Top News

රුපියල් මිලියන 1,596.4ක ආරක්ෂක අංශ නිල ඇඳුම් කොන්ත්‍රාත්තුව දේශීය නිෂ්පාදකයින්ට

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග දේශීය රෙදිපිළි නිෂ්පාදනයන් වෙතින් රුපියල් මිලියන 1,596.4ක මුදලකට ප්‍රසම්පාදනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | January 18, 2019 10:47 am

දකුණු පැසිෆික් කොටස් හුවමාරුව සහ කොළඹ කොටස් හුවමාරුව අතර අවබෝධතා ගිවිසුමක්

ෆිජිහි පිහිටි දකුණු පැසිෆික් කොටස් හුවමාරුව (SPSE) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර සහයෝගීතාවය නංවාලීම තුලින් ෆිජියන් සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළෙහි සංවර්ධන අවස්ථා වර්ධනය කිරිමේ අපේක්ෂාවෙන් මෙම හුවමාරු දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹිම පසුගියදා සිදු විය. බොහෝ කොටස් හුවමාරු එම රටවල්වලට ආවේණික හැකියාවන් සතුව පැවැතීම නිසා සහයෝගීතා සහ තොරතුරු හා දැනුම් සම්භාරය හුවමාරු තුලින්…

(0)Comments | January 17, 2019 3:56 pm

රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් කර නැහැ – මුදල් අමාත්‍යාංශය කියයි

2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ  කාබන් බද්ද, 2019 ජනවාරි මස සිට සියළුම වාහන සඳහා ක්‍රියාත්මක වන අතර රජයේ  සියළු වාහන ද මෙම බද්දට යටත් වේ. මෙම බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන පමණි. රජය සතු වාහන මෙම කාබන් බද්දෙන් නිදහස් කර ඇතැයි යනුවෙන් ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව…

(0)Comments | January 17, 2019 3:21 pm

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවා ඔන්ලයින් වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කෙරෙන  බලපත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචි කිරීම  ඇතුළු සේවාවන් කිහිපයක්  අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට පහසුකම් සැළසේ . මේ අනුව ෆාමසි ලියාපදිංචි කිරීම, ඖෂධ/වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන අපනයනකරුවන් ලියාපදිංචිය,පෞද්ගලික වශයෙන් ගෙන්වන ඖෂධ සදහා අනුමැතිය ලබාදීම, අන්තරායකාරී ඖෂධ පාලනය යන සේවාවන් මෙසේ අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනිමට හැකිවේ . www.enmra.nmra.gov.lk…

(0)Comments | January 17, 2019 1:56 pm

උතුරේ සංවර්ධනයට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 54.45ක්

උතුරු පළාතේ සෞඛ්‍ය පහසුකම් හා සේවා වැඩිදියුණු කිරීම යටතේ කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල්වල සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 54.45ක් වන අතර එම ආයෝජනයෙන් 75%ක් අපනයන ණය නියෝජිත ආයතනයක ආවරණය සහිත ණය පහසුකමක් ලබා දීමට නෙදර්ලන්තයේ ING Bank N.V….

(0)Comments | January 17, 2019 1:12 pm

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ නිෂ්පාදිත ඛණිජ වැලි විකුණන්න සමාගම් 3කට පවරයි

රජයට අයත් ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ නිෂ්පාදිත ඛනිජ වැලි විකිණීම සඳහා වන ටෙන්ඩර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටුවේ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි, Non -Magnetic Heavy Mineral Concentrate මෙට්‍රික් ටොන් 40,000 මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 283.91ක් බැගින් සහ Low-Grade Zircon Crude මෙට්‍රික් ටොන් 13,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 25.11…

(0)Comments | January 17, 2019 1:05 pm

බත්තරමුල්ල මංසන්ධියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

බත්තරමුල්ලේ ඉදි කිරීමට යෝජිත බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයට ඒකාබද්ධ වන පරිදි කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 415ක ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම්/එස්. එසර් ප්‍රොජෙක්ට්ස් ලිමිටඩ් වෙත බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය…

(0)Comments | January 17, 2019 12:51 pm

ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා මහ බැංකුව රු. බිලියන 90 ක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී

2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට කටයුතු කරන ලදී. ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් කර ඇති…

(0)Comments | January 17, 2019 10:26 am

ශ්‍රීලංකන් ගුවන් සමාගම, IATA හි ගුවන් යානා මෙහෙයුම් කළමනාකරණය සහ පාලන පද්ධති සඳහා ගෝලීය මිණුම් සලකුණක් වන IOSA ලියාපදිංචිය අලුත් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) තවත් වසර දෙකක් එනම් 2020 දෙසැම්බර් මස 4 වෙනිදා තෙක් ලියාපදිංචිය අලුත් කර ඇත. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නිරුපද්‍රතා විගණනය (IOSA) යනු ගුවන් සේවාවක මෙහෙයුම් කළමනාකාරිත්වය සහ පාලන පද්ධති ඇගයීමට නිර්මාණය කරන ලද ජාත්‍යන්තරව පිළිගත් ඇගයුම් පද්ධතියකි….

(0)Comments | January 17, 2019 10:00 am

2018 තුන්වන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic…

(0)Comments | January 17, 2019 9:57 am