2015 අයවැය යෝජනා වලින් මෝටර් රථ හා වෑන් රථවල මිල අඩුවන නිසා පැරණි බදු ක්‍රමයට මෙරටට ගෙන්වූ වාහන වලට රජයෙන් සහනයක් ලබාගැනීමේ සාකච්ඡා වාහන ආනයන සමාගම් ආරම්භ කර තිබෙන බවත් මේ නිසා තවමත් මෙරට වාහන අලෙවි කරන සමාගම් මෝටර් රථවල හා වෑන් රථවල මිල ගණන් අඩුකර නොමැති බවත් අනාවරණය වේ. අද උදෑසන විටත් මෝටර් රථ…
ශ්‍රී ලංකාවේ මේ වනවිට ණය පොලී අනුපාත තිබෙන්නේ වාර්තාගත පහළම තත්ත්වයේ වුවද ණයපත් (Credit cards) වලට සමහර බැංකු විසින් තවමත් දැවැන්ත පොලී අනුපාත අසාධාරණ අයුරින් අයකරන බව නොරහසකි. අප කළ සමීක්ෂණයෙන් අනාවරණය වූයේ සමහර බැංකු විසින් තවමත් ණයපත් සඳහා සියයට 24 ක් තරම් ඉහළ පොලී අනුපාත ගනුදෙනු කරුවන්ගෙන් අයකරමින් සිටින බවයි. ණයපත් පොලී අනුපාත තවදුරටත්…
මෙරට පොලී අනුපාත ඉතිහාසයේ පහළම අගයක් දක්වා මේ වනවිට අඩුවී තිබේ. මේ අනුව, නිවාස ණය පොලී අනුපාතය සියයට 10.5 ක් දක්වා සමහර බැංකු විසින් අඩුකර ඇත. සමස්තයක් ලෙස ගත්විට මේ වනවිට නිවාස ණය පොලී අනුපාතය තිබෙන්නේ සියයට 12 ක මට්ටමේයි. මීට වසර ගණනාවකට පෙර සියයට 18 ක් වැනි ඉහළ පොලී අනුපාතයකට පාවෙන පොලී පදනම යටතේ…
බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත (Policy Interest Rates) මේ ඔක්තෝම්බර් මාසයේදීත් වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කර තිබේ. මහ බැංකුව පවසා තිබෙන්නේ මෙරට උද්ධමනය අඛණ්ඩවම පහළ මට්ටමක තිබෙන බවත් ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩුවීම නිසා දේශීය වෙළඳ පොළේද ඛනිජ තෙල් මිල…
මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් පී.එල්.සී. සමාගමේ ප්‍රධානතම කොටස්කරුවා වන මැලේසියානු සමාගමට අයත් සියළුම කොටස් සොෆ්ට්ලොජික් සමූහයට රුපියල් බිලියන 2.8 කට ආසන්න මිලකට අලෙවි කිරීමට තීන්දු කර තිබේ. මැලේසියානු කොටස් වෙළඳ පොළට මේ බව දැනුම් දෙමින් මේ වනවිට ඔඩෙල්හි සියයට 47.46 ක බහුතර කොටස් ප්‍රමාණය හිමි Parkson Retail Asia Ltd සමාගම අනාවරණය කර…
ලබන 24 වනදාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන 2015 අයවැය මැතිවරණය ඉලක්ක කරගත් සහන මාලාවකින් පිරී පවතිනු ඇතැයි වාර්තා පළවුවත් ඒ ආකාරයේ අයවැයක් ඉදිරිපත් නොකරන බවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහතික වෙයි. කොළඹ කොටස් වෙළඳ පොළ සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව අද කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ…
ලෝකයේ දැවැන්තම ආර්ථිකය ලෙසින් මෙතෙක් කලක් වැජඹුණු ඇමරිකාව වසර 142 කට පසුව පරාජය කරමින් ලොව අංක එකේ ආර්ථිකය බවට ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරන චීනය පත්ව තිබේ. මේ බව අනාවරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ 1872 දී ඇමරිකාව විසින් බ්‍රිතාන්‍යය ආර්ථිකය පරාජයට පත්කරමින් ලෝකයේ ප්‍රබලම ආර්ථිකය ඇති රට බවට පත්වූ බවයි. මූල්‍ය අරමුදල…
පෑන් ඒෂියා බැංකුව විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට සූදානම් වන අතර මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ. මෙහිදී, පළමු අදියරේ ණයකර මිලියන 20 සඳහා අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මේ අනුව, මෙම…
සෞදි ආරාබිය විසින් අලෙවි කරන ඛනිජ තෙල්වල මිල අඩුකිරීම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල්වල මිල වසර දෙකකට පසුව වාර්තාවන අඩුම අගය දක්වා පහළ බැස තිබෙන බව වාර්තා වේ. සෞදි ආරබිය විසින් මෙම මිල අඩුකිරීම කර තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ඉල්ලුමට සාපේක්ෂව ඉහළ ඛනිජ තෙල් සැපයුමක් ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් කරන තිබෙන පුරෝකතනය හේතුවෙනුයි….
රුපියල් මිලියන 200 කට Mercantile Produce Brokers Ltd (MPB) නැමති තේ තැරැව්කාර සමාගමේ පාලනය නතුකර ගත් පෑන් ඒෂියා බැංකුවේ සභාපති මෙන්ම රෝයල් සෙරමික් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා වන ප්‍රකට ආයෝජක නිමල් පෙරේරා මහතා පවසන්නේ හේලීස් සමාගමට අයත් තලවකැලේ සහ කැළණිවැලි සමාගම් මෙන්ම හොරණ ප්ලාන්ටේෂන් සමාගම විසින් නිපදවන තේ මෙම තැරැව්කාර සමාගම හරහා අලෙවි කිරීමට තීරණය කර…
Video Story