Features

කොට්ටාව නව අධිවේගී නගරය ඉදිවන්නේ කවදාද ? මෙන්න උත්තරේ

කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ අක්කර 25 ක භූමියක නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීන පහසුකම් වලින් සමන්විත නගරයක් ගොඩනැගීමට සූදානම් වන්නේ යැයි අප දිගින් දිගටම අනාවරණය කළ අතර එම නගරය ඉදිකිරීම ආරම්භ කිරීමේ දින වකවානු පිළිබඳව දැන් හෙළිවේ. මේ අනුව, මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය අප සමග අදහස් දැක්වූයේ මෙසේයි….

(0)Comments | April 1, 2014 6:45 am

ලංකාවට Paypal හඳුන්වාදෙන කාලය ගැන මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්

ඇමරිකාව පදනම් කරගත් පේපෑල් සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ මෙරට පාර්ශවකාර බැංකුව වීමට දේශීය බැංකුවක් අරඹා තිබෙන සාකච්ඡා ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් මේ වසර අවසාන වීමට පෙර එම සේවාව ලංකාවට හඳුන්වාදිය හැකියැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා…

(0)Comments | March 29, 2014 11:05 am

අධිවේගී මාර්ග වලට සමගාමී K3 නගර සැලසුම මෙන්න

මෙරට අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ වන ලෙස සිදුකරන “කේ ත්‍රී“ (K3) නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අළුතින්ම නගරයක් ඉදිකරන්නේ කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ පමණක් බව අනාවරණය වේ. මෙම ව්‍යාපෘතියට ඉංග්‍රීසි “කේ“ අකුරින් පටන් ගන්නා නගර තුනක් වන කොට්ටාව, කඩුවෙල සහ කඩවත අයත් වන නිසා එය “කේ ත්‍රී“ (K3) නගර සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් නම්කර තිබේ. මේ පිළිබඳව…

(0)Comments | March 28, 2014 9:29 am

කොට්ටාවට විදුලි ගුවන් පාලම් එන්නෙ මෙහෙමයි

පදිකයින්ට පාර මාරු වීමට ලංකාවේ පළමු විදුලි ගුවන් පාලම පානදුර නගරයේ ඉදිකරන බව අප ඊයේ උදෑසන වාර්තා කළ අතර අප වෙත අනාවරණය වන්නේ මෙවැනි ගුවන් පාලම් තුනක් කොට්ටාව නගරයේ ඉදිකිරීමට රජය සූදානම් වන බවයි. මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “කොට්ටාව නගරයේ මාර්ගය හරහා දිනකට මගීන් 3000…

(0)Comments | March 22, 2014 7:00 am

ලංකාවේ පළමු වරට විදුලි ගුවන් පාලම් ඉදිකිරීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පළමු වතාවට පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා විදුලි ගුවන් පාලම් ඉදිකිරීමට සූදානම් වේ. මේ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පළමු විදුලි ගුවන් පාලම ඉදිකරන්නේ පානදුර බස්නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය හරහායි. මෙහි කොන්ත්‍රාත්තුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දේශීය සමාගමට ලබාදී තිබෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 200 කට ආසන්න වේ.

(0)Comments | March 21, 2014 11:44 am

මත්තලට අබුඩාබි “රොටානා ජෙට්“ බැල්ම

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අබුඩාබියේ “රොටානා ජෙට්“ ගුවන් සේවය පියාසර කිරීමට සූදානම් වනබව අනාවරණය වේ. මෙම ගුවන් සේවය මත්තලට පියාසර කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා අප සමග පැවසීය. මීට අමතරව, යළිත් වරක් “එයාර් ඇරබියා“ ගුවන් සේවයද මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැරසෙන…

(0)Comments | March 19, 2014 8:35 am

මත්තල උඩින් යන ලෝකයේ විශාලතම ගුවන් යානා ගණන ඉහළට

ලෝකයේ විශාලතම ගුවන් යානය වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවී තිබෙන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව උපයන ආදායමද ඉහළ ගොස් තිබෙන බවත් සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කියයි. සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය අප සමග පැවසුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ A380 ගුවන් පථයක් තිබෙන නිසා A380…

(0)Comments | March 18, 2014 11:42 am

ලෝකයේ දත්ත මිල අඩුම රට ලංකාවයි- අනූෂ පැල්පිට

සාමාන්‍ය ජනතාව ADSL සහ Wi-Fi ලෙස භාවිතා කරන අන්තර්ජාල දත්තවල මිල ගණන් අඩුම රට ශ්‍රී ලංකාව බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට කියයි. ඔහු අප සමග පැවසුවේ මේ වනවිට මෙරට අන්තර් ජාල දත්ත සම්බන්ධතා මිලියන 02 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් එය 2016 අවසාන වනවිට මිලියන 04 ක් දක්වා වර්ධනය කිරීමට ඉලක්ක කර…

(0)Comments | March 17, 2014 9:34 pm

Gallardo LP 550 සුපිරි ලැම්බෝගිනි රථයක් මුල් වරට ලංකාවට

ශ්‍රී ලංකාවේ මුල් වරට Gallardo LP 550  වර්ගයේ ලැම්බෝගිනි සුපිරි මෝටර් රථයක් පසුගිය පෙබරවාරි මාසයේදී ලියාපදිංචි කර තිබෙන බව අනාවරණය වේ. JB Stockbrokers කොටස් තැරැව්කාර සමාගම විසින් මෙරට වාහන ලියාපදිංචිය පිළිබඳව එළි දක්වා තිබෙන නවතම වාර්තාවෙන් මේ බව හෙළිවන අතර ලැම්බෝගිනි මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේදී අයකරන බදු පසුගිය කාලයේදී අඩු කරන ලදී. මේ අතර,…

(0)Comments | March 17, 2014 11:01 am

කොට්ටාවේ අති නවීන නගරයක් තැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසෙයි

දකුණු අධිවේගී මාර්ගයේ ප්‍රමුඛතම පිවිසුම පිහිටා තිබෙන කොට්ටාව මාකුඹුර කේන්ද්‍ර කර ගනිමින් අක්කර විසිපහක භූමියක අති නවීන නගරයක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරෙසයි. අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මේ වනවිට මෙම නව නගර සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු අවසන් කරමින් සිටින බවයි. “අති නවීන පහසුකම් වලින්…

(0)Comments | March 14, 2014 9:00 am