Features

ඉන්දීය ක්‍රිකට් උමතුව ඇවිස්සීමට සිනමාකරුවෙකු සැරසෙයි

ඉන්දියානුවන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ 1983 වසරේදී කපිල් දේව්ගේ නායකත්වයෙනි. ලෝඩ්ස් පිටියේ පැවති එම ජයග්‍රාහී තරගය අදටත් ඉන්දියානුවන්ගේ සිත්තුළ අමරණීය මතක සටහන් තබන්නට සමත්ව තිබේ. වාර්තා වන්නේ මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දීය සිනමාකරු සන්ජේ පූරන් සිං සැරසෙන බවයි. මෙම සිනමා පටය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා තිබෙන්නේ ක්‍රිකට් ආගමක්  මෙන්…

(0)Comments | June 26, 2014 4:28 am

අපේ ලොතරැයි වෙළඳ පොළේ විප්ලවයක්. ළඟදීම SMS හා Web ලොතරැයි

Exclusive- ජාතික ලොතරැයි මණ්ඩලය කෙටි පණිවුඩ හා වෙබ් ලොතරැයි වෙළඳ පොළට නිකුත් කරමින් ජංගම දුරකතන හා අන්තර් ජාල ලොතරැයි වෙළඳ පොළට මේ වසර අවසන් වීමට පෙර පිවිසීමට සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති, චමින්ද අතුළුවගේ මහතා පැවසුවේ මෙම ලොතරැයි ලංකාවට හඳුන්වාදීමට අදාළ යෝජනාව මේ වනවිට මුදල් අමාත්‍යංශයට යොමුකර තිබෙන…

(0)Comments | June 25, 2014 6:29 am

ඔබේ ගමන් බලපත්‍රය නැති වුණාද ? මෙන්න විසඳුම

සොරකම් කර තිබෙන හෝ නැතිවී තිබෙන විදෙස් ගමන් බලපත්‍ර පිළිබඳව කටයුතු කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙන අතර එවැනි ගමන් බලපත්‍ර පිළිබඳව එම ඒකකයට දැනුම් දෙන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ. මේ අනුව, විදේශ ගමන් බලපත්‍රය නැතිවූ විට හෝ සොරකම් කළ විට පොලීසියට පැමිණිලි කරන ලෙසත් එම පැමිණිල්ලේ පිටපත සමග ආගමන…

(0)Comments | June 19, 2014 11:14 am

සැම්සුන්ග් ගැලැක්සි S5 පැටියා උපදී. ලෝකයම අවධානයෙන්

සැම්සුන්ග් ගැලැක්සි S5 ස්මාර්ට් ජංගම දුරකතනය කුඩා ප්‍රමාණයේ දුරකතනයක් ලෙසින්ද එළි දැක්වීමට සැම්සුන්ග් සූදානම් වන බවත් එහි මිල සාමාන්‍ය S5 දුරකතනයේ මිලට වඩා අඩුවනු ඇති බවත් වාර්තා වේ. මෙම ස්මාර්ට් ජංගම දුරකතනය Samsung Galaxy S5 Mini යනුවෙන් නම්කර තිබෙන අතර S4 ස්මාර්ට් ජංගම දුරකතනයේ කුඩා ප්‍රමාණයේ දුරකතනය සැම්සුන්ග් සමාගම විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී ඩොලර්…

(0)Comments | June 17, 2014 6:34 am

සූරියවැව IT Park ව්‍යාපෘතියේ ටෙන්ඩරය ළඟදීම දේශීය සමාගමකට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) විසින් සිදුකරන පළමු තොරතුරු තාක්ෂණ උද්‍යාන ව්‍යාපෘතිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය ආසන්නයේ අක්කර 13 ක පමණ භූමියක ලබන මාසයේදී පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එහි ප්‍රධානී, අනූෂ පැල්පිට මහතා අප සමග පැවසීය. විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට මහතා කියා සිටියේ මෙම තොරතුරු තාක්ෂණික උද්‍යානය, තොරතුරු තාක්ෂණ…

(0)Comments | June 16, 2014 8:53 am

මුත්‍රා කරන ලෙනින් ලෝකයම කළඹයි -Photos

පෝලන්ත නගරයක් වන Nowa Huta නගරයේ තිබූ විප්ලවීය නායක ව්ලැඩිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව තරුණ විරෝධතා හමුවේ 1989 වසරේ ඉවත් කිරීමෙන් පසුව එම නගරයේ ස්ථාපිත කර තිබෙන ඔහුගේ නව ප්‍රතිමාව පිළිබඳව මුළු ලෝකයේම අවධානය එල්ලවී තිබේ. කොළ පැහැයෙන් යුතු මෙම ප්‍රතිමාවෙන් දැක්වෙන්නේ ව්ලැඩිමීර් ලෙනින් මුත්‍රා කරමින් සිටින ආකාරය යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම ප්‍රතිමාව නම්කර…

(0)Comments | June 13, 2014 4:48 am

අමුතු මිනිහෙක්. අසාමාන්‍ය නිවසක්- Photos

අමුතු අසාමාන්‍ය මිනිස්සු ගැන අපට නිතර අසන්නට ලැබේ. සමහරු කන්ටේනර් පෙට්ටි වලින් නිවාස සකස් කරගනී. මෙවැනි අසාමාන්‍ය ඉංජිනේරුවෙකු පිළිබඳව ඇමරිකාවෙන් තොරතුරු වාර්තා වේ. බෘස් කැම්බල් නැමති ඔහු සිය නිවාසය බවට පත්කරගෙන තිබෙන්නේ පරණ Boeing 727 ගුවන් යානයකි. මේ සඳහා ඔහු ඇමරිකානු ඩොලර් 220,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 ක පමණ මුදලක් වැයකර…

(0)Comments | June 11, 2014 5:06 am

සියැට් වෙතින් රේඩියල් ටයර් නිපදවීමේ දැවැන්ත කම්හලක්

මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මගී මෝටර් රථ සහ SUV වාහන සඳහා අවශ්‍ය රේඩියල් ටයර් නිපදවීමේ ඉහළ තාක්ෂණයෙන් යුතු ටයර් නිෂ්පාදනාගාරයක් අද විවෘත කළේය. 2009 වසරේ සිට සියැට් කැළණි ඒකාබද්ධ ව්‍යාපාරය විසින් සිය කර්මාන්තශාලා සංකීර්ණයේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමටත් මෙම රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමේ නව නිෂ්පාදනාගාරය ගොඩනැගීම සඳහාත් රුපියල් බිලියන…

(0)Comments | June 10, 2014 10:55 am

ඩුබායි Gold Souk පන්නයේ නවීන ස්වර්ණාභරණ වෙළඳපොළක් ළඟදීම පිටකොටුවට

පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළ තිබූ ස්ථානයේ ඩුබායි Gold Souk වෙළඳ පොළ පන්නයේ ස්වර්ණාභරණ වෙළඳ සැල් සඳහාම ගොඩනැගූ වෙළඳ පොළ ජූලි මාසයේදී විවෘත කිරීමට සූදානම් බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම වෙළඳ පොළේ ස්වර්ණාභරණ අලෙවිසැල් 83 ක් පිහිටුවීම සඳහා ඉඩ පහසුකම් තිබෙන බවයි….

(0)Comments | June 9, 2014 6:33 am

ෂොයිබ් අක්තාර් අවුරුදු 17 ක ව්‍යාපාරික දියණියක සමග කරකාරෙට

ලෝකයේ භයානකම පන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන 39 හැවිරිදි පාකිස්තානයේ ෂොයිබ් අක්තාර් ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන රූබබ් නැමති 17 හැවිරිදි සුරූපිණිය සමග විවාහ වීමට යනබව වාර්තා වේ. මේ මාසයේදී පැවැත්වීමට නියමිත මෙම විවාහ උත්සවය පිළිබඳ ලෝකයාගේ අවධානය යොමුවී තිබෙන අතර රූබබ්ගේ පියා පාකිස්තානයේ හරිපූර්හි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන මුෂ්ටාක් ඛාන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

(0)Comments | June 8, 2014 8:35 am