන ඛනිජ තෙල් අතිරික්තය ඉහළ යාම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල අවුරුදු පහකට පසුව වාර්තා වන අඩුම මිල දක්වා පහළ බැස තිබේ. ලබන වසරේදී ලෝක ඛනිජ තෙල් අවශ්‍යතාවය පහළ බසිනු ඇතැයි ඔපෙක් සංවිධානය විසින් පුරෝකතනය කර තිබීමද ඛනිජ තෙල් මිල ගණන් වාර්තාගත ලෙස පහළ යාමට හේතුවක්ව තිබෙන අතර ඇමරිකාව විසින්…

(0)Comments | December 11, 2014 6:36 am

යුරෝපය පැනවූ මාළු තහංචියෙන් අපි වලේ වැටෙයිද? -Video Interview

මෙරට මත්ස්‍ය අපනයන වලින් සියයට 50 ක් පමණ මිලදී ගන්නා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට තහනමක් පසුගිය කාලයේදී පැනවීය. මෙම තහනම ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ 2015 ජනවාරි 15 වනදා සිට වුවත් එය වලක්වා ගැනීමට ලංකාවට තවමත් අවස්ථාව තිබේ. කෙසේවෙතත්, ඒ වෙනුවෙන් පියවර කිහිපයක් ලංකාව විසින් ගත යුතුව ඇත. ලංකාව මෙම…

(0)Comments | December 10, 2014 9:29 am