Top News

2018 දෙසැම්බර් මාසයේ උද්ධමනය 0.4% ක් දක්වා පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ සියයට 1.0 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 0.4 දක්වා පහළ ගියේය. 2018 දෙසැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු පහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය…

(0)Comments | January 22, 2019 10:21 am

මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි

බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් අද (21)  දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ලොව මූර්ත පොළී අනුපාතිකය වැඩිම රටවල් අතර මුල් තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ප්‍රකාශ කරයි. මෙහිදී 6.2% ක් ලෙසින් ශ්‍රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය සටහන්ව ඇති අතර පිළිවෙලින් ඊජිප්තුව (4.8%), පකිස්තානය (4.3%), ඉන්දියාව (4.3%) හා තුර්කිය (3.7%) සෙසු ස්ථාන 4…

(0)Comments | January 21, 2019 5:40 pm

නැව් 3 කින් 7,000 ක් කොළඹට ඇවිත්

පසුගිය 2018 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාව වෙත සංචාරක පැමිණීම් වර්ධනය මේ වන තෙක් ඉලක්කම් දෙකකින් වාර්තා වීමත් සමග ඔක්තෝබර් මස සිදු වූ ක්ෂණික අවපාතයකින් පසු ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙහිදී පවතින සංචාරක ප‍්‍රවාහයට එක් වෙමින් ආසන්න වශයෙන් 7,000ක ඒකාබද්ධ මගී සංචිතයක් සමග අති සුඛෝපබෝගී මගී නෞකා…

(0)Comments | January 21, 2019 1:38 pm

ඉතිහාසයේ මුල්වරට සංචාරක ඉපයීම් රු. බිලියන 700 ඉක්මවයි

එක්සත් ජනපද ඩොලර් මිලියන 4,328.1 ක ආදායමක් මෙරටට පැමිණි සංචාරකයින් හරහා ඉපයීමට හැකිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. 2018 වසර තුළ 2,333,796 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2017 වසරට වඩා 10.3% ක වර්ධනයකි. මේ හරහා උපයා ඇති ආදායම ඩොලර් මිලියන 4,328.1 ලෙසින් සටහන් වන අතර…

(0)Comments | January 21, 2019 11:54 am

ස්වීඩන කොන්සල් තනතුර ඔටාරාට. ඩයන්ට ජෝර්ජියාව

විදේශ කටයුතු භාර ඇමතිතුමන් විසින් 2018 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි ගුවාතමාලා, ස්වීඩන, භූතාන හා ජෝර්ජියා රාජ්‍යයන් වෙනුවෙන් නිර්වේතනික කොන්සල්වරුන් පත් කර තිබේ. අදාළ රාජ්‍යයන් සහ පත්කරන ලද කොන්සල්වරුන් පහත පරිදි වේ. ගුවාතමාලාව – අරූන් හයිඩ්‍රාමණි ස්වීඩනය – ඔටාරා ගුණවර්ධන භූතානය – අබ්බාස් යූසුෆ්අලි ජෝර්ජියාව – ඩයන් ගෝමස් මෙහිදී අරූන් හයිඩ්‍රාමණි සහ අබ්බාස් යූස්ෆ්අලි…

(0)Comments | January 21, 2019 11:12 am

EPF නමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ හුවමාරු කරන උත්සාහයක් ගැන මහ බැංකුව අනතුරු අඟවයි

“Notice from Central Bank of Sri Lanka EPF“ යන මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නමින් ව්‍යාජ  ලෙස පෙනී සිටිමින් ප්‍රධාන වශයෙන්  ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ඉලක්ක කරමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එවන්…

(0)Comments | January 18, 2019 9:07 pm

ජනපති සමඟ ගිය නියෝජිත පිරිස ගැන හර්ෂ ප්‍රශ්න කරයි

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් රජයේ නියෝජිත කණ්ඩායමක් ලෙසින් ජනාධිපතිවරයා සමඟ විදෙස් සංචාරයක නිරත වන්නේ කෙසේදැයි, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටී. සිය ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව විමසා ඇත.   How can President @MaithripalaS take a bunch of opposition MPs as his ‘government delegation’?…

(0)Comments | January 18, 2019 3:17 pm

බදු හැරවුමෙන් කුඩා තේවතු ශුද්ධ ලාභ ලබයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන TEA SMALLHOLDER FACTORIES PLC, 2018 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රුපියල් මිලියන 13.71 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2017 දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේ දී 47% ක වර්ධනයක් ලෙසින් සටහන් වේ. කෙසේ වෙතත් මෙම ශුද්ධ ලාභය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රුපියල් මිලියන 8.96 ක…

(0)Comments | January 18, 2019 1:14 pm

නිෂ්පාදන ක්‍රියාකාරකම් වර්ධනය මන්දගාමී වෙයි

නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ රැකියා නියුක්තියේ සහ නිෂ්පාදනයේ දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. රැකියා නියුක්තියේ සැලකිය යුතු අඩු වීමට උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ ඇති වූ අඩු වීම…

(0)Comments | January 18, 2019 11:05 am

යාපනයේ මහජන උද්‍යාන 10 ක සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙයි

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පන්නෙයි නාගරික වෙළඳපොළ, කලපුව ඉදිරිපිට උද්‍යානය, සංගිලියන් උද්‍යානය, ඔඩ්ඩුමඩම් කලපුව අසල උද්‍යානය, කොටුව ආශ්‍රිත උද්‍යානය යන නාගරික උද්‍යාන සහ රසාවින්තෝට්ටම් චතුරශ්‍රය, රසල් චතුරශ්‍රය, පාසයියූර් කුඩා උද්‍යාන, කුරුනගර් බීච් රෝඩ් චතුරශ්‍රය යනාදී උද්‍යාන සංවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව එහි සුදුසු නාගරික සංවර්ධන මැදිහත්වීම් සඳහා සංකල්පමය සහ විස්තරාත්මක…

(0)Comments | January 18, 2019 10:54 am